චීන දුම්වැටි ගෙන්වීම නවත්වයි
චීනයෙන් දුම්වැටි ආනයනය කිරීම නතර කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (02දා) තීරණය කර තිබේ.
මේ පිළිබඳ 'අද' කළ විමසීමකදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කර සිටියේ චීනයෙන් දුම්වැටි ආනයනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.
චීනයෙන් දුම්වැටි ආනයනය කිරීම නීතිගත කිරීම තුළින් බදු ආදායමක් රටට ලැබෙන බවට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ද අමාත්‍ය මණ්ඩලයේදී ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කළ බවත්, ඒ අනුව මුදල් අමාත්‍යවරයා චීනයෙන් දුම්වැටි ආනයනය කිරීම නතර කිරීමට තීරණය කළ බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කර සිටියේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන ප්රඥප්තියට 2017 වසරේදී අත්සන් කළ ශ්‍රී ලංකාව දුම්කොළ විරෝධී සම්මානය අවස්ථා 03කදී ලබාගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දුම්කොළ පාලන ප්රඥප්තියේ සඳහන් කරුණු 22 න් 20ක් ශ්‍රී ලංකාව සපුරා ඇති බවත්, ඒ අනුව එම වැඩපිළිවෙළ චීන දුම්වැටි ආනයනය කිරිම තුළින් ආපස්සට හැරවිය නොහැකි බවත් පැවසීය.

popular news
-
ශාන්ත ඩයස් Saturday, 06 July 2019 02:43 AM
චීන සිගරැට්ටුවක් බොන්න මාර ආසවක් තිබිබෙ....චික්...විතරක් ....විවෘත ආර්ථිකය නිසා මෙි රටට ආපු කුණු කන්දල් එක්ක කුඩු බඩු...කලු සල්ලි...පතාලේ...මොනවද මෙි පාලකයන් මෙි රටට කරේ..නහය ලගටම ණය බරින් මිරිකුණ..පරිසරය රට විනාශය මකරා ගෙනයන උන්ගේ ම හත්මුතු පරපුරටටම ගොඩයන මෙවන් රටක් කොහේ ඇද්ද....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

