saravita-anim2

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10601 hours ago

LATEST

ලංකාව - ජපානය ආරක්ෂක ගිවිසුමකට

calendar_today 2019 මැයි 08 - 23:01 remove_red_eye - 1075  

ශ්‍රී ලංකාව හා ජපානය අතර ආරක්ෂක සහයෝගීතාව සහා හුවමාරුව වර්ධනය කරගැනීම පිණිස අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මිල්ලනියේ පොදු ජන සේවා මධ්‍යස්ථානයේ භූමියක තාවකාලිකව ගහන ලද බංකුවක් මත තිබි ජිව උණ්ඩ තුනක් හමු වු බව මිල්ලනිය පොලීසිය පවසයි.

Read More

අප්‍රේල් 16 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරුපති වන්දනාවේ ගියේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (08දා) පෙරවරුවේ කල්මුණේ, සයින්දමර්දු ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සහ පළාතේ මුස්ලිම් තරුණ තරුණයන් හමු වෙමිනි.

Read More

වැඩි ජන සංඛ්‍යාවක් ජීවත්වීම හා සේවා සැපයිමී සඳහා ආවරණය කළ යුතු භූමි ප්‍රමාණය විශාල වීම, ප්‍රවේශ අපහසුතා යනාදී මහජනයා වෙත රාජ්‍ය සේවා සැලසීමේදී මුහුණදීමට සිදුවන දුෂ්කරතා මඟහරවා ගැනීම වෙනුවෙන් දැනට පවතින නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් ස්ථාපිත කර තිබේ.

Read More

කරුණාකරලා යන්න. දෙයියන්ගේ නාමෙට යන්න. පොඩි කැබිනට් එකකට ඉඩ දෙන්න. මාස 6කින් 7කින් ජනතාවට අවශ්‍ය ආණ්ඩුවක් පත්කරන අවස්ථාව දෙන්න

Read More

පාසල් තුළ සහ ඒ අවට ආරක්ෂක තත්ත්වයන් තහවුරු වී ඇති බව ආරක්ෂක මණ්ඩලය ප්‍රමුඛ ආරක්ෂක අංශ දැනුම් දීමෙන් පසු පසුගිය සඳුදා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.

Read More

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් පුළුල් අධ්‍යනයක් හා විමර්ෂණයක් කිරීමට ඉඩ සැලසෙන සේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි විපක්ෂනායක මහින්ද රාපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.

Read More

කෙසේ වෙතත් මේ සඳහා හේතු ලෙස ඔවුන් දක්වා ඇත්තේ සංචාරක කාල සීමාව අවසන්ව ඇති හෙයින් මෙම තීරණය ගත් බවයි. කෙසේ වෙතත් රුසියාව විසින් එරට ගුවන් සේවා වලට හෝ සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තහනම් කර නොමැත.

Read More

30 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා එංගලන්තයට ගොස් සිටින ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට දේශීය හා විදේශීය ආරක්ෂක නිලධාරීන් යොදවා විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇතැයි ක්‍රීඩා, විදේශ රැකියා සහ විදුලි සන්දේශ ඇමති හරින් ප්‍රනාන්දු මහතා පැවසීය .

Read More

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මඩකලපුවේ ආරම්භ කළ විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස එය ඉදිරියට කරගෙන යාමට අපේක්ෂා කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසිය.

Read More

මේ හරහා දුම්රිය ප්‍රවාහනය සඳහා ඇති මගී ආකර්ශනය වර්ධනය කිරීම, දුම්රිය වෙළඳපොළ කොටස ඉහළ නැංවීම, මාර්ග තදබදය අවම අවම කරමින් නාගරික ප්‍රදේශයන්හි තරඟකාරි සේවා, කර්මාන්ත හා සැපයුම් දාම වැඩිදියුණු කිරීමටද දායකත්වය ලබාදීමට අපෙක්ෂා කරයි.

Read More

අධිකරණ නියෝගයක් මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකුට ඇප ලබා ගැනීම සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා දීමට යෑමේදී, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු, ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (8දා) නියෝග කළේය.

Read More

මේ ගැන ආරක්ෂක මණ්ඩලයේදී 15 වතාවක් කථා කරලා තිබෙනවා. හැමවෙලාවෙම ජනපති උඩබලාගෙන හිටියලු උපදෙසක් දන්නේ නැතිව වහලෙ බලාගෙන.

Read More

1990 සුවසැරිය ජංගම ගිලන් රථ සේවාවේ ජංගම දුරකථන යෙදුම(ඇප් එක) හඳුන්වාදීම රාජගිරියේ පිහිටි සුවසැරිය ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේදී අද(08) පෙරවරුවේ සිදුවිය.

Read More

මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති මුස්ලිම් පල්ලියක් අසළ ඇති ළිඳකින් කඩු 46ක්, පතුරොම් පිරවූ කුඩා ප්‍රමාණයේ තුවක්කුවක් ඇතුළු උපකරණ රැසක් හමු වී ඇතැයි පොලීසිය පවසයි.

Read More

ත්‍රස්තවාදය මර්දනය කිරීමේ කටයුතුවල දී ප‍්‍රධාන අභියෝගයක් බවට සමාජ මාධ්‍ය පත්ව ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මේ රටේ ප්‍රධාන භාෂාවන් දෙකයි තිබෙන්නේ. ඒ සිංහල සහ දෙමළ. අපි ඉංග්‍රීසි භාෂාව සම්බන්ධීකරණ භාෂාවක් හැටියට පාවිච්චි කරනවා. ඒ ඇරෙන්න මේ රට තුළ නොයෙක් ස්ථාන වල වෙනත් භාෂාවනුත් තිබෙනවා කියලා දැනගන්න ලැබෙනවා. ඒ තත්ත්වය විහිළුවක්. අන්න ඒ විහිළුව අපි නැවැත්විය යුතුයි’’යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි

Read More

සැකකරුවන් ඇප මත නිදහස් වීමේදී පොලීසියේ වරදක් සිදුව ඇත්දැයි විමර්ශන කිරීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත ආසන 33කින් යුත් සුඛෝපභොගී බස් රථ 53ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ඒ අනුව එළැඹෙන 13 දා සිට 15 දා දක්වා ඔහු චීනයේ සංචාරය කිරිමට නියමිතය.

Read More

ප්‍රතිත්‍රස්ත පනත සහන පැකේජයක් නොවන බවත් ඒ තුළ විදේශීය ත්‍රස්ත සංවිධාන සමග සම්බන්ධතා පවත්වන අය නීතිය ඉදිරියට ගෙන යෑමට අවස්ථාව මෙම පනත තුළ ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පසුගියදා ඕමානයේදී පැවැත්වුණු රාජ්‍ය මට්ටමේ සාකච්ඡාවක් සඳහා සහභාගි වූ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

Read More

මඩකලපුව කාත්තන්කුඩි පොලිස් වසමේ නව කාත්තන්කුඩි මෙට්රෝ ලි මෝල ගිනි ගැනිමෙන් මහා පරිමාණ දැව හා ඒ සඳහා භාවිතා කරන යන්ත්‍රෝපකරණ අද උදෑසන ගිනිබත් වූ බව දැකගන්නට ලැබුණි.

Read More

සිරියාවේ අයි.එස්.අයි.එස්. පුහුණුව ලැබූ ඇතැම් පිරිස් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වි නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

දඹුල්ල උළුකැටවැව ප්‍රදේශයේ දඹුලු ඔයේ තිබූ පිස්තෝල සඳහා භාවිතා කරන ජිව පතුරම් හයක් සහ ගුවන් යානා නාශක පතුරම් දෙකක් ඊයේ (07) පස්වරුවේ සොයා ගත් බව ගල්කිරියාගම පොලීසිය පවසයි.

Read More

පසුගිය දිනයන්හි ආන්දෝලනයකට තුඩු දුන් මෙරටට පිටුවහල් කර සිටින පාකිස්ථාන ජාතිකයින් පිරිසක් අම්බලන්තොට රුහුණු රිදීයගම රජයේ පුනරුත්තාපන නිවර්තන රැඳවුම් කඳවුරට යොමු කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළකිරීමක් ලෙස අම්බලන්තොට නගරයේ සියලු කඩසාප්පු වසා කලු කොඩි ඔසවා අද (8) හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි .

Read More

මාතලේ, වරකාමුර ප්‍රදේශයේ ඊයේ (07) දා රාත්‍රියේ ඇතිවු ගැටුමින් පසු ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

පස් කන්දක් කඩා වැටී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි. පේරාදෙණිය රණබිම ප්‍රදේශයේ පඩි පේළියක් සකස්කරමින් සිටි කම්කරුවන් දෙදෙනෙකු මතට පස් කන්දක් කඩා වැටී මෙසේ ඔවුන් ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.