ටි.එන්.එ මන්ත්‍රී ශ්‍රීධරන්ගෙන් යුද හමුදාවට චෝදනා
යුද සමයේදී දෙමළ ජාතියම විනාශ කිරීමට දායක වූ යුදහමුදාව අද පාසල් ආරක්ෂාවට පෙනී සිටිමින් හොඳ නාමය ලබාගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (04) දින කිලිනොච්චිය පුනරින් පිරමන්දනාරු මහා විද්‍යාලයේ රුපියල් ලක්ෂ 84ක වියදමින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසා සිටියේ,
‘අද මම මේ පාසලට එන විට මාර්ගයේ ඉදිරියෙන්ම සිටියේ යුද හමුදාව. මේ වෙනකොට දකුණේ බෝම්බ පුපුරපු තැන්වල නෙමෙයි යුද හමුදාව ආරක්ෂාවට දාල තියෙන්නේ. මේ වගේ පළාත්වල සාමාන්‍ය පාසල්වලට යුද හමුදාවෙන් දාලා ළමයි ආරක්ෂා කරනවා කියල හොඳ නම ගන්න තමයි දාලා තියෙන්නේ.
මේ නිසා මම මේ දරුවන්ගෙන් අහන්නේ ඔයාල ඔයාලගේ අම්මලා තාත්තලාගෙන් අහල බලන්න අපේ තාත්තලා කීදෙනෙක් මැරුවද, සහෝදරයින් කීදෙනෙක් මැරුවද, දෙමළ ජාතියම විනාශ කරන්න ගිය අය දැන් හොඳ අය වගේ රඟපාමින් ඉන්නවා. ඒ වගේම දෙමළ වචනයක්වත් දන්නේ නැති මේ අය කොහොමද දෙමළ ජනතාවට සලකන්නේ උදවු දෙන්නේ.

popular news
-
dayan Friday, 05 July 2019 04:27 PM
මෙයා මැරිලා ඉපදිලා වගෙයි
Reply : 0 0
shan Saturday, 06 July 2019 12:01 PM
සිංහල මුස්ලිම් ජතීකයන් පවුල් පිටින් ගම්මාන පිතින් කපා කොට ගතය කල කොටි සන්විදනයට උද ගෙඩි දුන් හා ඔඋන් සමග සිංහල මුස්ලිම් ජතීකයන් සමුල ගතනයට සියලු උපකාර කල මේ අමනය අද සිංහල පාසල් ආරක්ෂා කරන එක ගැන හොද නමක් ගැන කතා කරනවා මු සහ ඔය දේසපාලන කණ්ඩයක් විසින් දමිල වැසියන් පවා ගාතනය කරන්න කොටින්ට උපකාර පහසුකම් සැපයුවා අද දෙමිල චන්ද කඩ ගන්න කිබුල් කදුළු හෙලනවා දහස් ගන්න දමිල වැසියන් කොටි ගතය උන අවදියේ මොඋන්ගේ පවුල් පිති අදටත් යහතින් සිටින්නේ කොටින්ගේ සහචාරය වීම හා කොටින්ට උදවු කල උන් නිසයි දමිල ජනතාව මොඋන්ව ප්‍රතිෂේප කල යුතුය මතු දිනක දමිල ජාතිය වනසන්නේ මොඋන්මය දමිල ජනතාව සොයා බලන්න දහස් ගනනක් කොටි සන්විදනයට බලෙන් බදවා ගත දමිල දරුවන් අතර මොඋන්ගේ පරම්පරාවක් එකේවත් ඉන්නවද මිය ගියද කියල මුන් මුන්ගේ දරුවක් සුර සැප දෙමින් අහිංසක සිවිල් වැසියන්ගේ දරුවන් යුද්ධයට බිලි දුන්නා අද බොරු කයිවාරු ගහනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

