සෝෆා , ඇක්සා හා මිලේනියම් කෝපරේසන් ගිවිසුම් ගැන විපක්ෂනායකගේ අවධානය
වත්මන් රජය ඇමරිකාවත් සමඟ අත්සන් කිරීමට සැරසෙන සෝෆා ගිවිසුම, ඇක්සා ගිවිසුම හා මිලේනියම් කෝපරේෂන් ගිවිසුම් නිසා රටට අත්විය හැකි ප්‍රතිවිපාක පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට හා ඒ පිළිබඳව සාකච්ඡා කිරිමක් සිදු විය.
ඒ ඊයේ (4) විජේරාම නිල නිවසේදීය.
එහිදි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කියා සිටියේ මෙම ගිවිසුම් අත්සන් කිරීම මඟින් මිලියන 2.9 වන ඇමරිකානු හමුදාවට ඕනෑම මොහොතක විසා හා ගුවන් ගමන් බලපත්‍ර නොමැතිව ලංකා භූමියට ඇතුල්විය හැකි අතර යුද හමුදා ඇඳුම් වලින් සැරසී ආයුධ සන්නද්ධව ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ගමන් කිරීමේ හැකියාව මෙයින් ඔවුන්ට ලැබෙන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ කිසිදු නීතියකට ඔවුන් යටත් නොවන අතර රේගු ගාස්තු වලින් තොරව ඕනෑම භාණ්ඩයක් ලංකාවට ගෙන ඒමේ අවස්ථාවද හිමි වේ. ඔවුන් මෙම භූමියේදී නීතිවිරෝධී යම් කටයුත්තක යෙදුණහොත් බලපාන්නේ මෙරට නීතිය නොවන බව පෙන්වා දෙන ලදී. ත්‍රිකුණාමලය හා කොළඹ අතර ඇති කිරීමට යෝජිත ආර්ථික කලාපය නිසා ශ්‍රී ලංකා භූමිය දෙකඩ වීමට ඉඩ තිබෙන බවද වැඩිදුරටත් පැවසීය.
වසර 30ක යුද්ධයක් පැවති කාලයේදීවත් රට දෙකඩ කිරිමට ඉඩ නොදුන් අපි රටේ ආර්ථිකයට, ජාතික ආරක්ෂාවට කෙලින්ම බලපාන මෙවැනි ගිවිසුම් වලට එළඹීමට ඉඩ නොතබන බවත් රාජ්‍ය තාන්ත්‍රිකව මෙවැනි ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරන බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසූ අතර ජාතික වැදගත්කමක් ඇති මෙවැනි ප්‍රශ්න වලදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් ලබාදීම අපට වඩාත් වැදගත් බවද පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, අනුරාධ ජයරත්න යන මහත්වරුන් හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුවේ නියෝජිතයින් එක්වූහ.

popular news
-
piyal Saturday, 06 July 2019 09:43 AM
චන්දෙට තුරුම්පු හොයනවා වගේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

