saravita-anim2

2026 මැයි මස 06 වන බදාදා

2026 මැයි මස 06 වන බදාදා

Latest News - timelapse 10447 hours ago

LATEST

රු බි 3.6කින් යාපනයට ගඟක් තැනීමට කිරිමට කැබිනට් අනුමැතිය

calendar_today 2019 ඔක් 16 - 09:58 remove_red_eye - 1949  

යාපනය අර්ධද්වීපයට ගංඟා නොමැති වීම හේතුවෙන් හා එහි ජල හිඟය මඟහැරවීම ප්‍රධාන අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කොකෙන් ග්‍රෑම් 690ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම හා සිය සන්තකයේ තබා ගැනීම වෙනුවෙන් වරදකරු වූ බ්‍රසීල ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට මීගමුව මහාධිරකරණය නියෝග කළේය.

Read More

ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින් ඉල්ලා සිටින පරිදි ඔවුන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව සැලසීමට ජනාධිපතිවරයා ආරක්ෂක අංශ ප‍්‍රධානීන් දැනුවත් කර තිබේ.

Read More

විශ්‍රාම යන ජනපතිවරයෙකුට ලබාදෙන සියලු වරප්‍රසාද වලට අමතරව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනට භාවිත කරන කොළඹ මහගම සේකර මාවතේ පිහිටි නිල නිවසද ඔහුට ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

සිංහල ලේඛකයන්ගේ සාහිත්‍ය කෘති දෙමළ භාෂාවට හා දෙමළ ලේඛකයන්ගේ කෘති සිංහල භාෂාවටත් පරිවර්තනය කොට පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කරන ලද බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පොහොට්ටුව සමග එකතුවීමක් සිදු නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.

Read More

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පුත්තලම ආසන සංවිධායක, පොල් සංවර්ධන හා වතු සංවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනි පෙරේරා සහ නැගෙනහිර හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගල්ලාගම යන මහත්වරුද සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දීම සඳහා පැමිණ සිටියහ.

Read More

සැමට සමානව සෞඛ්‍ය සේවාව ලබාගැනීමේ අයිතිය තහවුරු කරමින් නිදහස් සෞඛ්‍ය සේවය ස්ථාපිත කිරීම තම අරමුණ බව ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

අපේ ආණ්ඩුව එන්නේ උගත්, අලූත් තරුණ පරපුරක් සමග රටේ පවුල් පනස්පන් ලක්‍ෂයක් රජ කරවිමට බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කරයි.

Read More

මුලතිව්,මාන්කුලම පනික්කන්කුලම ඔය අසබඩ ප්‍රදේශයේ තිබි ප්‍රාග් මානවයා භාවිතා කළ ගල් ආයුධ කිහිපයක් ඇතුළු පැරණි නටබුන් කිහිපයක් හමුවු බව යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ‍මහාචාර්ය පරමු පුෂ්පරත්නම් මහතා පැවසීය.

Read More

දේශපාලනයටද හෙරොයින් ජාවාරම්කරුවන් පැමිණ සිටින බවත් ත්‍රස්තවාදය මෙන්ම හෙරොයින් ජාවාරමද ලංකාවෙන් තුරන් කරන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (15) ප්‍රකාශ කළේය.

Read More

මන්නාරම මුහුදු සීමාවේදී අයිතිකරුවන් නොමැතිව පාවෙමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 86 ග්‍රෑම් 520 ක් තිබි නාවික හමුදාව විසින් ඊයේ (14) සවස අත්අඩංගුවට ගෙන ඇත.

Read More

එළඹෙන ඔක්තෝම්බර් 17 වනදා ජාත්‍යන්තර ගුවන්තොටුපලක් වශයෙන් විවෘත කිරිමට නියමිතව ඇති පලාලි ගුවන්තොටුපල වෙතට අද (15) දහවල් ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයක් පරික්ෂා කිරීමේ ගුවන් ගමනක් වශයෙන් ළඟා විය.

Read More

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වි සිටින සියලුම අපේක්‍ෂකයන්ට භාරදීම සඳහා දෙමළ ජාතික සන්ධානය හා සී.වී.විග්නේශ්වරන්ගේ පක්ෂය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්‍ෂ 5ක් සරසවි සිසුන් විසින් පිළියෙල කරන ලද යෝජනාවලි සන්දේශයකට එම දේශපාලන පක්‍ෂවල නායකයින් විසින් අත්සන් කොට ඇත.

Read More

එම රූපවාහිනී ආයතන ජනාධිපති අපේක්ෂකයන්ට ලබාදෙන ගුවන් කාලයන් සම්බන්ධව දිනපතා නීතිඥයන් කණ්ඩායමක් යොදවා සොයා බලමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඔක්තොබර් 31 දා සහ නොවැම්බර් 01 දා යන දිනයන් හි සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ (සැළසුම්) චන්න පී. ද සිල්වා සඳහන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

එළැඹෙන ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

යුද්ධයේදී යුද හමුදාවට නායක්තවය දුන්නේ තමන් හෝ තම සහෝදරයා (හිටපු ජනපති මහින්ද රාජපක්ෂ) නොව එවක යුද හමුදාපති (එවක යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා) බව හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

අපි රටේ තිබුණ තිස් අවුරුදු යුද්ධය නිම කර බවත් අඩුම ගාණේ බිම් බොම්බයක්වත් නැති ලස්සන රටක් භාරදුන්නත් පසුගිය අප්‍රේල් 21 දා පාස්කු බෝම්බ ප‍්‍රහාරයෙන් 300 ගණනකට ජිවිත නැතිවුණා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

පොහොට්ටු පිපිලා පරවෙලා යනවා අන්න ඒක තමයි මේ ඡන්දෙදිත් වෙන්නේ යැයි විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

මෙහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ එය නිවරදි කිරීමට කටයුතු කරන බවත් ඒ ඒ පළාත්වල මන්ත්‍රීවරුන්ට මෙය වළක්වන ලෙසට උපදෙස් දී ඇති බවත්ය.

Read More

සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක අමාත්‍යවරයා ලෙසට පත්කරන බවට සිදුකල ප්‍රකාශය නිසා පොලිසිය කකුල් වෙවුලා සිටින බවත් හමුදාවටම බනින හිටපු හමුදාපති ආරක්ෂක ඇමති කරන බවට කළ කතාව කොතරම් වැදගත්ද කියා සිතිය යුතු බවද එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Read More

ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපති මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා පොලීතින් භාවිතා කරමින් පරිසරය විනාශ නොකිරිමට හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව එම මැතිවරණයක් පැවැත්විම සදහා ජනතා පෙත්සමක් අත්සන් කිරිම අද (15) දින මාතලේ ඔරලොසු කණුව ඉදිරිපිටදී සිදු කෙරුණි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතවරු 300ක්, සංවිධායකවරු 60ක් තවදින 3කින් අපේ වේදිකාවට ගොඩවෙනවා යැයි සෞඛ්‍ය , පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය (මෙම මස 27දා සිට නොවැම්බර් මස 01දා දක්වා) නැරඹීම සඳහා ක්‍රිකට් ලොක්කන්ට ප්‍රභූ පංතියේ ප්‍රවේශපත් 10ක් ලැබී ඇතැයි ’අද’ට වාර්තා වේ.

Read More

ආණ්ඩුවේ වැඩ කොටස තමන්ට හා ගෝඨාභය රාජපක්ෂ මහතාට බෙදා ගෙන ඉටුකළ හැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ලෝක සංචාරක සම්මාන උළෙලේ දී අඛණ්ඩව 3 වන වරටත් ඉන්දීය සාගර කළාපය වෙත මෙහෙයුම් සිදු කරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙසට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පත්ව තිබේ.

Read More

කොටකෙතන කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ නයනා නිල්මිණී හා කාවින්ද්‍යා චතුරංගි නැමැති මව හා දියණිය ඝාතනය කිරීමේ සිදුවීමේ චෝදනාවන්ට වරදකරුවූ ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා විසින් මරණ දඬුවම නියම කළේය.

Read More

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකපිට ඉන්දියාවේදී අත්අඩගුවට ගත් සැකකරු 127 දෙනා අතරින් යම් පිරිසක් ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය දියත් කළ සහරාන් හෂීම්ගේ දේශනා අසා රැඩිකල්කරණයට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

වර්තමානයේ මහා සංඝරත්නයටත් බුදු දහමටත් එල්ලවන බලපෑම නිසා තමන් සිටින්නේ සිංහල බෞද්ධ රටක දැයි ප්‍රශ්නකාරී වන තරමට රට අගාධයකට ගොස් ඇතැයි හිටපු කථානායකවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.