විශ්‍රාම යෑමෙන් පසු ජනපතිට STF ආරක්ෂාවක් හා දැන් සිටින නිල නිවසත්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්‍රාම යෑමෙන් පසුව ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විශ්‍රාම යන ජනපතිවරයෙකුට ලබාදෙන සියලු වරප්‍රසාද වලට අමතරව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනට භාවිත කරන කොළඹ මහගම සේකර මාවතේ පිහිටි නිල නිවසද ඔහුට ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් ඔහුට ඇති තර්ජන නිසා ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට නියමිතය.
popular news
-
Dayan Wednesday, 16 October 2019 08:08 AM
මෙයාල එන්නේ තමන්ගේ දේවල් උපරිමයෙන් කරගන්න. නැතුව මහජනතාවට කරලා දෙන්න නෙමෙඉ. මේකට කැබිනෙට් එකේ ඉන්න සේරම සපෝර්ට්. මොකද සමගියෙන් බෙදාගන්න. මේ දවස්වල අපිට කරලා දෙන්න කියල එන එකෙක්වත් සතයකට ගනන්ගන්න එපා. හොදින් හිතල රටට සාධාරණයක් කරලා දෙන කෙනෙකුට මිසක් චන්දෙ දෙන්න එපා. පක්ෂ වලට ගෙතී වෙන්න එපා.
Reply : 0 5
Champa Wednesday, 16 October 2019 10:04 AM
kkkkkkkkkkkkkkk හිනහත් ගියා මේක දැකල. හැන්ද අතේ තියෙනකොට යහමින් බෙදා ගැනීම අපේ දේශපාලකයන්ගේ උපන්ගෙයි පුරුද්දක්.
Reply : 1 8
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

