අපේ ආණ්ඩුව එන්නේ උගත්, අලූත් තරුණ පරපුරක් සමග රටේ පවුල් පනස්පන් ලක්ෂයක් රජ කරවිමට බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කරයි.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (14) දින නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජය තහවුරු කිරිමේ රැස්විමකට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"එළඹෙන නොවැම්බර් 16 වෙනිදා මේ රටේ හත්වෙනි ජනාධිපතිවරයා බිහිකරන මැතිවරණය පැවැත්වෙන බව ඔබ දන්නවා. මේ මැතිවරණය නිකම්ම නිකන් ජනාධිපතිවරණයක් නෙමෙයි. මේ මැතිවරණයෙන් තවත් මැතිවරණ ගණනාවකට මග පාදන සියලු මැතිවරණවල මවු මැතිවරණය තමයි මේ ජනාධිපතිවරණය.
මේ ජනාධිපති මැතිවරණයෙන් ජයගන්න පුද්ගලයාට පුළුවන් ලබන මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. එවිට පාර්ලිමේන්තු මැතිවරණය එනවා. ඒ විතරක් නෙමෙයි වසර එකහමාරක් තිස්සේ ඌව පළාත් සභාව ඇතුළුව පළාත් සභා මැතිවරණ කල් ගිහිල්ලා තිබෙනවා මැතිවරණ ක්‍රමයක් හදාගන්න බැරිව පාර්ලිමේන්තුවේ. එතකොට නව ජනාධිපතිට පුළුවන් එකපාරටම තියෙන පාර්ලිමේන්තුවෙන් හරි අලූත් පාර්ලිමේන්තුවට ගිහින් හරි පළාත් සභා මැතිවරණය පිළිබඳ අනපනත් ටික සම්මත කරගෙන පළාත් සභා මැතිවරණය තියන්න.
එහෙම නම් ජනාධිපතිවරණය ජය ගතහොත් ඒ ජයගැනීමෙන් ලබන සිංහල දෙමළ අවුරුද්ද එනකොට පළාත් සභාවත්, පාර්ලිමේන්තුවත් වෙනස් කරන ඒ මැතිවරණ දෙකම ජයගැනීමේ හැකියාව ලැබෙනවා. ලබන 16 වෙනිදා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ හංසයා ලකුණින් සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති උනහම පාර්ලිමේන්තුවත්, පළාත් සභාවත් මේ පැත්තට එනවා කියන එක සඳහන් කළ යුතුයි.
අපට පසුගිය පාර්ලිමේන්තුවේ 113 තිබුණේ නැහැ. ඒ නිසා අරයගේ මෙයාගේ ඉලක්කං ඉල්ල ඉල්ල අටවගෙන ආණ්ඩුව ගෙනියන්න සිදු වුණේ. සබරගමු පළාත් සභාව ඇතුළු ඒ පළාත් සභා තිබුණේ අපට විරුද්ධව. ප්‍රාදේශීය සභා තිබුණේ අපට විරුද්ධව. නමුත් අපි මේ ජනාධිපතිවරණය ජයගත්තහම මේ දේශපාලන සියලු කි‍්‍රයාදාමය උඩු යටිකුරු වෙලා අපට ශක්තිමත් පාර්ලිමේන්තුවක්, ශක්තිමත් පළාත් සභාවක්, අපේම ප්‍රාදේශීය සභාවක්, බිම සිට ඉහළටම අපේ නායකත්වයක් ගෙන එන්න හැකියාව ලැබෙනවා. වසර 5 කට යළි ඡන්ද නැති රට කරවන, රට ඉදිරියට ගෙන යන නව යුගයක් උදාවනවා කියන එක ඔබ තමුන්නාන්සේලා තරයේ හිතට ගන්න ඕනේ.
ඒ වගේම අපි මතක් කළ යුතුයි මේ මැතිවරණයේදී අපේ අපේක්ෂකයාට නොයෙක් අවලාද චෝදනා නගාගෙන යනවා. මොකද්ද මුලම කියන්නේ අපි දේශද්‍රෝහියෝ. රාජපක්ෂලා තමයි දේශපේ‍්‍රමි. මහින්ද මහත්මයාට ඔය සහෝදරවරු එකෙක් හිටියේ නැහැ අපි තමයි උසාවි ගිහින් 2005 ඡන්දේ අරගෙන දුන්නේ. පාර්ලිමේන්තුවේ ලක්ෂමන් කදිරගාමර් මහත්මයා අගමැති කරන්න යන වෙලාවේ මහින්ද මහත්මයා අගමැති කරන්න අවශ්‍ය ශක්තිය ලබාදීලා එතුමා ඔය තැනට ඔසවා තැබුවේ සහෝදර සමාගමෙන් නෙමෙයි. ඒ වගේම එතුමා 2005 දී කිවේ නැහැ යුද්ධ කරනවා, ප්රභාකරන් පරදනවා කියලා. එතුමා කිව්වේ ප්රභාකරන් සමග මුහුණට මුහුණ කතා කරනවා කියලා කිව්වේ. කිව්ව වගේම නිමල් සිරිපාල මහත්මයා ජිනීවාවලට ගෙනිහින් කතා කළා නේද? ඡන්දෙට කලින් බැසිල් රාජපක්ෂ හොර සාකච්ඡා පවත්වලා එල්.ටී.ටී.ඊ. යට සල්ලි දුන්න මතකද? යුද්ධ කරන්න තුන් හිතකවත් තිබුණේ නැහැ. මාවිල්ආරු සොරොව්ව වහපු වෙලාවේ අපි එතනට ගිහින් තමයි යුද්ධ කරන්න මහින්ද මහත්මයා පෙළඹෙව්වේ. පූසා නාවනවා වගේ හරි අමාරුවෙන් මහින්ද මහත්තයා යුද්ධයට තල්ලූ කළේ අපි. හැබැයි ඉතින් ජය ලැබුවට පස්සේ ඔක්කොම කීර්තිනාමය එතුමා ලබාගත්තා කමක් නැහැ, රටට සාමය ආරක්ෂාව ලැබුණා. අපි අහනවා එල්.ටී.ටී.ඊ යත් සමග කතා කරනවා කියලා යටින් සල්ලි දීලා ජනාධිපති හැටියට බලයට පත් උනාහමත් කොටින්ට සල්ලි දීපූ ඒ අයද දේශපේ‍්‍රමී, නැත්නම් මේ රට වෙනුවෙන් එදා ඉඳන්ම ත්‍රස්තවාදය පරාජය කරන්න කටයුතු කරපු අපිද දේශපේ‍්‍රමී කියන එක ඔබ තමුන්නාන්සේලා තීරණය කළ යුතුයි.
දැන් බලන්න ගෝඨාභය රජපක්ෂ මහත්මයාගේ පවුලමත්, බැසිල්මහත්මයාගේ පවුලමත් ඇමරිකන් පුරවැසියෝ. ගම ලොස් ඇන්ජලීස්, මැදමුදලන නෙමෙයි. ඒ වගේම ඇමරිකන් කොඩිය ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා දෙවියන් වහන්සේගේ නාමයෙන් ඇමරිකාව ආරක්ෂා කරනවා කියා. මෙහේ ඇවිත් පන්සල් ගානේ මල්වට්ටි අරගෙන යනවා. ගෝඨාභය ඇමරිකන් පුරවැසිකම අතඅරින්න කටයුතු කළේ මේ රටේ ජනාධිපතිවරණයට තරඟ කරන්නයි. ශ්‍රී ලංකාවේ ජනාධිපතිධූරයට පමණයි ඔහුගේ ඇමරිකන් පුරවැසිකම දෙවෙනි වුනේ. නමුත් අපට මේ රටේ ශ්‍රී ලාංකික පුරවැසිකම අපේ සියළු දෙනාටම ඉහළින් වටිනවා කියන එක මේ දේශද්‍රෝහීන්ට අපි මතක් කරනවා.
මේ රටට අද අවශ්‍යයි අලූත් ලේ. නව පුරපුරක් මේ රටට අවශ්‍යයි. ඒ නව පරපුර අපි ගොඩනගන්න අලූත් තරුණ කණ්ඩායමක් ඉදිරියට ගෙනයන්න ඕනේ. සජිත් පේ‍්‍රමදාස මහත්මයාට අවුරුදු 52 යි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අවුරුදු 70 යි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ රට තරුණ කරන්න බැහැ.
ගෝඨාභය, චමල්, මහින්ද රාජපක්ෂ මහත්වරු දැන් අතීතයට අයිති කට්ටිය. ඒ අයගේ එකම උවමනාව ඒ අයගේ එකම පවුල ඒ අයගේ පවුල විතරයි. ඒ අයගේ පවුලට විතරයි ඒ අය වැටුප් වැඩි කර ගත්තේ. සියලු වරදාන වරප්‍රසාද ඒ අයගේ පවුලට විතරයි. අපේ ආණ්ඩුව එන්නේ උගත්, අලූත් තරුණ පරපුරක් සමග රටේ පවුල් පනස්පන් ලක්ෂයක් රජ කරන්නයි කියන එක මේ අවස්ථාවේදී සඳහන් කළ යුතුයි.
සජිත් පේ‍්‍රමදාසට රකින්න පරපුරක් නැහැ. තර කරන්න බූදලයක් නැහැ. අපි මේ ආණ්ඩුවේ අඩුපාඩු කම් සිදුවුණා ඒ අඩුපාඩුකම් සියල්ලම එකට අරගෙන අලූත් තරුණ කණ්ඩායමක් සමග තමයි අපි ඉදිරියට යන්නේ" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි
