අපි රටේ තිබුණ තිස් අවුරුදු යුද්ධය නිම කර බවත් අඩුම ගාණේ බිම් බොම්බයක්වත් නැති ලස්සන රටක් භාරදුන්නත් පසුගිය අප්‍රේල් 21 දා පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් 300 ගණනකට ජිවිත නැතිවුණා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (15) මැල්සිරිපුර නගරයේ ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පැවැති රැස්විමකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රාජපක්ෂ මහතා,
අද මේ අතිවිශාල සෙනඟක් එකතුවෙලා ඉන්නේ ලබන 16 පැවැත්වෙන මැතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදෙන්නට කියලා මා කියන්නට කැමතියි. අද බොහොම පැහැදිලිව කියන්න ඕනේ පසුගිය අවුරුදු හතරහමාරේදි මේ රට ආපස්සට ගියා අපි එය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ රටේ ආර්ථිකයේ ඉදලා සියලූම කේෂේත්‍ර පසුගිය කාලයේදි පසුපසට ගියා මිස ඉදිරියට ආවේ නැහැ කියලා කියන්නට කැමතියි.
අපි රටේ තිබුණ තිස් අවුරුදු යුද්ධය නිම කරලා අඩුම ගාණේ බිම් බොම්බයක්වත් නැති ලස්සන රටක් භාරදුන්නා. හැබැයි පසුගිය අපි‍්‍රයේල් 21 දා පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් 300 ගණනකට ජිවිත නැති වුණා. ලංකාවේ පළමු වතාවට වෙසක් පෝයට මේ රටේ මිනිසුන් පන්සලට යන්න බය උනා. සිකුරාදා පල්ලියට යන්නත් මුස්ලිම් මිනිසුන් බය උනා. මේ රටේ ඉතිහාසයේ කිසිදිනක ආගමක් අදහන්න බය උන ඉතිහාසයක් සඳහන් වෙන්නේ නැහැ කියලා කියන්නට කැමතියි.
ඒ විතරක් නෙමේ අද පුවත්පත්වල රූපවාහිනියෙන් කියලා තිබුණා ආයෙත් බෝම්බ තොගයක් හමු උනා යාපනෙන් කියලා. ඊට කලිනුත් තැන් තැන්වල බෝම්බ හමුවුණා කියලා සඳහන් වුණා. මේ විදිහට රටම අස්ථාවර කරන්න මේ ආණ්ඩුව කටයුතු කලා. මේ ආණ්ඩුව බලයට ආවේ වැඩ කරන්න නෙමේ පළිගන්න. මෙයාලා හැම දේශපාලඥයෙකුගෙන්ම පළිගත්තා. ව්‍යවස්ථාව වෙනස් කරලා ජනපතිගේ බලතල කප්පාදු කරලා බලතල අතට ගත්ත රනිල් වික්‍රමසිංහ ගාව බලය භාගයක් ගත්තා. අරගෙන මොකද වුණේ මෙතන ජනපතිගාව බලතල වල භාගයක් තියෙනවා. අගමැතිගාව ඉතිරි භාගය තියෙනවා. මේ දෙන්නා එක්වෙලා වැඩකරන්නේ නැතිනම් රටකට ඉදිරි ගමනක් නැහැ කියන්නට කැමතියි. එතකොට කැඳ හැලියක් වගේ වෙනවා.
මේ ආණ්ඩුව පසුගිය කාලයේදි මහ බැංකුව හොරකම් කලා ඒ විතරක් නෙමේයි. මේ රටේ සම්පත් විකුණලා ඒවත් මංකොල්ල කෑවා. අපි මේ සම්පත් එකතු කරලා දුන්නේ මේ රටේ හෙට ඉපදෙන්න ඉන්න දරුවන්ගේ අනාගතයටයි. අවුරුදු පහකට මේ ආණ්ඩුව බලය අරගෙන අවුරුදු සිය දහස් ගණකට අපේ රටේ වැසියන්ට භුක්ති විදිමට තිබු සම්පත් ටික මේ කට්ටියට විකුණන්න කිසිම අයිතියක් නැහැ. එක මේ රටේ අනාගතයේ ඉපදෙන්නට ඉන්න දරුවන්ට කරන අපරාධයක්. ඒ අපරාධයට මේ අය වන්දි ගෙවන්න ඕනේ.
අප කරගෙන ආපු වැඩපිළිවෙල විනාශ කලා. අපි හිටියානම් 2018 දි අධිවේගි මාර්ගයේ වැඩ ඉවරයි. නමුත් කරුමේට තවම අධිවේගි මාර්ගයේ වැඩ අතරමග නතර වෙලා . මේක තමා මේ රටේ තත්ත්වේ. අධිවේගි මගේ වැඩ මුලක් අගක් නැති තත්ත්වෙට පත්වෙලා. මේ අධිවේගි මාර්ගයට බිලිවෙන මිනිස්සුන්ගේ ඉඩම් තුට්ටු දෙකට තක්සේරු කරලා කොල්ල කන්න පටන්ගෙන තියෙනවා . මේ වන්දි ක්‍රමය සම්පුර්ණ වැරදි වන්දි ක්‍රමයක් . අපි කියපු වන්දි ක්‍රමය නෙමේ අද මේ කුරුණෑගලට දෙන්නේ මිනිසුන්ගේ ඉඩම් ලබාගත්තානම් සාධාරණ වන්දියක් ලබා දියයුතු ක්‍රමවේදයක් තිබිය යුතුයි යැයි මේ වෙලාවේ අවධාරණය කර සිටිනවා.
