saravita-anim2

2026 ජුනි මස 22 වන සඳුදා

2026 ජුනි මස 22 වන සඳුදා

Latest News - timelapse 10283 hours ago

LATEST

අලුත්ම චිත්‍රපට හඬපට එළියට සලුපට අහසට - විමල්

calendar_today 2020 ජන 08 - 15:38 remove_red_eye - 1325  

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රධාන චරිතය රඟපාන අලුත්ම චිත්‍රපටයේ නම ‘හඬපට එළියට - සලුපට අහසට’ යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසී

රජයේ සියලු පාසල්, පිරිවෙන්, පෞද්ගලික පාසල් මෙන්ම ජාත්‍යන්තර පාසල්වල සිසුන්ටද ප්‍රතිලාභ හිමිවන අයුරින් ක්‍රියාත්මක වන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන අත්හිටුවා නැති බව ද, රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහන් පටු දේශපාලන අරමුණුවලින් බැහැරව අගය කරන අතර, එහි ගැටලු අක්‍රමිකතා ඇති තැන් වෙතොත් ඒවා ද නිවැරදි කර, ඉදිරියටත් ක්‍රියාවට නැංවීමට නොපැකිළව සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

Read More

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලෙයාන් නොහොත් සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන්ව පෙබරවාරි 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් මඩකලපුව දිස්ත්‍රික්ක මහේස්ත්‍රාත් මහාධිකරණයේ විනිසුරු එම්.වයි.එම් ඉස්සදින් නියෝග ක‍ළේය.

Read More

පසුගිය යහපාලන ආණ්ඩුවේ අධිකරණයේ ස්වාධිනත්වය අද රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයාගේ රෙද්ද පල්ලෙන් බේරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

කිලිනොච්චිය ආනන්දපුරම් ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් දරුවෙකු යොදාගනිමින් සූර්ය බලයෙන් ක්‍රියාකරණ පාපැදියක් නිපදවා ඇත.

Read More

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති විශේෂ කොමිසමේ නිලධාරින් වනාතවිල්ලුවට පැමිණ ලැක්ටෝ වත්ත සම්බන්ධ තොරතුරු ජනතාවගෙන් සහ රාජ්‍ය නිලධාරින් රැසකගෙන් ඊයේ ( 7 ) දින ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ .

Read More

මේ වන විට ගල්ෆ් කලාපයේ ඇතිව තිබෙන උණුසුම්කාරී තත්ත්වය අනුව කොළඹ- ලන්ඩන්- කොළඹ ගුවන් ගමන් සිදුකිරීමේදී ඉරාක හා ඉරාන ගුවන් සීමා අත්හරිමින් පියාසර කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.

Read More

ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, සේවය අත්හිටුවා ඇති ශානි අබේසේකර මහතාට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

එළැඹෙන 10 දා පැවැත්වීමට නියමිත පොලිස්පති සහන දිනය නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශ්ව 03ක් නඩු පැවරීමට තීරණය කර තිබේ.

Read More

ඒ අනුව 1907 අංක 19 දරන විවාහ (සාමාන්‍ය) ආඥා පනත, 1952 අංක4 4 දරන විවාහ හා දික්කසාද (උඩරට) ආඥා පනත, 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත යන පනත් ත්‍රිත්වය සංශෝධනය කිරීමට අදාළව මෙම පනත් කෙටුම්පත් ඉදිරිපත් කරනු ලැබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවස තුළ තිබී සොයාගත් සංයුක්ත තැටිවල අඩංගුව කරුණු පිළිබඳව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

මේ දිනවල රට තුළ බොහෝ ප්‍රදේශවල වැසි රහිත උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පොලිස්පති තනතුර සඳහා පොලීසියේ ඉහළම නිලධාරීන් දෙදෙනෙකු අතර තරගයක් ඇතිව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.

Read More

ලෝකේෂ් රාහුල් හා ෂිකර් ධවාන් පළසු කඩුල්ලට පන්දුවාර 9.1 කදී ලකුනු 73 ක සබඳතාවක් පැවැත්වීය. එහිදී ලෝකේෂ් රාහුල් ලකුණු 45 ක් රැස් කලේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු සියලු ප්‍රගතිශීලී යෝජනා ඉදිරි අයවැය තුළදී ඉදිරිපත් කළහොත් ඊට උපරිම සහාය දීමට තමන් සූදානම් යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

Read More

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා තමන්ව ඝාතනය කිරිමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

Read More

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමන්ගේ දුරකථනයට පැමිණි ඇමතුම් පටිගත කර සංයුක්ත තැටිවල තබා ගැනීම හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ රෙදි ගැලවී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

රන්ජන් ගේ සංයුක්ත තැටි පොලීසිය භාරගෙන ඇතත්, මේ වනවිට පොදු දේපළක් බවට පත්වෙලා

Read More

දේශපාලන පළිගැනීම් සඳහා සම්බන්ධ පාර්ශ්ව පිළිබඳ විමර්ෂණ කටයුතු කිරීම සඳහා ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලෙස මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතාට අද (07දා) දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.

Read More

2020 වසර වෙනුවෙන් රජයේ සියලු පාසල් සහ පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් තිළිණපත් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාත් කෝලි මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.

Read More

වර්ෂ 2002 සිට 2010 දක්වා වූ කාලය තුළදී බිලියන 6,600ක බැඳුම්කර විකුණා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07දා) පැවසීය.

Read More

ශානි අබේසේකර මහතාට ඇති චෝදනා සම්බන්ධයෙන් වහාම මූලික විමර්ශනයක් සිදුකර සති දෙකක් ඇතුළත ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත වාර්තා කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට පොලිස් කොමිෂන් සභාව දැනුම් දී ඇත.

Read More

කොළඹ, මහනුවර ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව micro-scale plastic ඝනයට අයත් වන නැනෝ ප්ලාස්ටික් අංශු විශාල ප්‍රමාණයක් ව්‍යාප්ත වී තිබෙන බවත් මේ හේතුවෙන් ඉදිරියේ දී බරපතල සෞඛ්‍ය අවදානමක් මතුවිය හැකි බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඒ. පිටවල මහතා පවසයි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read More

දේශිය හා විදේශිය සංචාරකයින් වැඩි වශයෙන් නැරඹිමට පැමිණෙන ගාලු මුවදොර පිටිය සහ වෙරළ තීරයට පොලීතින් හා ප්ලාස්ටික් වලින් සිදුවන පාරිසරික හානිය ඉතා විශාල වන අතර, ඒ සඳහා විසඳුමක් ලෙස නිර්මාණාත්මක හා ආකර්ෂණීය කසල බදුන් ස්ථාපිත කිරිමට අද (7) නාවික හමුදාව කටයුතු කරන ලදි.

Read More

කුරුණෑගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගල්ල පාරට හැරෙන හංදියේදී බස් රථයක්, බවුසර් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 10ක් පමණ තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.