රංජන්ගේ හඬපට ගැන විශේෂ විමර්ශනයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවස තුළ තිබී සොයාගත් සංයුක්ත තැටිවල අඩංගුව කරුණු පිළිබඳව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මීට අමතරව මේ දිනවල මාධ්‍ය හරහා ප්‍රචාරය වන හඬවට පිළිබඳවද පොලිසිය අවධානය යොමුකර තිබේ. එසේම පොලිස් භාරයට ගත් හඬපටවල සඳහන් සංවාද හා මාධ්‍ය මගින් ප්‍රචාරය වන සංවාද සමානද යන්න පිළිබඳවද පොලීසියේ අවධානය යොමුව තිබේ.
සංයුක්ත තැටිවල සඳහන් කරුණු පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට පොලිස්පති විසින් ලබාදුන් උපදෙස්වලට අනුව මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
-
Champa Wednesday, 08 January 2020 09:32 AM
නිගමන වලට එළඹෙන්න පුළුවන් විදිහේ තොරතුරු දැන් එලියට ඇවිල්ල තියෙනවා. එකක් තමයි පොලිසිය ගෙදරට කඩා වදින බව රන්ජන් දැන හිටිය කියන එක. මුළු ජවනිකාවම කලින් සූදානම් කරන් හිටපු නාටකයක්. ඒ එක්කම ආපු කතා වලින් එකපාරට හිතෙන්නේ මේක කෙරුවේ දුමින්දව එලියට ගන්න කියල. හැබැයි ඊටත් පස්සේ එලියට ආපු දේ කියන්නේ වෙනස් භයානක කතා දෙකක්. එකක් තමයි මේක ලොකු නාටකයක් වගේ දිනපතා ඇදගෙන ගිහින් මිනිස්සුන්ගේ ඇස වහල යූ ටර්න් ජනාධිපති එම්සීසී ගිවිසුම අත්සන් කරන්න හදනවා කියන එක. මේ නාටකයේත් තිරපිටපත අර නාමල් කුමාරගේ එකට සමානයි. නිර්මාතෘත් එකමද දන්නේ නැහැ. නාමල් කුමාර කිව්වෙත් තමන් ඒ සංවාද පටිගත කළා කියල. හැබැයි ඇත්තටම වුනේ ටෙලිෆෝන් ටැප් කරපු වෙන පිරිසක් ඔහුට ඒ හඬ පට සහිත සීඩී තැටි දීම. අනික තම්යි එක ලක්ෂ විසිදාහක් හඬපට තියෙනවලු. හැබැයි රන්ජන් අල්ලලා දවසෙන් කොහොමද ඒ එක්ලක්ෂ විසිදහ අතරින් හරියට දුමින්ද ගැනයි ශානි ගැනයි මහින්දානන්ද ගැනයි තුනක් එලියට ආවේ? පැහැදිලිවම මේ හඬපට වෙන පිරිසක් අහල තියෙනවා සහ පටිගත කරලා තියෙනව රන්ජන්ගේ ගෙදරට පොලිසිය යන්න කලින්. මේක භයානක මේ විදිහට හැමෝගෙම ටෙලිෆෝන් ටැප් කරලා ඇති නිසා. දඩයම් මැදිරියක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

