saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 1428 hours ago

LATEST

පහත් මට්ටමට නොවැටෙන ලෙස අපේක්ෂකයන්ගෙන් කොමිසමෙන් කළ ඉල්ලීම

calendar_today 2024 නොවැ 07 - 16:00 remove_red_eye - 360  

එළැඹෙව 11 වැනිසා මධ්‍යම රාත්‍රියෙන් මහ මැතිවරණයට අදාළ ප්‍රචාරන කටයුතු අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

වී අලෙවි මණ්ඩලය විසින් 2021/2022 මහ කන්නයේ දී වි අස්වනු මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් ලබා ගත් ණය මුදලින් 2023 වර්ෂයේ සැප්තැම්බර් මස 20 වන දින වන විටත් රුපියල් තිස් හත්කෝටි විසි හතර ලක්ෂ අට දහස් හැට හතක මුදලක් ලංකා බැංකුවට (372,408,067) ගෙවීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය ම`ගින් නොවැම්බර් මස 05 වන දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙස් කණ්ඩායම ඊයේ (06දා) සමත් විය.

Read More

විශ්ව විද්‍යාල සඳහා 2022/2024 සහ 2021/2022 අධ්‍යයන වර්ෂ 02 සඳහා සිසුන් ඇතුළත් කිරීමෙන් පසු පැවති පුරප්පාඩු වෙනුවෙන් නැවත සිසුන් ඇතුළත් කිරීමට කටයුතු කර නොතිබීම හේතුවෙන් එම අධ්‍යයන වර්ෂ දෙකේ දී පමණක් සිසුන් 2941 විශ්ව විද්‍යාල ප‍්‍රවේශය එම සිසුන්ට අහිමි වී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නොවැ. මස 05 වන දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලය ලබා ගත්තේ වැට් අඩු කරනවා කියලා. බදු අඩු කරනවා කියලා. සහනාධාර දෙනවා කියලා .ඉන්ධන මිල අඩු කරනවා කියලා. නමුත් මේ වනතෙක් ඒවා කිසිවක් කෙළේ නැහැ. ඔහු රට හමුවේ තිබෙන සැබෑ ප්‍රශ්නය වන ආර්ථික අර්බුදය ගැන කතා කරන්නේ නැහැ. . ඔහුට මා කියනවා රටේ සැබෑ තත්ත්වය වසන් කරලා සිල්ලර දේශපාලනයක් කිරීමෙන් වැඩක් නැහැ කියලා. එයින් සිදු වන්නේ රට තවත් අගාධයට ඇඳ වැටීමයි. ජාතික ජන බලවේගයට ජන්දය දුන් ජනතාවට මේ බව දැන් වැටහෙන්නට පටන් ගෙන

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ යළි ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (07දා) අධිකරණය නියෝග කළේය.

Read More

ජාතික ජනබලවේගය නියෝජනය කරන වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා කලුතර දිස්ත්‍රක්යේ හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරැන්ට අභියොගයක් කරමික් මෙසේ කියා සිටියේය.

Read More

පැවති මැතිවරණ වලට සාපෙක්ෂව 2024 මහ මැතිවරණයේ ලැබෙන පැමිණිලි වල අඩුවක් ඇති බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පසුගිය දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ පිරිස් සඳහා අද (07දා) සහ හෙට (08දා) තැපැල් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මේ අනුව මෙම දින 02 තුළදී තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකිය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳව බ්‍රිතාන්‍ය රජය අගය කරන බවත්, වංචා දූෂණවලින් තොර රටක් බිහි කිරීමේ රජයේ වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීම සහ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් බවත් ඇන්ඩෲ පැට්‍රික් මහතා මෙහිදී අවධාරණය කළේය.

Read More

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයා ගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හැකියාව ලැබී තිබේ.

Read More

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ.

Read More

2024-2025 ශ්‍රි පාද වන්දනා වාරයේදි නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවි කිරිම, රැගෙන යාම සහ දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවිය සපුරා තහනම් කිරිමට ශ්‍රි පාද කම්ටු රැස්විමේදි (05) දින තිරණය කල බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසිය.

Read More

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

Read More

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය සදහන් කරයි.

Read More

වර්ණකයක් අදාළ ඇළමාර්ගය වෙත මුදාහැරීම හේතුවෙන් ඇළ මාර්ගයේ ජලයේ වර්ණය මෙලෙස වෙනස්වී ඇති බව මෙම ක්‍ෂේත්‍ර පරීක්ෂණයේ දී අනාවරණ විය.

Read More

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු විශේෂ ව්‍යාපෘතියක් ලෙස ඉතා කඩිනමින් අවසන් කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් දී තිබේ.

Read More

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්නප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු රුපියල් කෝටි ගණනක් වටිනා මිට්සුබිෂි මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප්රියක් සැකපිට අත්අඩංගුවට ගත බව තෙල්දෙණිය පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට වරදකරුවන් බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඔවුන්ට වසර 35 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (06) නියම කළේය.

Read More

බඩ ඉරිඟු මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුවූ මුදල් වංචාවකට අර්ජුන් ඇලෝසියස් අනුරාධපුර බන්ධනාගාරයට රැගෙන ආබව වාරථාවෙයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

මව්වරු වඳ කළ බවට චෝදනා කරමින් වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතාට එරෙහිව පවරා තිබූ නඩුවේ සියුළු චෝදනා වලින් ඔහුව නිදහස් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (06දා) නියෝග කළේය.

Read More

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන් මේ රෝග අවදානම් සතුන් ලෙසත් ප්‍රකාශයට පත් කරමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අඅබේරත්න කොතලාවල විසින් දෙවන වතාවටත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ලොව පුරා එළඹී තිබෙන ශීත ඍතුව වෙනුවෙන්රු සියාවේ සිට අසූර් ගුවන් සේවයේ ( Azur Air ) පළමු ගුවන් යානය (Inogaral Flight ) එරට සංචාරකයන් පිරිසක් රැගෙන 11/06 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ 225ක බලය කිසිවෙකුට ලබා නොදෙන බවත් මහ මැතිවරයේදී ශක්තිමත් විපක්ෂයක් සෑදීම වෙනුවෙන් ජනතාව චන්දය ලබා දීම සදහා ජනතාව සූදානමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

2024 අමෙරිකානු ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර තිබේ.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන් එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිත දෙක නම් කර තිබේ.

Read More

ඉදිරියේදී සියලුම හිටපු ජනාධිපතිවරුන්ට සමානුපාතික ක්‍රමයට ආරක්ෂාව සැපයීමට කටයුතු කරන බවත්, විශේෂ ආරක්ෂාවක හිමි විය යුතු ජනාධිපතිවරුන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.