ඇල්පිටිය මගුරුකඩුව ඕලුවල තේ ඉඩමක ඇළ අසල තිබී මිනිස් හිස් කබලක් සහිත ඇටකටු කැබලි ඊයෙ (21) සොයා ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
හිස් කබලක් සහිත ඇටකටු කැබලි කිහිපයක් තේ ඉඩමක් අසල පිහිටි ඇල අසල තිබෙන බවට ඇල්පිටිය පොලිස් ස්ථානය වෙත ලද තොරතුරකට අනුව සොයා ගැනීම සිදුකර තිබේ තිබේ.
මේ පිළිබදව සොයා බැලිමේදි, මීට වසර 2 පමණ කාලයක සිට සිය බිරිඳගෙන් හා දරුවන්ගෙන් වෙන්ව හුදකලා ඇල්පිටිය වල්අඹගල ප්රදෙශයේනිවසක තනිව අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිව සිහිමද සිටි අනිගිපුර වනිගරත්න නොහොත් බැසිල් නැත්තාගේ මළ සිරුර ලෙසට සැකකරන බව ද පොලීසිය කියයි
මේ පුද්ගලයා දිනපතා පරිහරනය කරන ලද අත් බෑගය සහ අවසන් වරට ඇඳ සිටි ඇඳුම් ඒ අසන්නයේ තිබියදි සොයා ගෙන ඇති අතර ඒ අනුව මෙම හිස් කබල බැසිල් යන අයගේ බවට පොලිසිය විසින් සැකපල කරනු ලබයි.
ෙමේ සම්බන්ධයෙන් ඇල්පිටිය මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කිරිමට නියමිතව ඇති අතර ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරමින් පවති.