saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 9673 hours ago

LATEST

මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

calendar_today 2020 මාර් 26 - 18:22 remove_red_eye - 980  

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

ජනාධිපතිතුමා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම් බලය දැන් ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරේ.

Read More

සියලු ප්‍රවාහන කටයුතු ඇනහිට ඇති පරිසරයක් තුළ තවදුරටත් තැපැල් මෙහෙයුම් කටයුතු පවත්ගෙන යාම දුෂ්කර වූවහොත් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තැපැල්පති නිවේදනයක් නිකුත් කර ඇත.

Read More

වර්ගීකරණයකින් තොරව සමෘද්ධිලාභීන්ට පොලී රහිත අත්තිකාරම් මුදලක් ලබාදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

(LONG READS) COVID-19 වෛරස ආසාදනයක් සම්බන්ධ පරීක්ෂා කිරීම් සිය රෝහල් හරහා සිදු කිරීම පිළිබඳව පෞද්ගලික රෝහල් මීට පෙර දැක්වූ උනන්දුව මේ වනවිට යම් තරමකින් පහව ගොස් ඇති බව නිරීක්ෂණය වී තිබේ. විශේෂයෙන්ම මෙම පරීක්ෂාවන් සඳහා අය කළ යුතු ගාස්තුව සම්බන්ධයෙන් රජය මිලක් නියම කිරීම ඊට හේතු වූ බවට විශ්වාස කළ හැකි බව බොහෝ දෙනාගේ අදහස වී ඇත.

Read More

කොරෝනා අසාදිත වුවන් අද (26) දිනයේ ප.ව 4.45 වන විටත් කිසිදු අයෙකු වාර්තා නොවු බව දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

Read More

වෛරසය ආසාදිතයන් 56,188ක් මේ වනවිට රට තුළ වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.

Read More

දිවයින පුරා පිහිටි සියලුම නිදහස් වෙළඳ කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබේ.

Read More

කෝවිඩ් - 19 වෛරසය වැළදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් සිව්දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම පිළිබඳව පිහිටුවා ඇති සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් පරිත්‍යාග කර තිබේ.

Read More

කොවිඩ්-19 හමුවේ මිලියන 800ක ජනතාවකට සෑම මාසයකම සහල් හෝ තිරිඟු කිලෝ ග්‍රෑම් 5ක් ඉදිරි මාස තුනට නොමිලේ.

Read More

ප්‍රධාන නළ මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 1, 2 3, 6, 7, 8, 9,10, 11, 12 සහ 13 ප්‍රදේශයන්ට අද රාත්‍රී 10 දක්වා ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.

Read More

ක්‍රිකට් ක්‍රීඩාවට විරාමයක් ලැබී ඇත්තේ කිසිවකුත් අපේක්ෂා නොකළ ආකාරයකිනි.

Read More

කොළඹ නගරයේ වායු දූෂණය අද පස්වරු 3.00 වන විට මධ්‍යස්ථ මට්ටමක පැවැතියේය.

Read More

හම්බන්තොට මහ රෝහලේ කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයේ කොරෝනා සැකසහිත රෝගීහු 11 දෙනෙක් අද (26දා) ප්‍රතිකාර ලබමින් සිටින බව හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය සුරංඟ ඔබේසේකර මහතා කීය.

Read More

ගාල්ල වරාය පොලිස් බල ප්‍රදේශයේ තුළ ස්වයං නිරෝධායනයට ලක්ව සිටි විදේශිය ජාතිකයින් 11 දෙනෙකු ස්වයං නිරෝධන කාලය අවසන් විමෙන් පසු සිය රටවලට ගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

Read More

කොවිඩ් වසංගතය පාලනය කිරීමට ඇදිරි නීතිය දැමීමත් සමග අස්වනු නෙළුමට ශ්‍රමිකයින් ගෙන්වා ගැනිමේ ගැටලුවෙන් කල්පිටියේ එළවළු පළතුරු විනාශ වෙමින් ඇති බව වගාකරුවන් පවසයි .

Read More

මෙම තීරණාත්මක අවස්ථාවේ රජයේ නිලධාරීන්ට නිවසේ සිටම වැඩකරන්න සන්නිවේදන ජාල දෙකක් ICTA හඳුන්වා දෙයි.

Read More

එළවළු ගැනුම්කරුවන්ගේ වැඩිවීම හේතුවෙන් එළවළු මිල 300% කින් පමණ ඉහළ ගොස් තිබිණි.

Read More

අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්වයට මුහුණ දීම සඳහා තාවකාලිකව වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්ත රජයට අයත් සුප්‍රකට ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය සහ ක්‍රීඩකයන්ගේ නේවාසිකාගාරය ලබා දී තිබේ.

Read More

මාර්තු 25දා වනවිට මෙරට රැඳී සිටින විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 18,039ක් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි.

Read More

දකුණු කොරියාවේ කොවිඩ් 19 ආසාදනය වූ 96 හැවිරිදි කාන්තාවක් එයින් සුව ලබා ඇති අතර මේ දක්වා දකුණු කොරියාවේදී කොවිඩ් ආසාදනය වීමෙන් සුවය ලැබු වියපත්ම පුද්ගලයා ඇය වෙයි.

Read More

අපනයන ඛනිජ නිශ්පාදන සැකසීමේදී එම කර්මාන්ත ශාලා අදාළ ප්‍රදේශවල පොලිසිය දැනුවත් කර, ඔවුන්ගේ අනුදැනුම යටතේ ඒවා සිදු කළ යුතු බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය දැනුම් දෙයි.

Read More

ලොකයේ මේ දක්වා කොවිඩ් 19 ආසාදනය වී ඇති සංඛ්‍යාව 472076කි.එයින් පුද්ගලයන් 114 870ක් සුවය ලබා තිබේ.

Read More

මෙම සහන ජනතාව වෙත ලබාදීමට මූල්‍ය ආයතන වෙත දැනුම් දී ඇති අතර, මේ පිළිබඳ සවිස්තරාත්මක උපදෙස් හෙට (27දා) නිකුත් කරයි.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයන් විශාල පිරිසක් දැනට පවතින තත්වය යටතේ, ඔවුන් සේවය කළ කර්මාන්තශාලාවල තවදුරටත් සේවය කිරීමට නොහැකි වී ඇති අතර මෙන්ම ඔවුන්ගේ නිවෙස් වෙත යාමට ද නොහැකිව නේවාසිකාගාර වල කොටු වී සිටී.

Read More

COVID-19 ගෝලිය වංසංගතවක් බවට පත් වි ඇති අවස්ථාවක එයට මුහුණ දීමට අවශ්‍ය මුඛ ආවරණ නිපදවීම සඳහා පල්ලකැළේ බෝගම්බර බන්ධානාගාරයේ කාන්තා හා පිරිම නේවාසික රැදවියන් ඉදිරිපත් වී ඇත.

Read More

පසුගිය 20 දා පස්වරු 6 සිට ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය කඩල කළ පුද්ගයන් 3076ක් අද උසෑදන 6.00 දක්වා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.