සජිත් රජයෙන් කරන ඉල්ලිම
වර්ගීකරණයකින් තොරව සමෘද්ධිලාභීන්ට පොලී රහිත අත්තිකාරම් මුදලක් ලබාදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ, 'කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ජනපතිගෙන් සහන රැසක්' යනුවෙන් නිකුත් කළ ලියවිල්ලෙහි අංක 12 යටතේ අන්තර්ගත සමෘද්ධිලාභීන් සහ සමෘද්ධි කාඩ්පත් හිමියන් සඳහා රුපියල් 10,000 පොලී රහිත අත්තිකාරම් මුදලක් ලබාදෙන බව සඳහන්ව තිබුණත් එම අත්තිකාරම ලබාදීමේදී සමෘද්ධිලාභීන්ව 'අලුත් සහ පැරණි' ලෙස වර්ගීකරණයකට ලක්කොට අදාළ අත්තිකාරම පැරණි සමෘද්ධි හිමියන්ට පමණක් ලබා දෙන්නට යන බවට සැලසුමක් ඇති බව වාර්තා වන බවයි.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ව්‍යාකූලත්වයට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සක්‍රීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව තමන් මුල සිට දැරූ ස්ථාවරය බවත්, ඒ වෙනුවෙන් සියලු පාර්ශව ගනු ලබන ජනතාවාදි සියලු ක්‍රියාමාර්ග සඳහා තමන්ගේ සහාය ලබාදෙන බවද ප්‍රේමදාස මහතා නිකුත් කළ ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

