saravita-anim2

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

Latest News - timelapse 9210 hours ago

LATEST

තෙමසකින් නව කථානායකවරයෙක් - කරු

calendar_today 2019 දෙසැ 30 - 19:26 remove_red_eye - 931  

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ලොව ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බවත් එම තත්වය ඉදිරියට ගෙන යන ලෙස තව තෙමසකින් පත්වන නව කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය.

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන සඳහා වාර්ෂිකව බඳවාගන්නා සිසුන් සංඛ්‍යාව ඉදිරියේදී තිස් දහසක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පැවසීය.

Read More

ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු වි තිබේ.

Read More

වවුනියාව කොක්එළිය ප්‍රදේශයේ අවුරුදු 18ක් වයැසැති උසස් පෙළ හදාරන සිසුවියක් ඊයේ (29) රාත්‍රියේ ළිඳට වැටී දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බවට වවුනියාව පොලීසිය පවසයි.

Read More

මීට ඉහතදී තිලකරත්න ඩිල්ෂාන් YouTube නාළිකාවක් හා සම්මුඛ සාකච්ඡවකට එක්වෙමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ යාන්ත්‍රණයක් ( සිස්ටම් එකක්) නොමැති හෙයින් තම දරුවන්ට සිස්ටම් එකක් පුරුදු කිරීමටත් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටත් ඔවුන්ව ඔස්ට්‍රේලියාවට යොමුකර ඇති බවයි.

Read More

මේ වනවිට ලංකාවේ ලොකුම ප්‍රශ්නය වි ඇත්තේ දකුණේ ජනතාවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම හා උතුරේ ජනතාවට ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට නොමැති වීමත් රටට වෙනත් කිසිදු ප්‍රශ්නයක් නොමැති විම කනගාටුවට කරුණක් බව ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

Read More

ගල් අඟුරු බලාගාර තිබෙන රටවලින් 75%ක් ගල්අඟුරු බලාගාර අඩු කිරීමට තීරණය ගෙන තිබියදී ලංකාව තුළ ගල් අඟුරු බලාගාර සකස් කිරීමට සැලසුම් කර තිබෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.

Read More

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී. එස්.එම්. චාල්ස් මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස අද (30දා) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

Read More

2020 වසරේ මාර්තු මස අත්සන් තැබීමට නියමිත ක්‍රිකට් තරග විකාශන ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට ක්‍රීඩා ඇමති ඩලස් අලහප්පෙරුම මහතා නව කමිටුවක් පත් කරන බව ’අද’ට පවසා සිටියේය.

Read More

දැදුරු ඔය දෙපස ඉවුරු ඛාදනය ශ්‍රීඝ විමෙන් ආසන්නයේ දෙපස පිහිටි පුද්ගලික ඉඩම් රැසක් ඛාදනය ලක් වි තිබෙන බව ඉඩම් හිමිකරුවන් පවසති .

Read More

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

Read More

ආසියාවේ විශාලතම හීලෑ හස්තියා ලෙස නම් දරා ඇති නැදුන්ගමුවේ රාජා හස්තියා විසින් සිදු කළ ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා , රුපියල් 15ක් වටිනා තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරිම අද (30) පෙරවරුවේ සිදු කෙරිණි.

Read More

වත්මන් රජයට 2020 වසරේදී ගෙවීමට ඇති ණය පොලිය හා ණය වාරිකය පමණක් ගත් කළ ලබන වසරේ ජාතික ආදායමටත් වඩා ඉහළ ගොස් ඇතැයිද එහෙත් මහජනතාව සඳහා ලබාදෙන සුභ සාධන සේවා කිසිවක් කපා නොහරින බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආසන්නතම සභාපති වශයෙන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික මිනිස් අයිතිවාසිකම් (Fundamental Rights) නඩුවක් ගොනු කර ඇති බව ’අද’ට වාර්තා වේ.

Read More

තමාව පැහැරගත් බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය

Read More

පාසල් සිසුන් තිදෙනෙක් මැදිරිගිරිය දියසෙන්පුර වෙළදසැලක් බිඳ ලැප්ටෝප් 07ක් ස්මාට් ජංගම දුරකථන 07ක් සොරකම් කර ඉන් කිපයක් වෙනත් පුද්ගලයින්ට අලෙවි කර තිබිය දි අද (30) දින අලුයම අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලීසිය පවසයි.

Read More

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න මහතා සිය දශක හතරකට ආසන්න සේවා කාලය නිමා කරමින් හෙට (31දා) සිය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

Read More

හෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ ඉතාමත් හොර රහසේ මැණික් ගැරීමේ යෙදී සිටි පුද්ගලයන් පස් දෙනෙකු හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
රාජිතට ඇප
30 12 2019 11:21:00

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව අද (30දා) සිට රිමාන්ඩ් භාරයට පත්කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

පුද්ගලික බස් රථවල අධික ශබ්දයෙන් යුතුව මහජනතාවට හිංසා වන අයුරින් ඇතැම් ගීත හා විඩියෝ පට වාදනය කිරීම ජනවාරි 01 සිට තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබේ.

Read More

ජලභීතිකා එන්නත් සදහා වර්ෂිකව රුපියල් ලක්ෂ 4000, සුනඛයින් වද සැත්කම් කිරීමට රුපියල් ලක්ෂ 1000.

Read More

ඉදිරි දින හත පුරාම බොහෝ ප්‍ර‘දේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බවත්, සුළං ප්‍රවාහය අඩු වීම හේතුවෙන් දහවල් කාලයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළයා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

තංගල්ලේ සිට යාපනය දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අද (30දා) අලුයම වව්නියාව ඉරට්ටපෙරියකුලම කුරුඳුපිටිය ප්‍රදේශයේදී පෙරලී යාමෙන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරට්ටපෙරියකුලම් පොලීසිය පවසයි.

Read More

ඒ අනුව බිත්තරයක තොග මිල රුපියල් 18.50ක් දක්වා ඉහළ යන බව එම සංගමය පවසයි.

Read More

මාතලේ උකුවෙළ ප්‍රදේශයේදී වෙල් යායක ඇඳ තිබූ නීති විරෝධි විදුලි රැහැනක පැටලීමෙන් ඔවුන් මියගොස් තිබේ.

Read More

තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත ඒ අනුව සුදුසු කොන්දේසියක් යටතේ තමන්ව ඇප මත මුදා හරින ලෙසත් සඳහන් කරමින් හිටපු ආමත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති අපේක්ෂිත ඇප අයදුම අද (30දා) සළකා බැලීමට නියමිතව තිබේ.

Read More

ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පස්වරුවේදී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

Read More

කතරගම අවට ගම්මාන රැසකට දින 10ක් තිස්සේ පානීය නල ජලය නොලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

Read More

ලංකාවේ නිපදවන ඉස්තරම් පැඟිරි වෙනුවට විදේශයෙන් ගෙන්වන වෙනත් ආදේශකය සොයා එය ගෙන්වීම නවත්වා ලංකාවේ නිපදවන පැඟිරි තෙල් සඳහා උපරිම ඉහළ මිලක් ලබාදීමට කටයුතු කරන බව අපනයන කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන වෙරළ පිරිසිඳු කිරිමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් අද (29) දිනයේ ආරම්භ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.