මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.
අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මේ යටතට ගැනේ.
මේ කාලසීමාව රජයේ නිවාඩු දින සේ නොසැළකේ. මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීමයි. එහෙත් ජනතාව එක්රැස්වීම වළක්වා ස්වයං නිරෝධායනයට ඉඩ සැලසීම මෙහි අරමුණයි.
මාර්තු 20 සිට 27 දක්වා කාලය ද නිවසේ සිට වැඩකරන සතියක් ලෙස නම් කෙරිණ. එම ක්‍රියාදාමය අදාළ කාල සීමාව තුළද ඉදිරියට ගෙන යා යුතු බව රජය දන්වා සිටී.

popular news
-
කපිල Thursday, 26 March 2020 07:57 PM
ඇතැම් රජයේ සේවකයෝ කවදත් කලේ ගෙදර ඉඳල තමන්ගේ වැඩ කරපු එක. මේක අලුත් දෙයක් නොවේ. සමහර සංවර්ධන නිලධාරීන් බදාදා විතරයි ප්‍රා ලේ කාර්යාලයට යන්නේ. අනික් දවස් වල තමන්ගේ බිස්නස් වල හෝ ගොවිතැන් වල. සමහරු වෙනත් ආයතන වල වැඩ කරනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

