2019 නව ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයට හිමිව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් අඩුවී බදුල්ල දිස්ත්‍රික්කයට එක් මන්ත්‍රී ආසනයක් වැඩි වී තිබේ.
කොළඹ සිට පස්සර මඩොල්සිම බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද (25) අලුයම හල්දුම්මුල්ල නගරය ආසන්න කදිරේෂන් ඇල්ල ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන අධිබලැති විදුලි කණුවක හැපී අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් එක් අයෙකු මිය ගොස් ඇති අතර තවත් තුන් දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව හල්දුම්මුල්ල පොලීසිය සඳහන් කරයි.
Read Moreපොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළදාරීන් කණ්ඩායමක් දෙහිවල ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රිෙය් සිදුකල වැටලීමකදී හොරයින් කිලෝග්‍රැම් 04ක් සහ කාර් රථ 02ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කරයි.
Read Moreපවතින වියළි කාලගුණික තත්වය හමුවේ රක්වාන අවට පිහිටි වතු සමාගම් වලට අයත් කැලෑ භූමි ප්‍රදේශ වල ගිනි තැබීම් ඉහල යාම නිසා ජල මූලාශ්‍ර සිදී යාමේ තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
Read Moreඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් අක්කර ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් වැවිලි සමාගම් විසින් මේ වනවිට නීතිවිරෝධී ලෙස අල්ලා ගෙන ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අනාවරණය කර සිටියේය.
Read More’’මෙම වෛරසයට වසංගත විභවයක් තිබෙනවාද? නියත වශයෙන්ම එය තවමත් තිබෙනවාද? අපගේ තක්සේරුව අනුව, තවම නැහැ’’
Read Moreඅධික එළවළු මිල පාලනය කොට ගොවියා රැකෙන සහ පාරිභෝගිකයාට සහන සලසන වැඩපිළිවෙළක් වහාම සකසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreජනාධිපති ගෝඨාභය වී අගමැති සජිත් වුවහොත් රනිල් - මෛත්‍රී සටන මෙන් ’නයි-පොළොන්’ සටනක් ඉදිරියටත් දක්නට ලැබෙනු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගමම්න්පිල මහතා පැවසීය.
Read Moreදේශපාලනික වශයෙන් දරන මත එකිනෙකට වෙනස් නිසා එම පක්ෂ සමග මැතිවරණයකට තරග කිරීම පිණිස එකතුවීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.
Read Moreමඩකලපුව දිස්ත්‍රික්කයට අයත් මාන්තිව් දූපත රෝග නිරෝධායන කටයුතු සඳහා යොදාගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඑළඹෙන මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටු වීමට ආසන 90ක් ලබාගැනීමත් ප්‍රමාණවත් බවත්, එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත් එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
Read Moreඅධිකරණයේ පෙනී සිටින ලෙස සඳහන් කරමින් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට අද (24දා) සිව්වන වතාවටත් සිතාසි නිකුත් කිරමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකයරණ අද (24දා) සිව්වන දිනයටත් නිමය කළේය.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය සඳහා එක්වීමට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු දූත පිරිස හෙට (25දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
Read Moreඅති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය (18දා) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු හා එහි වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන බව සඳහන් කළ බව කොළඹ අඟරදගුරු පදවි මාධ්‍ය සම්බන්ධීකාරක ජූඩි ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කරයි.
Read Moreඉතිහාසයේ පළමු වරට විශ්ව විද්‍යාල හා ඊට අනුබද්ධ ආයතන විසින් සිදු කරනු ලබන සියලුම පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුව වෙත ලබාදීමේ එකඟතා ගිවිසුමකට අත්සන් කිරීම අද (24) පාර්ලිමේන්තුවේදි සිදු විය.
Read Moreඑක්සත් ජාතික පක්ෂය ප්‍රමුක නව සන්ධානය සමග එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනිවී සිටින කණ්ඩායම් සඳහා තමා ආරාධනය කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreකොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය අද (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ (23දා) විවෘත කළ මාතර-හම්බන්තොට කොටස අද (24දා) මධ්‍යම රාත්‍රියේ සිට ගමනාගමනය සඳහා විවෘත කිරීමට නියමිතය.
Read Moreඔස්ට්‍රේලියාව පිළිතුර ඉනිම ක්‍රීඩා කරන විට ඔවුන්ගේ මුල් කඩුලු තුන ලකුණු 10ක් තුළ බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත්වූහ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයේ වැඩ ආරම්භ කර හෙට (25දා) දිනට දින 100ක් සපිරේ.
Read Moreනව රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය මහතා සිය ධුරයෙ වැඩ භාරගෙන තිබේ.
Read Moreලිහිසි තෙල් මිල දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බැවින් ඒ සඳහා පාලන මිලක් නියම කරන ලෙසට අද (24දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හා පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා සිටි බව ’පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ සඳහන් කරයි.
Read Moreමත්තල හා රත්මලාන ගුවන්තොටුපළවල ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා නව යෝජනාවලියක් සකසා ඇති බවත් යෝජනාවලිය කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකමට ශ්‍රී ලංකාවේද සම අනුග්‍රහයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත්වීමට සැලසුම් කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුවිය.
Read Moreසභාපති නතතුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කළ බවත් සභාපති තනතුර ලබාදීමට ගත් තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුවක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
Read Moreකොළඹ විශ්වවිද්‍යාලය මතින් තොර කලාපයක් බවට පත්කළ බව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මිය පැවසුවාය.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 43 වැනි සැසිවරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම මූලස්ථානයේදී අද (24දා) ආරම්භවීමට නියමිතය.
Read Moreවනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරි කටයුතු කරන නිලධාරීන්ගේ දීමනා ගැටළුව සතියක් තුළ විසඳන බවට විෂය භාර අමාත්‍යවරයා අද (23දා) දින පොරොන්දු වූ බව සමස්ත ලංකා වනජීවී නියාමන නිලධාරීන් සංගමය සඳහන් කරයි.
Read Moreපාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීම සඳහා හය දෙනෙකුගෙන් යුත් කාර්ය සාධන බළකායක් පත්කළ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More