දෛනික PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩිකිරීමේ සූදානමක්
දෛනික PCR පරීක්ෂණ ප්‍රමාණය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ද එක්කරගනිමින් වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.
මේ පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ විශ්වවිද්‍යාලවල වෛද්‍ය අංශ ප්‍රධානීන් අතර අද සාකච්ඡාවක් පැවැත්විණි.
ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය සහ මඩකලපුව විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ හා විද්‍යා පීඨවල රසායනාගාර කේන්ද්‍ර කරගනිමින් පී සී ආර් පරීක්ෂණ වැඩි කිරීමට නියමිතයි.
දැනට දිනකදී සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණයට අමතරව තවත් පරීක්ෂණ දහසක් දෛනිකව සිදු කිරීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇත.

popular news
-
පළමුව කොරෝනා Tuesday, 28 April 2020 04:11 AM
කොටි ත්‍රස්තවාදී යුද්ධය මෙන් කොරෝනා යුද්ධය ජය ගන්නා බව කීවද කොරෝනා යුද්ධය ජයගැනීමට රාජපක්ෂ ආණ්ඩුවට STRATEGY එසේත් නැතිනම් උපාය මාර්ගයක් නොමැති බව දැන් පැහැදිලිය. එකම උපාය මාර්ගය වී ඇත්තේ මැතිවරණය පැවැත්වීමට පමණි. රටේ කොරෝනා මර්දන ව්‍යාපාරය සඳහා රාජ්‍ය යාන්ත්‍රණය නිසිපරිදි යොදා නොගන්නා රජය ත්‍රිවිධ හමුදාව ඉදිරිපෙල තබා වීශේෂ දැනුම ඇති අය දෙවැනි පෙළ තබා කටයුතු කිරීම දැන්වත් නවතා දැමිය යුතුව තිබේ. පළමුව කොරෝනා පිළිබඳ තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශයට අනුව හැසිරවීමත් අනිල් ජාසිංහ, ශවේන්ද්‍ර සිල්වා මාධ්‍යට පවසන තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශයෙන් සංස්කරණය කොට ලබා දීමත් නතර කළ යුතුය. ජනතාවට ගෝඨාභයගේ බොරු ජාසිංහගේ හෝ සිල්වාගේ කටින් ඇසීම මගින් සෙතක් සිදුනොවේ. මේ වන විට ලංකාවට ලැබී ඇති රුපියල් බිලියනයකට ආසන්න ආධාර මුදල් මගින් SARS-CoV-2 2019 විනාඩි 15 වේ පරීක්ෂණ කට්ටල මිලියන 2.5 ක් වත් ලංකාවට ගෙන ආ යුතුය. එනම් ලංකාවේ ජනගහනයෙන් සියයට 10% වත් ජනතාව ප්‍රතිශතයක් ලෙස බහුලව ජීවත් වන ප්‍රදේශවල සිදු කළ යුතුව ඇත.
Reply : 0 0
කොරෝනා වසංගත Tuesday, 28 April 2020 04:14 AM
කොරෝනා වසංගත අර්බුදයේදී ලංකාවට හොඳම උදාහරණය ලෙස සමාන ජන අනුපාතයක් සහිත ඔස්ට්‍රේලියාව ගත හැක. ඔස්ට්‍රේලියාව කොරෝනා සටන සඳහා මුලික අවිය කොටගෙන තිබෙන්නේ හැකිතාක් නියැදි පරීක්ෂණ සිදුකිරීමයි. මේ වන විට එය දිනකට 16000 ත් 18000ත් අතර ඉහල අගයක් ගනී. ලොකුම විහිලුව මේ දක්වා ලංකාවේ සමස්ථ පරීක්ෂණ ප්‍රමාණය ඕස්ට්‍රේලියාවේ දිනකට සිදුකරණ පරීක්ෂණ වලින් 50% වත් ආසන්න ප්‍රමාණය වත් නොවීමයි. බ්‍රිතාන්‍යයේ මෙම ප්‍රමාණය දිනකට පරීක්ෂණ 100,000 දක්වා ඉහල අගයකට ලඟා වෙමින් තිබේ . අවාසනාවකට ලංකාවේ සමස්ත මන්ද බුද්ධික ජනයා දියුණු රටවල් වලට වඩා ලංකාවේ කොරෝනා පාලනය ඉහල යයි උපකල්පනය කරන්නේ ලංකාවේ කොරෝනා පරීක්ෂණ සැලකීමට ලක්කිරීමට පවා අවම මට්ටමක පවතින අවදියකයි. පසුගිය කාලය පුරා හදිසි බෝම්බ ප්‍රහාර වලට ලක්වුනා මෙන් ලංකාව පුරා රෝහල් වලින් කොරෝනා රෝගීන් අසත්‍ය ලිපිනයන් මගින් රෝහල් වල ලියාපදිංචි වීමෙන් රෝහල්වල කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත්කොට නිරෝධායනයට ලක් කිරීමට සිදුවිය. රජය සෑම රෝහලකටම රෝගීන් ඇතුලත් වීමේදී හෝ සායන වලට පැමිණීමේදී පරීක්ෂණ කට්ටල ලබා දුන්නේනම් එවැනි කරදර කිසිවක් සිදුනොවන්නට ඉඩ තිබුණි.
Reply : 0 0
Truth Tuesday, 28 April 2020 04:18 AM
පසුගිය කාලයේ කෙසෙල්වත්තේ මෙන් කොරෝනා පොකුරු මතුවීමේදී සිදුකළ යුතුව ඇත්තේ සමස්ත පොකුරු ප්‍රදේශයම කොරෝනා පරීක්ෂාවට ලක් කිරීමයි . එසේ නොමැතිව හඳහන් බලන්නා සේ සීමිත පිරිසක් පමණක් කොරෝනා මධ්‍යස්ථාන වෙත ප්‍රවාහන /ඉන්ධන /ආහාරපාන වැයකරමින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ද ජීවිත නිසි ආරක්ෂිත ක්‍රම නොමැතිව සේවයට යවා බිලිදීම නවතා දැමිය යුතුය. ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පරීක්ෂණ කරන රෝහල් පරීක්ෂණ කාර්ය මණ්ඩල ආරක්ෂාවට පමණක් යොදාගත යුතුය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

