saravita-anim2

2025 ජුනි මස 09 වන සඳුදා

2025 ජුනි මස 09 වන සඳුදා

Latest News - timelapse 1364 hours ago

LATEST

පක්ෂයෙන් ගත් තීරණයත් එක්ක හිටගන්නේ එක්කෙනාද එයත් සමග දේශපාලනය කරනවා

calendar_today 2024 ජුලි 31 - 15:42 remove_red_eye - 2237  

පක්ෂයෙන් වෙනමම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමග හිට ගන්නේ එක් අයෙක්ද ඔහු හෝ ඇය සමග දේශපාලනය කරන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

බිබිල මැදගම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු මැදගම නගරයේ පොදු වෙළඳපොලේ දි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 3000/= අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

Read More

බාලදක්ෂ ව්‍යාපාරය ඇතුළු සංවිධාන සෑම අතින්ම ශක්තිමත් කර රටේ ඉදිරි ගමන වෙනුවෙන් තාරුණ්‍ය පුළුල් ලෙස දායක කර ගන්නවා

Read More

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 116කගේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කර තිබේ.

Read More

යුද්ධයේදී ආබාධිත වූ සියලු සෙබළුන්ට දීමනා ලබා දීම, වෛද්‍යමය පුනරුත්ථාපනය සහ ජීවිත කාලය පුරා රැකබලා ගැනීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් ඔස්සේ ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් උපරිම සාධාරණය ඉටු කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

Read More

කාන්තාවකගෙන් රුපියල් 10 000/= අල්ලස් මුදලක් ලබාගත් මාතලේ ක්වාසි විනිසුරුවරයෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

Read More

හෘද සාක්ෂිය ඇති මිනිසෙකු ලෙසින් මට පක්ෂයේ තීරණයට එකඟවිය නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමි. ඒ නිසා මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට කැප වෙමි

Read More

ආසියානු කුසලාන ජයග්‍රහණයත් එක්ක ජීවත් වුණොත් අපිට ඊලඟ ලොකුම හීනයට යන්න බෑ

Read More

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව කථානායකවරයා දිවයිනට පැමිණි පසුව විශේෂ හමුවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ වන ඉරාන නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සඳහා ඉරානය බලා පිටත්ව ගොස් ඇත.

Read More

හමාස් සංවිධානයේ නායකයා වන ඉස්මයිල් හනියේ ඊශ්‍රායල ප්‍රහාරයක් හමුවේ ඝාතනය කර තිබේ.

Read More

ඉදිරි ජනාධිපතිවරණය සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය සදහා වෙනම අපෙක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කිරීම රටට සුබ ආරංචියත් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ‘අද’ පුවත්පතට පැවසීය.

Read More

ග්‍රාම නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන නිසා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය අඛණ්ඩව සිදුකරමින් මැතිවරණ රාජකාරි නිසි ලෙස සිදුකිරීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

හෙද හෙදියන්ගේ සමුළුවේ දී කිසිදු නීති විරෝධි වැඩක් සිදුව නොමැති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පුවත්පත කළ විමසීමකදී පැවසීය.

Read More

කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයෙහි සේවයේ නිරත වී සිටි ගුවන් සේවිකාවකට එහි ගමන් ගත් මගියෙකු අතින් ඇද පරුෂ වචනයෙන් බැණ වැදීමේ සිදු වීමක් පිළිබඳ එම ගුවන් මගියා අත් අඩංගුවට ගෙන විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අද (30දා) ආරම්භ කර තිබේ .

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ඉදිරි ජනාධිපතිවරණයේදි අපේක්ෂයෙකු ඉදිරිපත් කරනවාද නැද්ද යන්න හා වෙනත් අපේක්ෂකයෙකුට සහාය දෙනවාද යන්න හෙට ( 31දා) තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව හා විධායක සභාව අද රැස්වන බවද එම පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය

Read More

එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (30දා) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් අලුතෙන්ම විස්සයි20 වරම් හිමිකරගත් ක්‍රිඩකයා බවට චමිඳු වික්‍රමසිංහ පත්වෙනු ඇත. ඔහු කණ්ඩායමට පැමිණීමත් සමග දසුන් ශානකට කණ්ඩායමට ස්ථානය අහිමි වී තිබේ.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී හමුවේදී ඉදිරි ජනපතිවරණයෙදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන බවට මන්ත්‍රීවරු 92ක් ප්‍රකාශ කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ නායකත්වය සඳහාද විස්සයි20 නායක චරිත් අසලංක පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

Read More

තේ, රබර්, පොල් ඇතුළු වැවිලි බෝග 05කින් පසුගිය වසරේ මුල් මාස 04 තුළදී ලද අපනයන ආදායමට වඩා ඩොලර් මිලියන234ක ආදායමක් මෙම වසරේ එම කාලයෙහි ලබා තිබේ.

Read More

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර තරගවල පුහුණුකරු ධුරයට ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරද ඉල්ලුම් කර ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි. එංගලන්ත වත්මන් සීමිත පන්දුවාර තරගවල පුහුණුකරු ලෙස කටයුතු කරන මැතිව් මෝට් දින කිහිලයකින් සිය ධුරයෙන් ඉවත්වීමට නියමිතව තිබේ.

Read More

එසේම මෙරට කාන්තාවන්ගෙන් 48%ක් නියමිත ශරීර බර ප්‍රමාණයට වඩා වැඩි බවත් පිරිමින්ගේ එම ප්‍රතිශතය33.3%ක් වන බවත් එහිදී පෙන්වා දුන් ලේකම්වරයා, බෝ නොවන රෝග සඳහා ප්‍රධානතම හේතුව වී ඇත්තේ පුද්ගල ආහාර රටාව වන බවද පෙන්වා දුන්නේය.

Read More

සිසේරියන් සැත්කමකට ලක් කළ තරුණ කාන්තාවකගේ උදරයේ ‘පුළුන්’ හා ‘ගෝස්’ ගුලි ඉතිරිකර මසා දමා නොසැළකිලිමත් අන්දමින් කටයුතු කර ඇගේ ජීවීතය අනන්තරාදායක තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් සැත්කම කළ විශේඥ වෛද්‍යවරයාට හා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්‍ෂ 30ක වන්දියක් ගෙවීමට කොළඹ ප්‍රධාන දිසා විනිසරු සඳුන් විතාන මහතා අද (30) නියම කළේය.

Read More

ව්‍යාපරික ඇසකින් මෙන්ම ආර්ථික ඇසකින් බලනවානම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනපති අපේක්ෂක ලෙස ධම්මික පෙරේරාට අවස්ථාව ඇති බවත් තරුණ මෙන්ම ආර්ථික ඇසකින් බලනවානම් නාමල් රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂක ලෙස සිටින බවත් පාර්ලමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි මහතා පැවැසීය.

Read More

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ සේවය බලා පිටත්ව යන මීළඟ කාණ්ඩයට අයත් ශ්‍රමිකයින් 21 දෙනෙකු සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර ලබා දීම ඊයේ (29) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

Read More

ශ්‍රී ලංකා දුම්රිය මාර්ගයේ ආරුක්කු නවය පාලම සහ දෙමෝදර රේල් ගැටය නව උරුම කළමනාකරණ වැඩසටහනක් යටතේ ආරක්ෂා කෙරේ.මේ වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල, දුම්රිය දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම වෙනුවෙන් ච්‍ත්‍රසිරි කමිටුව විසින් සකස් කර ඇති නව ක්‍රිකට් ව්‍යවස්ථාව විධිමත් ලෙස සම්මත ක්‍රියාත්මක කිරිම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට නිති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දිමට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීම දුර්වල රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් කිරීම සදහා සිදුකරණ ලද ක්‍රියාවක් දැයි සැක මතුවන බව පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය විධායක සභික නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

එළැඹෙන රාමසාන් හා නත්තල් උත්සව සමය වෙනුවෙන් අවශ්‍ය බිත්තර තොග ආනයනය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දි තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.