කොළඹ , කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය සම්භාහන ආයතනයක් 07/14 දින රාත්‍රී 09.00 ට පමණ විශේෂ වැටලීමක් සිදු කර එහි සේවය කරමින් නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශීය කාන්තාවන් 10 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ තිබූ අතර මොවුන් අතර සිටි සිව් දෙනෙකුගේ සංචාරක වීසා කාළය ද ඉක්මවා ගොස් තිබුණි.
වයස අවුරුදු 25 ත් 39 ත් අතර පසුවන මෙම කාන්තාවන් අතරින් 06 දෙනෙකු තායිලන්ත ජාතික කාන්තාවන් වේ. ඉතිරි 03 දෙනෙකු වියට්නාම් ජාතික කාන්තාවන් වන අතර අනෙක් තැනැත්තිය චීන ජාතික කාන්තාවකි .
මෙසේ අත් අඩංගුවට ගත් විදේශීය කාන්තාවන් පිරිස වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා ඇති අතර , මොවුන් කඩිනමින් ඔවුන්ගේ රටවල් වෙත පිටුවහල් කිරීමට නියමිතය.