වන අලින්ට වෙඩි තැබීම්වලට විරුද්ධව නීති දැඩි කිරිමේ අරමුණෙන් වනජීවී නිලධාරීන් හා පරිසර අමාත්‍ය වෛද්‍ය
ධම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක්
අද පැවැත්වීය.
විශේෂයෙන් වන අලින්ට වෙඩි තැබීම් සිදුවීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් වනජීවී දෙපාර්තමේන්තුව වෙත කරුණු
නවාර්තා වෙන අතර වන අලින්ට සිදුවන වෙඩි තැබීම්වලට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය
කටයුතු ලෙස පරිසර අමාත්‍යවරයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෙත උපසේ
දී තිබේ.
විශේෂයෙන් පුද්ගලික ඉඩම් කේන්ද්‍ර කර ගනිමින් නීති විරෝධී ලෙස ඉදිකර ඇති විදුලි වැටවල් සම්බන්ධයෙන් දැඩිව
නීතිය ක්‍රියාත්මක කිරීම සඳහාත් වන සතුන් ඝාතනය කිරිමේ නීති යාවත්කාලීන කරමින් වරදකරුවන් වෙත
දඩුවම් පැමිණවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබදවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
අලි මිනිස් ගැටුමට විසඳුම් ලබා ගැනීම සඳහා මේ වන විට පරිසර අමාත්‍යාශංය, වනජීවී දෙපාර්තමේන්තුව එක්ව
සාධනීය විසඳුම් ලබා ගනිමින් පවතින අතර අලි මිනිස් ගැටුම් ප්‍රභල දිස්ත්‍රික්කයන් තෝරා ගනිමින්
ඉදිකිරීම් කටයුතු සිදු වේ.
එහි නඩත්තු කටයුතු සඳහා බහුකාර්ය නිළධාරීන් බඳවා ගැනීම සිදු කළ අතර සිවිල් ආරක්ෂක භටයන්ගේ සහායද
ඉදිරියේදී ලබා ගැනීමට නියමිත බැවින් වන අලින්ට සිදුවන වෙඩි තැබීම් අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනු ඇත.