බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ දී අද (15) අලුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වියානා ඇලට පෙරලීයාමෙන් මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනකු මියගිය බව මහියංගන පොලිසිය පවසයි .
අනතුරින් මියගොස් ඇත්තේ බුත්තල ඔක්කම්පිටිය පහලගම ප්‍රදේශයේ පදිංචි මෝටර් රථය පදවාගෙන ආ මාතර මහවිදානලාගේ සුනිල් ජයරත්න (56) සහ බුත්තල ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන ආර් එම් .සුමිත් රත්නායක (56) යන දෙදෙනා බව පොලිසිය කීය .
මොවුන් දෙදෙනා ඊයේ (15)අලුයම බිබිළ දෙස සිට මහියංගන දෙසට මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදි 17කනුව ප්‍රදේශයේ දී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන වියානා ඇලට පෙරලීගොස් ඇති බවත් පොලිසිය සදහන් කලේය .
මොවුන් දෙදෙනා වියානා ඇලට පෙරලීගිය මෝටර් රථය තුල ම මියගොස් සිටි බවත් පොලිසිය පවසයි .
බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහන සහකාර පොලිස් අධිකාරි 111 ජී ඩබ්ලිව් එස් .බී.පලිපාන යන මහත්වරුන්ගේ උපදෙස් මත මහියංගන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජයරත්න මහතා ඇතුළු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වති .
ඇල්ල ප්‍රසාද් රුක්මාල්