සුඛෝපභෝගී ජීප් රථයෙන් පුද්ගලයකු යටකර පලාගොස් සැගව සිටී වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ රාජකාරි කරන වෛද්‍යවරයෙකු බවද පොලිසිය කීය.
සැකකාර වෛද්‍යවරයා පසුගිය 10 දා රාත්‍රි වාද්දුව , පොහද්දරමුල්ල ගාලු පාරේ ගමන් කරමින් සිටී වාද්දුව , තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී උපුල් පුෂ්පිත නමැති අය යටකර මරුමුවට පත්කර පලාගොස් තිබුණි.
කැබ් රථයේ බොඩියේ කොටසක් මාර්ගයේ වැටී තිබී පොලිසිය ව්සින් සොයාගෙන ප්‍රදේශයේ සීසීටීවී කැමරා පරීක්ෂා කර ඇති අතර, බොඩියේ ඉදිරිපස කොටසක් කැඩුන සුඛෝපභෝගී ජීප් රථයක් කළුතර දෙසට ගමන්කරන අයුරු නිරීක්ෂණය කල රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය සහ සැරයන් 35222 පෙරේරා යන නිළධාරීන් විසින් වාද්දුව මොල්ලිගොඩ හන්දියේදී නාගොඩ රෝහල කරා යමින් සිටී වාහනය නවතා සැකකරු අත්අඩංගුවට ගෙන සුඛෝපභෝගී ජීප් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පානදුර සුමිත් පොතුපිටිය
