saravita-anim2

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

Latest News - timelapse 8781 hours ago

LATEST

විහාරස්ථානවලට සහන සලසන්න අගමැතිගෙන් උපදෙස්

calendar_today 2020 අප්‍රේ 11 - 20:09 remove_red_eye - 665  

ආර්ථික අපහසුතාවන්ට ලක්ව ඇති කලාකරුවන් වෙනුවෙන් සහන සැලසීමටත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ප්‍රභල අකුණු සමග ගිඟුරුම් සහිත වැසි ඇතිවිමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

Read More

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (11) සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී කොරෝනා ආසාදිත රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබන වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල 3400ක ප්‍රමාණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දීම සිදු කරන ලදි.

Read More

වෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් සහිතව පමණක් ඖෂධ නිකුත් කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More

රට තුළ සහ රටින් බැහැර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයනට ස්වකීය විදේශ මුදල් ඉපැයීම්, ඉතිරි කිරීම් සහ ආයෝජන ශ්‍රී ලංකාවේ තමන් කැමති බැංකුවක තැන්පත් කිරීම සඳහා නව බැංකු ගිණුමක් දැන් හඳුන්වාදී තිබේ.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනය වූ තවත් 26 දෙනෙකු 08, 10 සහ 11යන දිනයන්හි ඉන් පිටත්ව යන ලදි.

Read More

තවත් කොරෝනා රෝගියෙක් හමුවීමත් සමග මෙරටින් වාර්තාවන රෝගීන් ගණන 198 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි .

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර හා මන්නාරම දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

Read More

“තව දින දෙකකින් කොරෝනා රෝගීන් වාර්තා නොවනු ඇත. හේතුව ඇවැසි swabstick නොමැතිවීමයි” යනුවෙන් මුහුණු පොතෙහි පළ කර ඇති පුවත සම්පූර්ණ සාවද්‍ය පුවතක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය අවධාරණය කරයි.

Read More

හෝමාගම මහ රෝහලේන් ලැබුණු ඉල්ලිමකට අනුව කෝවිඩ් 19 ඉවට සැක කෙරෙන රෝගින්ට ප්‍රතිකාර කිරිම සඳහා රෝහලේ අංක 1 වාට්ටුව ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගයේ කණ්ඩායමක් විසින් සුදුසු පරිදි වෙනස් කිරිම සිදු කරන ලදි.

Read More

කොරෝනා වසංගතයට මුවාවී ව්‍යවස්ථාදායකය අධිකරණය නොසලකා හරිමින් විධායකය වෙනත් අරමුණකින් ක්‍රියා කරන බව ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමට යොමු කළ ලිපියෙන් පැහැදිලි වන බව සමගි ජන බල වේගය පවසයි.

Read More

කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සදහා ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් සහ සෞඛ්‍ය අමාත්‍යතුමිය ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ගෙන වැඩ වැඩපිළිවෙලට අනුව අප රට තුල ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් දෙස් විදෙස් ආධාර විශාල ප්‍රමාණයක් මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර ඉදිරියටත් ලැබීමට නියමිතය.

Read More

COVID-19 වෛරසය පාලනය සඳහා චීන රජය විසින් බංග්ලාදේශය වෙත වෛද්‍ය උපාංග ලබාදීම සම්බන්ධයෙන් තමන් හදපිරි ස්තූතිය පුද කර සිටින බව බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසිනා පවසයි. මේ සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂි ජින්පින්ග් මහතා වෙත ලිපියක් යවමින් බංග්ලාදේශ අගමැතිනිය මේ ස්තූතිය පුද කර තිබේ.

Read More

කෝවිඩි -19 වසංගතය පැරදවීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ‘ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරමින් චරිත හේරත් මහතා එම තනතුර අයථා ලෙස මැතිවරණ ක්‍රියාවලියේ දී සිය පක්ෂය සදහා වාසි සහගත ලෙස යොදාගනිමින් පක්ෂ ප්‍රවර්ධන කටයුතුවල නිරත වන බවට ජාතික සමගි ජනබලවේගය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

Read More

නෙළුම් කුලුණ අද (11) සවස 6.45ට විශේෂ තේමාවක් යටතේ ආලෝකමත් කිරීමට නියමිතව ඇත.

Read More

කොළඹ සිට තංගල්ලට පැමිණ ඇඳිරි නීතිය තිබියදී තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක අද (11) අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහ රෝහලට යැවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ක්‍රියා කළහ.

Read More

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් දේශීය ඖෂධ ආනයනකරුවන් සහ බෙදාහරින්නන් අත ඇති ඖෂධ තොග මිල දී ගැනිම සදහා මිළ ගණන් කැඳවා ඇත.

Read More

අප්‍රේල් 4 දා සිට පෙරේදා 09 දක්වා දින 5 කාලයක් තුළ ඉතාලියේ වෛද්‍යවරුන් 25 දෙනෙක් හා හෙද හෙදියන් 3 දෙනෙක් කෝවිඩ් 19 ආසාධනය වීමෙන් මියගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සංගමය පවසයි.

Read More

අති උතුම් කොළඹ හිටපු අඟරදගුරු දේව ධර්මාචාර්ය නිකලස් මාකස් ප්‍රනාන්දු පියතුමන්ගේ අවසන් කටයුතු එළැඹෙන සඳුදා මීගමුව ශාන්ත මේරි පල්ලියේදී සිදුකිරීමට නියමිතය.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛන වලට අනුව සිකුරාදා දිනයේදී ඇමෙරිකාවේ පුද්ගල මරණ 2,108 ක් වාර්තා වී තිබේ.

Read More

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටලු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

දුම්රිය සේවය භාවිත කරමින් රටපුරා එළවළු බෙදා හැරීමේ යාන්ත්‍රණයක් සකස් කළ හැකි බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

Read More

COVID-19 වෛරසය ආසාදිත වූවන්ට ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ලබාදීමට China State Construction සමාගම විසින් මුව ආවරණ 4000 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දි තිබේ

Read More

සොරකමේ යද්දි පමුණුගම පොලීසියට කොටුවු ජාඇල සුදුවැල්ලේ පදිංචිකරුවෙකු වු කොරෝනා ආසාදිතයා සමග ඉතාමත් සමිපව ඇසුරු කල තහවුරු විම නිසා ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් විසින් නිවෙස් වලට වී ස්වයං නිරෝධායනය වීමට ලබාදී තිබුණ උපෙදෙස් නොතකා එම පිරිස් තම නිවෙස් වලින් බැහරව කටිටි පනිමින් සිටියදි බස්නාහිර පළාතේ නාවික බුද්ධි අංශ නිලධාරින් ජාඇල සුදුවැල්ල සහ ඒ අවට ගම්මාන කිපයක පසුගිය සෙනසුරාදා (09) සිදු කර හදිසි වැටලිමකදි පිරිසක් අත්අඩංගුවට ගත්තේය.

Read More

දේශීය එළවලු ගොවියා ආරක්ෂා කිරීම සඳහා රජය ගොවීන්ගේ එළවලු තොග මිලදී ගැනීමේ වැඩසටහන අද ( 11) දින ආරම්භ කරනු ලැබීය.

Read More

මාධ්‍ය මර්දනයකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිදහස් කිරීමට රජය සූදානම් වන බවත් විපක්ෂය විසින් රජයට පූර්ණ සහය ලබාදී ඇත්තේ කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා මිසක කොරෝනා වලට මුවා වෙමින් රටේ නීතිය හෝ ව්‍යවස්ථාව අභියෝගයට ලක් කිරීමට නොවන බවත් ඔහු සඳහන් කරයි.

Read More

සංචාරක කර්මාන්තයේ සෘජු රැකියා දෙලක්ෂ පනස්දාහක් ක්‍රියාත්මක වෙනවා. වක්‍ර රැකියා තවත් දෙලක්ෂ පනස්දාහක් ක්‍රියාත්මක වෙනවා. මුළුමනින්ම සංචාරක කර්මාන්තය තුළ ලක්ෂ පහක් රැකියා කරනවා. ඒ අයගේ පවුල් සංස්ථාව ගත් කළ සංචාරක කර්මාන්තයෙන් මුළුමනින්ම ලක්ෂ 20 ක් යැපෙනවා.

Read More

කෝවිඩි-19 වසංගත තත්වය හේතුවෙන් කිසියම් කටයුත්තකට මහා මාර්ගයේ ගමන් ගන්නේනම් මුහුණු ආවරණය කිරීම අනිවාර්ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 (දල වශයෙන් කි.මී 985 පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී රාජ්‍ය ධජ හිමි නැති (Flag Stateless) විදේශිය යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය සෝදිසි කිරීමේදී හෙරෝයින්කි.ග්‍රෑ 260 සහ අයිස් කි.ග්‍රෑ 56 සමඟ ඉරාන ජාතිකයින් බවට සැක කරන පුද්ගලයින් 7 අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.