රත්නජීවන් හූල් ඉටු කරමින් ඉන්නේ සතුරු කල්ලියේ උවමනාවන්
මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මානසික ආබාධයකට ලක් වූ අයකුගේ හැසිරීමක් පෙන්නුම් කරන බවත් ඔහු අවසන් වශයෙන් මෙරට උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද හෑල්ලුවට ලක්කොට ඇති බවත් ජානිපෙ ජාතික සංවිධායක, හිටපු පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි.
මෙරට ජාතික පුවත්පතකට හා විද්‍යුත් මාධ්‍ය කිහිපයකට ප්‍රකාශයක් සිදු කරමින් ‘පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා’ යනුවෙන් සිදු කළ ඔහුගේ අදහස් දැක්වීම දැඩි සේ හෙළා දකිමින් අද (07) ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය දරන අතර මැතිවරණ කල් දමා ගැනීමට උසාවි යන, මහ මැතිවරණය පැවැත්වීම අඩාල කිරීම සඳහා නිරෝධායන නීති කඩමින්, නිරෝධායනයට ලක් කර සිටි තම දියණිය මැතිවරණ කොමිසමේ වාහනයකින් එම ආයතනයට රැගෙන ගිය මෙම තැනැත්තා තම නීතියට පටහැනි හා සදාචාර විරෝධී ක්‍රියවලිය තවදුරටත් ත්රීව්ර කරමින් ඉහත ප්‍රකාශය සිදුකර ඇති බවට ද ජයන්ත සමරවීර මහතා චෝදනා කළේය.
ස්වාධීන මැතිවරණ කොමිසම ද ඊට සාමාජිකයන් පත් කරන ව්‍යවස්ථාදායක සභාව පමණක් නොව ව්‍යවස්ථාදායක සභාව පත්කරනු ලබන උත්තරීතර පාර්ලිමේන්තුව හා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද හෑල්ලුවට ලක් කිරීමට කටයුතු කළ රත්නජීවන් හූල්ට එරෙහිව දැන්වත් නිසි පියවර ගැනීමට ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානී, හිටපු කථානායක කරු ජයසූරිය කටයුතු කළ යුතු බව ද ජානිපෙ ජාතික සංවිධායකවරයා පෙන්වා දුන්නේය.
මහ මැතිවරණය කෙසේ හෝ කල් දමා ගැනීමේ උවමනාවෙන් පෙළෙන, සැමවිටම ශ්‍රී ලංකාව අස්ථාවර කර තම රූකඩයක් කර ගැනීමට මාන බලන රාජ්‍යයට සතුරු කල්ලියේ උවමනාව ඉටු කර දීමේ කොන්ත්‍රාත්තුවක් ලබා ගෙන ඇති හූල් එය කෙසේ හෝ තම හාම්පුතාලාට ඉටු කරදීමේ සිහිනයක් දකිමින් සිටින බවත් එය කිසිදා සැබෑ නොවන සිහිනයක් බවට පත් කිරීම මෙරට ප්රජාතන්ත්රවාදය අගයන සැමගේ වගකීමක් බව ද ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

popular news
-
rocky ohelaage Sunday, 07 June 2020 08:45 PM
මොකද්ද මහත්තයෝ, හුල් කරපු වරද? ඔහෙලාට ඕන විදිහට වැඩ නොකරන එකද? හුල් කියන්නේ ඔහේ වගේ ෆුල් කෙනෙක් නෙවෙයි!
Reply : 0 4
Lion Monday, 08 June 2020 05:38 AM
මෙවැනි මිනිසුන් මෙරටට කරන අපරාදය ඇති මහත් පාර්ලිමේන්තුවට පැනගෙන සැප vidina මෙම මිනිසුන් මේ රටට කල වැඩක් තිබේද . හූල් වැනි බුද්දිමත් මිනිසුන් රටේ නීතිය ජනතා ඓතිය වෙනුවෙන් පෙනීසිටිද්දී මෙවැනි කාලකනීන් වෙනුවෙන් ඔබේ පුවත්පත ඉඩක් දෙන්නේ ඇයි
Reply : 1 9
තුංමුල්ලේ විමලේ Monday, 08 June 2020 06:38 AM
දේශපාලනයේ සිටින අය රටේ භාෂා තුනම හරියාකාරාව දන්නවානම් මෙහෙම කථා නොකියනු ඇත.ඇත්තටම හූල් මහතා කියා ඇත්තේ දූෂිතයින්ට තැබෑරුම් හිමිකරුවන්ට හා තක්කඩින්ට ඡන්දය නොදෙන ලෙසයි.එය පොහොට්ටුවට ඡන්දය නොදෙන්න කිව්වා ලෙසට මෙසේ වෙනස්කරනවානම් පොහොට්ටුවේ ඉන්නේ හූල් කියපු අයද කියල සැකයක් ඇතිවෙනවා.
Reply : 0 0
චමින්ද Monday, 08 June 2020 06:45 AM
මම හූල් නම් මෙවැනි ප්‍රකාශවලට විරුද්ධව අධිකරණයට ගොස් අපහාසයට නඩුදමා වන්දි ගන්නවා
Reply : 0 0
Don Monday, 08 June 2020 08:34 AM
ඇත්ත කතාකරනවිට තරහ යන්නේ මෝඩයන්ට. කොරෝනාව ආනයනය කරලා අනුන්පිට වරදපටවන්න එපා. කොරෝනා ආනයනය කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම රජය බාරගන්න ඕන. අනිසි බියක් ඇතිකරගන්න ඕන නැහැ කිව්වේ කවුද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

