නාවික හමුදාවෙන් කන්කසන්තුරේ දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් විෂබීජහරණ වැඩසටහනක්
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජුනි මස 07 වන දින කන්කසන්තුරය දුම්රිය ස්ථානයේ සහ එහි තවතා තිබූ දුම්රිය මැදිරි තුල විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන් රැසක් නාවික හමුදාව විසින් මේ වන විට ක්‍රියාත්මක කර ඇත.
එහි තවත් එක් අදියරක් වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නාවික හමුදාව වෙතින් සිදු කල ඉල්ලීමකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ උපදෙස් මත කන්කසන්තුරය දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම විෂබීජහරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. මේ සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකයේ නාවික පුද්ගලයින් පිරිසක් අනුයුක්ත කරන ලද අතර, විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවය ජනතාවට සාමාන්‍ය පරිදි භාවිතා කිරීමට අවස්ථාව ලබාදීමත් සමඟ දුම්රිය මගී ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම විෂබීජහරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.
උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම විෂබීජහරණ වැඩසටහන මගින් කන්කසන්තුරේ දුම්රිය ස්ථානය තුල සහ එහි තවතා තිබූ දුම්රිය මැදිරි ඇතුලත විෂබීජහරණය කිරීම නියමිත ක්‍රියා පටිපාටියට අනුව විධිමත්ව සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

