saravita-anim2

2026 මැයි මස 15 වන සිකුරාදා

2026 මැයි මස 15 වන සිකුරාදා

Latest News - timelapse 9421 hours ago

LATEST

මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1913 දක්වා ඉහලට

calendar_today 2020 ජුනි 16 - 17:20 remove_red_eye - 326  

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් පස්දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1913 දක්වා ඉහලට ගොස් ඇත.

දින 24 කට පසුව නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් වාර්තා වී තිබේ. ජුනි 7 වන දින එක්සත් රාජධානියේ සිට ඕස්ට්‍රේලියාව හරහා පැමිණී එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකුට මෙසේ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී වගකීමෙන් සහ කැපවීමෙන් කටයුතු කළ සුව සේවා විරුවන්ට උපහාර පිණිස Cinnamon Hotels & Resorts වෙතින් නොමිලේ නිවාඩු පැකේජයක් පිරිනැමේ.

Read More

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කර ඇති බව අද (16) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

Read More

බන්ධනාගාර නිලධාරින් සහ රැඳවියන් ගෙන් සිවිල් මහජනතාවට යම් පිඩාවක් හෝ ගැටළුවක් එල්ල වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනතාවට සෘජුවම බන්ධනාගාර බුද්ධි ආරක්ෂක ඒකකයට දැනුම් දීමට හැකි දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

Read More

බන්ධනාගාර අධිකාරිවරුන් 09 දෙනෙකුට, සහකාර බන්ධනාගාර අධිකාරිවරුන් 06 දෙනෙකුට සහ වැඩ ආවරණ සහකාර බන්ධනාගාර අධිකාරිවරුන් 09 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් තිදෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1908 දක්වා ඉහලට ගොස් ඇත.

Read More

මහබැංකු මූල්‍ය වංචාව සිදුවූ කාලයේ සිටි නිලධාරීහූ තවමත් සිය තනතුරු හොබවන බවත් ඒ මහා වංචාවට සහාය වූ ඔවුන් රට හදන්න සහය නොදීම ගැන සිය අප්‍රසාදය පළ කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

Read More

කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් වසා දමා තිබූ සිංහරාජ වනාන්තරයේ කුඩව පිවිසුම යළි දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කර ඇති බව සිංහරාජ වන පාලක කාර්යාලය පවසයි .

Read More

ඉදිරි මැතිවරණයෙන් පසු සමගි ජන බලවේග රජයක් බලයට පත්වූ විගස පළමු රාජකාරිය වශයෙන් ජනතාවට සහනයක් වන ආකාරයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ස්ථාවර මිලක් නියම කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Read More

අගෝස්තු 01 වෙනිදා කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීමට සමගාමිව මත්තල ගුවන් තොටුපළේ ද ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය කටයුතු සුදානම් කර තිබේ.

Read More

වාහන 20464ක් ඇදිරි නීතිය කාලයේදී පොලිස් ස්ථාන භාරයට ගෙන තිබේ.

Read More

ETI ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන ජීවක එදිරිසංහ,නාලක එදිරිසිංහ,දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ අයවලුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.

Read More

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබු පිරිස් අතරින් 39 දෙනෙකුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කිරිමට සෞඛ්‍ය සංවර්ධන අරමුදලින් වියදම් කිරිමට අවශ්‍ය බව අගරදගුරු කාදිනල් රංජිත් මැල්කම් හිමිපාණන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පවසා ඇත.

Read More

ජනාපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හෙට සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව ඇත.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තේවරප්පෙරුම මහතා හදිසියේ රෝහල්ගත කර ඇති බව පාලිත තේවරප්පෙරුම මහතාගේ ෆේස්බුක් ගිණුම නිවේදනය කරයි.

Read More

කෙරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ හුදකලා තත්ත්වයට පත් කර වැලිසර නාවුක කඳවුර නුදුරු දිනකදි දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මත විවෘත කිරිමට සුදානම් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනර් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසීය.

Read More

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 29ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ආණ්ඩුව රුපියල් බිලියන දෙසීයක මුදල් අච්චු ගසා තිබෙන බවට විපක්ෂය විසින් සිදුකරන චෝදනා අසත්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු හෙරෝයින් මත්කුඩු සමඟ පුද්ගලයෙකු කටුනායක කුරන් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය සඳහන් කරයි.

Read More

කිලිනොච්චිය කණ්ඩාවලෙයි පෙරියකුලම් ප්‍රදේශයේ වැලිජාවාරම්කරුවන් විසින් වැලි කැනීම් සිදු කිරීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට මෙන්ම ගොවීන්ටද ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවට වාර්තා වෙයි.

Read More

දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලබන ජූලි මස පළමුවනදා සිට විවෘත කිරීමට තීරණය කර ඇත.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ තවදුරටත් රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙකු , කත්මණ්ඩු නුවර සිට පැමිණි හිමාලයා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් 6/16 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

සඳුදා දිනයේදී චීන ප්‍රධාන භූමියේදී අළුත් තහවුරු කරන ලද COVID-19 රෝගීන් 40 ක් පිළිබඳ වාර්තා ලැබී ඇති අතර ඉන් 32 ක් දේශීයව සම්ප්‍රේෂණය වී ඇති අතර අටක් විදේශයන්හි සිට පැමිණි අය වෙයි.

Read More

(LONG READS) යම් දෙයක් ගැන කතා කරන්න, අදහස් දක්වන්න, විරුද්ධ වෙන්න වගේම විරුද්ධව අදහස් දක්වා උද්ඝෝෂණය කරන්න මිනිසුන්ට අයිතියක් තියෙනවා. ඒ නිසාම මේ අයිතිය මානව හිමිකමක් කියලත් කියනවා. ඒ අයිතිය තවත් ශක්තිමත් කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මූලික අයිතිවාසිකමක් විදිහට ඇතුළත් කරලා තියෙනවා. නමුත් මේ දේවල් පොතපතට විතරක් සීමා වෙලාද කියලා අපිට හිතෙන්නේ මේ දවස්වල සිදුවෙන සිදුවීම් දකිද්දියි.

Read More

ඇතැම් පුද්ගලික බස් රථ ආසන ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන යන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

හලාවත - මාදම්පේ පොලීසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකු එම පොලිස් ස්ථානය තුළදිම ගෙල වැළලාගෙන සියදිවි නසා ගෙන තිබේ.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 15) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

මෙවර මහමැතිවරණයේ දී මහින්ද අතහැර නොයන අයට පමණක් ඡන්දය දෙන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනතාවගෙන් ඉල්ලයි.

Read More

මහ බැංකු බැඳුම්කර සිදුවීමේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජන් මහේන්ද්‍රන් මහතා හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත දැනුම් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.