ආණ්ඩුව බිලියන 200ක් අච්චු ගැහුවා කියන්නේ බොරු
ආණ්ඩුව රුපියල් බිලියන දෙසීයක මුදල් අච්චු ගසා තිබෙන බවට විපක්ෂය විසින් සිදුකරන චෝදනා අසත්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
කෝවිඩ් - 19 තත්ත්වය යටතේ ගෙවී ගිය මාස තුනක කාලය තුළදී ජනතාව බැංකුවල තැන්පත් කර තිබූ රුපියල් බිලියන එකසිය හතළිහක් ගිණුම්වලින් ලබාගෙන තිබෙන බවද එම පක්ෂයේ මහලේකම් නීතීඥ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
මේ නිසා දේශීය බැංකු පවත්වාගෙන යාම සඳහා මහ බැංකුව විසින් රුපියල් බිලියන දෙසීයක මුදලක් බැංකු වෙත මුදාහැර තිබෙන බවත්, මෙය වරදවා වටහාගෙන සල්ලි අච්චු ගසා තිබෙන බවට විපක්ෂයේ ඇතැම් පිරිස් ප්‍රකාශ සිදුකරන බවත් අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
popular news
-
Deepal Nirosh Tuesday, 16 June 2020 03:54 PM
හරි මහත්තයෝ, අච්චු ගහපු මුදල් ප්‍රමාණය බිලියන 200 බොරුනම් සත්‍ය මුදල කීය ද කියල අපිට කියන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

