කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් වසා දමා තිබූ සිංහරාජ වනාන්තරයේ කුඩව පිවිසුම යළි දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කර ඇති බව සිංහරාජ වන පාලක කාර්යාලය පවසයි .
ඊයේ (15) වනදා සිට දෙස් විදෙස් සංචාරකයන්ට සිංහරාජ වනාන්තරය නැරඹීමට අවස්ථාව මෙමඟින් ලැබී ඇති බව ද සිංහරාජ වන පාලක කාර්යාලය පැවසීය.
සිංහරාජ වනාන්තරය නැරඹීමට පැමිණෙන සියලු සංචාරකයින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් වලට අනුව පැමිණිය යුතු බවත් සිංහරාජ වනාන්තරයේ පරිසරය රැකගැනීමට ද කටයුතු කිරීම යුතුකමක් බවත් සිංහරාජ වනපාලක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
සිංහරාජ වනාන්තරයෙ කුඩා පිවිසුම වසා දැමීම හේතුවෙන් රැකියා අහිමිව සිටි හොටෙල් හා සංචාරක මගපෙන්වන්නන් මහත් අපහසුතාවට පත්ව සිටි අතර යළි සිංහරාජ වනාන්තරය සංචාරකයන් සඳහා විවෘත කිරීමෙන් ඔවුන්ට ද නැවත සිය රැකියාව එළඹීමට අවස්ථාව මෙමඟින් ලැබී ඇත .
සිංහරාජ වනාන්තරයේ කුඩව විවෘත කිරීමෙන් අනතුරුව මේ වන විට දේශීය සංචාරකයන් කිහිපදෙනෙකු පැමිණ ඇති අතර වෙනත් කාලවලදී මෙන්ම විශාල දෙස් විදෙස් සංචාරකයන් ප්‍රමාණයක් වනාන්තරය බැලිම සඳහා පැමිණෙනු ඇතැයි වන පාලක කාර්යාලය විශ්වාස කරයි .
