saravita-anim2

2025 අගෝස්තු මස 17 වන ඉරිදා

2025 අගෝස්තු මස 17 වන ඉරිදා

Latest News - timelapse 1299 hours ago

LATEST

ශ්‍රී ලංකාව හමුවේ ​කොදෙව්වන් දෙවන එක්දින තරගයත් පරාජයට පත්වෙයි

calendar_today 2024 ඔක් 23 - 22:24 remove_red_eye - 442  

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 05ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

මහ මැතිවරණය අවසන් වන තුරු ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා බිඳනොවැටී, ආර්ථිකය බිඳනොවැටී, රටේ ආරක්‍ෂාව බිඳනොවැටී පවත්වාගෙන යාමේ වගකීම ජාතික ජනබලවේගයේ තිදෙනෙකුට පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මෙරට තුළ සහල් හිඟයක් නොමැති බවට සහල් මෝල් හිමියන් හමුවූ අවස්ථාවේ තහවුරු වූ බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Read More

මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා ගෙවුණු මාස 9 තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතනවලට නඩු පවරා වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1056ක් වන්දි වශයෙන් ලබාදීමට කටයුතු කළ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Read More

නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට කඩා වැටීමත් සමග ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පුත්තලම ජේෂ්ඨ පොලිස් නිළධාරියකු 23 පැවසීය.

Read More

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වස්කඩුව ප්‍රදේශයේ අද (23) දින රේල් පීල්ලක් පිපිරීමෙන් සිදුවීමට ගිය මහා අනතුරක් ප්‍රදේශයේ තරුණයෙකුගේ දැනුවත් කිරීමකින් වැලකී ගිය බව වාද්දුව දුම්රිය මාර්ග අංශය සදහන් කරයි.

Read More

සංචාරක කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ලකුණු 189කට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

විදේශික ජාතිකයෙකුට යම්කිසි තර්ජනයක් ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුමක් හෝ කුමක් හෝ තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් 1997 දැනුම් දෙන්න යයි වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (23) සවස් වරුවේ පොළොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාල ශ්‍රවණාගාරයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසිය.

Read More

ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අවධානම හේතුවනේ හේතුවෙන් දැනට ශ්‍රී ලංකාවේ දකුණු කළාපයේ සංචාරවල නිරතවන ඊශ්‍රායෙල ජාතිකයන්ට එම ප්‍රදේශවලින් වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය බදාදා ඊශ්‍රායල ජාතිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

Read More

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් තම කැබිනට් මණ්ඩලය ගත් තීරණය නීත්‍යානුකූල බවත් එසේ නම් එම මුදල ගෙවිය යුතු බවත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නි​යෝග කර තිබේ.

Read More

එම නාය යාමට ලක්වූ ස්ථානය ට පහළ කුඹුරක ජල පීල්ලක් ඔස්සේ ගලා ගිය ජල පහර ජනතාව දියනෑමට වැනි විවිධ අවශ්‍යතා සදහා යොදා ගත් බවත් , ජල පහර නැවතී දැනට පොලොව අභ්‍යන්තරයේ ගලා බසින බවත් , මේ අවට පවුල් 110ක් පමණ සිටින බව ආපදා සහන සේවා නිළධාරි පැවසීය .

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

Read More

එසේ මියගොස් සිටියේ මහනුවර ප්‍රිම්රෝස් උද්‍යානය ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි . ඔහු මහනුවර ත්‍රිත්ව විදුහලේ ආදි සිසුවෙකි.

Read More

ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වල බවට සිදු කළ ප්‍රකාශ සමග රුසියානු තනාපති කාර්යාලය මෙරට වෙසෙන රුසියානු ජනතාවට අනතුරු ඇගවීමක් සිසු කර තිබේ.

Read More

වසර දෙකක් සේවයේ නොසිටීම පදනම් කර ගනිමින් අල්විස් කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ නම් එම විනිසුරුවරිය වසර 17ක් ලබා දුන් තීන්දු සියල්ල ප්‍රතික්ෂේප කරන්නේද යන්න විජිත ​හේරත් ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරන බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ​ගෙන තිබේ.

Read More

නවීකරණ කටයුතු සිදු කෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා කොටසේ පරීක්ෂාවක් සඳහා පැමිණි පරීක්ෂණ දුම්රියක, එන්ජිමේ තිබූ ඩීසල් ලීටර් 60ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක ආරම්භ කල බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

විදේශීය රටකින් ලබා දී ඇති සංචාරකඅනතුරු ඇඟවීම වැනි තොරතුරු පසුගිය රජය සමයේත් ලබා දුන් බවත් එවැනි බුද්ධි තොරතුරු හෙළිදරව් කිරිමකින් තොරව මාධ්‍ය සංදර්ශන වලින් තොරව ඉතා සූක්ෂමව ඒ සඳහා මුහුණ දී ඒවා රැසක් වලක්වා ගැනීමට හැකි වූ බවත් මෙම බරපතල ‍ප්‍රරකාශය තුළ රටේ බරපතළ ප්‍රශ්නයක් පැන නගින බව හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 23 දින පැවසීය.

Read More

ඉදිරි සංචාරක කාලස‍ිමාව තුළ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් ප්‍රමාණයක් පැමිණිය හැකි බවත් ඒ් අනුව ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශෙෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස් මූලස්ථානය නිවේදනය කරයි‍

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (23දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුන් පස් දෙනෙකු අපයෝජනයට ලක්කල ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරියකු අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පැවසීය .

Read More

​ආරුගම්බේ ප්‍රදේශයේ දී ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු වාර්තා වූ බවත්, එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඳ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වලකින ලෙස අමෙරිකාන තානාපති කාර්යාලය විසින් මෙරට සිටින අමෙරිකානුවන්ට සහ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන්ට අනතුරු අඟවා තිබේ.

Read More

කැලණිය විශ්ව විද්‍යාලයේ සී. ඩබ්ලිව් ඩබ්ලිව්. කන්නන්ගර නේවාසිකාගාරයේ සිවුවන මහලින් ඇද වැටීමෙන් සිසුවෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.

Read More

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහමැතිවරණය සදහා තරග කිරීමට ලංකාවේ දිස්ත්‍රික් විසිදෙක නියෝජනය කරමින් කාන්තා අපේක්ෂිකාවන් හතළිස් හතර දෙනෙකු ඉදිරිපත් කර ඇතැයි ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමිපාණන් වහන්සේ පැවසූහ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබා දිම සඳහා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

Read More

රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ වගකීම භාරගන්න සර්ව ජන බලය සූදානම් බව එහි කළුතර දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ මහතා පැවසීය . ඒ මහතා මේ බව සදහන් කලේ ඊයේ (22) පස්වරුවේ පානදුර දී මාධ්‍යට අදහස් දක්වමිනි.

Read More

කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ( Cargo Village ) යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු ගුවන් තැපැල් පාර්සල් 07 ක් 10/21 දින රාත්‍රී විවෘත කර පරීක්ෂා කළ රේගු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඒවා තුළ තිබී රුපියල් අට කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා විදේශීය මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

උදය ගම්මන්පිළ පසුගියදා පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදු කළ හෙළිදරව් කිරීම විශාල කාළබෝම්බයක් වේ යැයි තමන් බලාපොරොත්තු වූවත් එය කන්දක් විළිළා මීයෙක් වැදුවා වගේ වූ බවත් රටේ ජනතාව එම ප්‍රකාශ ගනන් ගන්නේ නැති බවත් ප්‍රවීන රංගන ශිල්පි රන්ජන් රාමනායක මහතා 10/22 දින පෙරවරුවේ මීගමුව ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටලයේ පැවති එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂයේ වැඩමුළුවක දී පැවසීය.

Read More

පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.