අභාවප්රාප්ත සිනමා නිලි මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු අද(26දා) පූර්ණ රාජ්ය අනුග්රහය ඇතිව කොළඹ නිදහස් චතුරශ්රයේදී සිදු කිරීමට නියමිතව තිබේ.
ශ්රී ලාංකේය සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය පසුගිය 24 වැනිදා අභාවප්රාප්ත වූ අතර, ඒ වන විට ඇය 78 වැනි වියේ පසුවිය.
ඇයගේ නිසල සිරුර එදිනම පස්වරුවේ මාදිවෙල පිහිටි ඇගේ නිවස වෙත රැගෙන ආ අතර, එහිදී විශාල පිරිසක් ඇයට අවසන් ගෞරව දැක්වීමට කටයුතු කළහ.
අනතුරුව ඇයගේ දේහය ඊයේ(25දා) දිනයේදී කොළඹ පිහිටි චිත්රපට සංස්ථාව දක්වා රැගෙන ආ අතර, අද පෙරවරුව දක්වා ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව ලබා දී තිබුණි.
ඉන් අනතුරුව අද(26දා) පෙරවරුවේ ඇයගේ දේහය කොළඹ නිදහස් චතුරශ්රය වෙත රැගෙන ආ අතර, ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල ජනතාවක් මේ වන විටත් නිදහස් චතුරශ්රය වෙත පැමිණෙිමින් තිබේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබේ.