ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත් වීමෙන් පසු මෙරටට පැමිණි පළමු විදේශීය ජනාධිපතිවරයා ලෙස සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ මහතා දෙදින සංචාරයක් සදහා 10/20 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37කදි ලකුණු 232ක ඉලක්කයක් හිමිවිය.
Read Moreහිටපු ජනාධිපති වරුන් දෙදෙනෙක් සඳහා වාහන 16 බැගින් බැගින් ලබාගෙන. ඉක්මනින්ම එම වාහන රජයට බාරදෙන ලෙස දන්වා යවනව. ඒ වෙනුවෙන් සංශෝධන සිදුකෙරෙනව ආරක්ෂාව සම්බන්ධයෙන් රජය බලාගන්නම්. හැබැයි ආරක්ෂාව පිළිබඳ ලේබලයට මුවාවෙලා ජනතාවගේ දේපල නාස්ති කරන්න කිසිවකුටත් ඉඩ තියන්නෙ නෑ. ආසන්නයේම හිටපු ජනපතිවරයා මට ලිපියක් එවල කියනව කෝකියෝ 16ක් ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාවෙන් 163ක් හා කුඩ 30ක් වාහන 20 ගණනක් හා ඇම්බියුලන්ස් 2ක් ඔීන කියල දෙන්නද?...දෙන්නෑ.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් මේ වන විට නතර කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැක කටයුතු විදේශිකයන් දෙදෙනෙකු ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට එම නිලධාරීන් විසින් 10/19 දින රාත්‍රී පියවර ගෙන තිබේ .
Read Moreහිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreසියේරා ලියෝන් ජනාධිපති ජූලියස් මාඩෝ අද (20දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද (20දා) සමත් විය.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (20දා) පැවැත්වේ.
Read Moreපළාත් පාලන ඡන්දය සඳහා නාම යෝජනා ලබාදුන් ඇතැම් පක්ෂ ක්‍රියාත්මක තත්ත්වයේ නොමැතිවීම හා ඇතැම් අපේක්ෂකයින් පිල් මාරුකර සිටීම වැනි ප්‍රශ්ණ ගණනාවක් සම්බන්ධයෙන් මැතිවරණ වේදිකා ඇතුළු විවිධ තැන්වල කතාබහක් නිර්මාණය වී තිබෙන බවත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසම අදාළ කරගනු ලබන්නේ පවතින නීතිය අනුව කැඳවූ නාම යෝජනා වලට අනුව ඡන්දය පැවැත්වීම බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
Read Moreකොළඹ 7 මළල සේකර මාවතේ රජයේ මන්ත්‍රී නිල නිවසක ඇතිවූ හදිසි ගින්න විනාඩි කිහිපයක් තුළදී නිවා දැමූ බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
Read Moreකළුතර ප්‍රසිද්ධ තරු පන්තියේ හෝටලයක නවාතැන් ගෙන සිටී රුමේනියානු ජාතික කාන්තාවක ගේ රුපියල් දෙලක්ෂ හතලිස් දහසකට ආසන්න මුදලක් සොරකම් කර ඇති බවට ලද පැම්ණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (20දා) පැවැත්වේ.
Read Moreමොණරාගල වෙල්ලච්ච්කඩේ ප්‍රදේශයේදී, කැබ්රථයකට යටකර පුද්ගලයන් දෙදනෙකුට මරණීය තුවාල සිදුකිරිම සම්බන්දයෙන් සැකපිට, පුද්ගලයකු, එම අපරාධය සිදුකිරිමට යොදාගත් කැබ්රථය සමග ඊයෙ (19) අත්අඩංගුවට ගත්බව මොණරාගල පොලිසිය පවසයි.
Read Moreහිනිදුම ප්‍රදේශයේ සිට පොලිස් අන නොතකා ඉරිදා (20) අළුයම්කාලයේ ධවනයකළ කැබ්රථයක් උඩුගම හෝමදොළ හන්දියේ දී උඩුගම පොලිසියේ නිළධාරීන් විසින්ද වාහනය නතරකිරීමට කළ අන නොතකා ධාවනය කිරීමේ දී වෙඩිතැබීමක් සිදුකර නතරකරගෙන තිබේ.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ 11 අදියරේ පිහිටිඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් සිය උදෑසන ආහාර ගැනීමෙන් පසුව රෝගී තත්වයකට ලක් වීම නිසා මීගමුව මහ රෝහල වෙත 10/19 දින දහවල් ඇතුළත් කර තිබේ .
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා භාවිත කළ රජයේ වාහන 16න් 8ක් මේ වන වන විට යළිත් රජයට භාරදි ඇතැයි රජය නිවේදනය කරයි.එසේම හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ භාරයේ මේ වන විට වාහන 11ක් පවතින බවද රජය දන්වා සිටියි.
Read Moreඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විස්තාරා ( Vistara ) ගුවන් සේවයේ ගුවන් යානය තුළ බෝම්බ ඇති බවට , ඉන්දියාවේ මෙම ගුවන් සමාගමේ මූලස්ථානය වෙත සිදු කරනු ලැබූ දැනුම් දීමක් මත , මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමක් ( Emergency Landing ) සිදු කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අර්ජුන හේරත් මහතා පත්කර තිබේ.
Read Moreරුපියල් කෝටි විසි පහක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තේ කොළ අඩංගු පැකට් තුළ සගවා ගෙන රැගෙන ආ ගුවන් මගියෙකු 10/18 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreභාණ්ඩ වර්ග පහක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවත් සිදුකර ඇත්තේ 2023 වසරේ ඔක්තෝබර් 14 දා වසරක කාලයක් වෙනුවෙන් ක්‍රියාත්මක වූ වෙළඳ භාණ්ඩ බදු අනුපාතය පසුගිය ඔක්තෝබර් 13 දා සිට දෙසැම්බර් 31 දා තෙක් දීර්ඝ කිරීම පමණක් බවත් රජය පවසයි. එසේම පරිප්පු සඳහා ක්‍රියාත්මක වන ශත 25ක බදු අනුපාතය එලෙසින්ම ක්‍රියාත්මක බවත් රජය පවසයි.
Read Moreලංකා විදුලි බල මණ්ඩලය විදුලිය උත්පාදනය කිරිම සඳහා ඩිසල් මිලදි ගැනිමේදි තරගකාරී ලංසු මිල ගණන් කැඳවීමේ තීරණය වෙනස් කිරීමට නව කළමනාකාරිත්වය කිසිම තීරණයක් ගෙන නොමැති බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එසේම ඩීසල් භාවිතයෙන් විදුලිය නිපදවීමේදී සමස්ත විදුලි උත්පාදනයෙන් එම අගය සියයට 1ක් පමණ වන බවද ලංවිම නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
Read Moreමේ වසරේ මේ දක්වා ශ්‍රි ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය ලක්ෂ 15 ඉක්මවා තිබේ. මේ මස 13 දා වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය 1 540 161 ක් වෙයි.
Read Moreකොළඹ සිට මඩකලපුව දක්වා ඉන්ධන රැගෙන යමින් තිබු දුම්රියක් 18 වෙනිදා අලුයම 4,00 ට පමණ මින්නේරිය දුම්රියපොළ ආසන්නයේදී අලි රංචුවක් ගැටී අලි දෙදෙනෙකු මිය ගොස් දුම්රිය පීලි පැන ඇති බව මින්නේරිය පොලිසිය කියයි.
Read Moreහමාස් සංවිධානයේ නායක යහ්යා ශින්වාර් ඊශ්‍රායෙලයේ ආරක්ෂක අංශ විසින් ඝාතනය කර තිබේ. ශින්වාර්ගේ ඝාතනය හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායෙලය මෑතකදී ලබාගත් විශාල ජයග්‍රහණයක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read More2023 මුල් මාසස 8 හා සැසදීමේදි 2024 මුල් මාස 08 තුළ දී රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2557ක් දක්වා එනම් 40.5% කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. 2023 අනුරූප කාලයේදී එම අගය රුපියල් බිලියන 1819ක් විය.
Read Moreනුදුරේදී ඇරඹෙන 2024 බ්‍රික්ස් රටවල නායක සමුළුව නිමිත්තෙන්, ගෝලීය දකුණු චින්තන පර්ෂද සංවාදය ඊයේ (16) චීනයේ බෙයිජිං හිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ හා චීන මාධ්‍ය සමූහයේ පොදු ප්‍රමුඛත්වයෙන් එය සංවිධාන කෙරිණ. ’’සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමඟ, පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක් එක්ව ගොඩනැගීම’’ එහි තේමාවයි.
Read Moreසහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශිය වෙලදපොලේ නාඩු සහල් හිගයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙලෙදුන් පැවසිය.
Read Moreසංචාර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන හා අවසන් විස්සයි 20 ක්‍රිකට් තරගය ප.ව.07ට ආරම්භ වීමට නියමිතව තිබේ.
Read Moreමෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයන්ට , ස්වාධීන කන්ඩායම් හා දේශපාලන පක්ෂවලට සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැය කළ හැකි උපරිම වියදම් සීමාවන් මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කරයි.
Read More