රටක කොදු නාරටිය දරුවන්ය.ඒ දරුවන් වෙනුවෙන් ජීවය ලබා දෙන්නේ ගුරුවරයාය.ගුරුවරයා නිවැරදි මනසකින් තම පුහුණු විම් ලැබ දරුවන් වෙත පැමිනිය යුතුව ඇත්තේ මල් වැනි දරුවන් රටක අනාගතය නිසාවෙනි.එලෙස දරුවන්ගේ අනාගතය ගැනිමට අධ්‍යන කටයුතු වල නිරත වෙමින් සිටි තරුණීයක් ඇතිවු සිත් වේදනාවෙන් සාරි පොටකින් ගෙල වැලලා ගෙන ජිවිතයෙන් සමු ගැනිම කොතරම් සෝචනිය කරුණක් දැයි ප්‍රශ්ණ කල යුතුව තිබේ.
බිංගිරිය පිහිටි වයඹ ජාතික අධ්‍යාපන පිඨයෙ ගුරුවරියක් විමට සිහින දකිමින් සිටි සිසුවියක් නේවාසිකාගාරය තුළදී සිය දිවි නසා ගෙන තිබුනේ එම පිඨයෙ කඨිකාචාර්ය වරයකු විසින් අනෙක් සිසු සිසුවියන් ඉදිරියෙ බැන වැදිම දරා ගත නොහැකිවිමේන් මහත් කම්පනයෙන් බව මේ වන විට හෙළිවෙමින් පවති.
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයෙ දෙවන වසර අධ්‍යන කටයුතු වල නිරත වෙමින් සිටියදි දැඩි ලෙස ජීවිතය ගැන කලකිරී සියදිවි නසා ගත් සිසුවියගේ මරණයට හේතුව එම පිඨයෙ අධ්‍යන කටයුතු වලදි ආචාර්ය වරුන් සිසු සිසුවියන්ට නිරන්තරයෙන් එල්ල කරනු ලබන දරා ගත නොහැකි පිඩනයක් බවට මේ වන විට එහි අධ්‍යන කටයුතු වල නිරත සිසුන් පවසති.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබුනේ මහනුවර තෙල්දෙනිය වැලිකැටිය පදිංචි රාජපක්ෂ උඩහේනේගෙදර සංජීවනි කුමාරී නැමති 24 හැවිරිදි තරුණියකී. ඇය මෙම විද්‍යා පිඨයෙ අධ්‍යන කටයුතු වල නිරත වෙමින් සිටියදී කඨිකාචාර්ය වරයකු විසින් අනෙක් සිසුන් ඉදිරියෙ පහත් ලෙස මෙම සිසුවියට අපහාසාත්මක ලෙස බැණ වැදිම දරා ගත නොහැකි විමේන් බව කියයි.
තම මව හා පියා සමග මහත් බලාපොරෝත්තු තබා සුදු පැහැති සාරියකින් සැරසි විද්‍යා පිඨයට ඇතුල් වු තරුණියට අවසානයෙ එම සාරියෙන්ම සිය දිවි නසා ගැනිමට සිදුවිම කොතරම් අභාග්‍ය සම්පන්න දැයි වත්මන් රජයෙ අධ්‍යාපන බළධාරීන් නිසි සොයා බැලිමකට ලක්කල යුතුව තිබේ.
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨය තුළ අධ්‍යන කටයුතු වලදි සිදුවන ඇතැම් සිදුවිම් පාලනාධීකාරීය නිසි අවධානයට ලක් නොකිරිම බරපතල තත්වයක් බවට මෙම සිදුවිමත් සමග මතුකර තිබේ.
විද්‍යා පිඨයෙ සිසුන්ට අධ්‍යන කටයුතු සිදු කරන ඇතැම් ආචාර්ය වරුන් කටයුතු කරන ආකාරය බරපතල තත්වයක පවතින බවට විද්‍යා පිඨ සිසුන් පවසයි.
එසේම මෙම පිඨයෙ අධ්‍යන කටයුතු වලට වඩා භාහිර කටයුතු වෙනුවෙන් මහත් උවමනාවෙන් පාලනාධිකාරිය කටයුතු කරමින් සිටින බවටද සිසුන් චෝදනා එල්ල කරති.
එයට හේතු වන්නේ විද්‍යා පිඨයෙ හෝ වෙනත් තැනක ඕනෑම දෙයක් දරා ගැනිමට හැකි පිරිසක් සේම එය දරා ගත නොහැකි පිරිස්ද සිටින බවට මෙම පාලනාධිකාරීය තේරුම් නොගැනිමය.
එසේ තේරුම් නොගැනිම හේතුවෙන් කඨිකාචාර්ය වරයකු ඉතාමත් නින්දිත හා පහත් ලෙස සිය දිවි නසා ගත් සංජීවනිට බැන වැදිම එයට හේතු වි ඇති බව කියයි.
අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමු ගත් සංජීවනි කුමාරි ගුරු සිසුවිගේ මරණයත් සමග සෙසු සිසුන් එම භුමියෙ මෙම මරණයට සාධාරණයක් ඉල්ලා විරෝධතාවයක පවා නිරත ව තිබුනේ මෙහි සිදුවන කටයුතු දැන්වත් අවසන් විය යුතු බවට බල කරමිනි.
මෙම විද්‍යා පිඨ සිසුවිය ගුරු පුහුණුව සදහා ඇය සමග තවත් සිසුවියන් 15 දෙනෙකු සමග හලාවත ආනන්ද ජාතික පාසලට යොමු කර සති කිපයක් ප්‍රථමික අංශයෙ දරුවන් වෙනුවෙන් අධ්‍යන වෙනුවෙන් යොදවා තිබු බවද කියයි.
පාසලින් ලැබෙන තොරතුරු වලින් සනාථ වන්නේ ඇය නිහඩ චරිතයක් බවයි.එසේ පුහුණුවලට එක්වි නැවත විද්‍යා පිඨයට ගමන් කරන අතර තුරදී කඨීකාචාර්ය වරයා පහත් ලෙස බැන බැදිම මෙම සිසුවියට දරා ගත නොහැකි විම මත ඇගේ යෙහෙලියකට පවසා ඇත්තේ “දැන් නම් ජීවිතය එපා වේලා තියෙන්නේ ජීවිතය නැති කර ගන්න සිතෙනවා යනුවෙනි,,
නමුත් අනෙක් පිඨ සිසුවිය එතරම් බරපතල ලෙස මෙය සිතා නැති මුත් පසුව ඇය නේවාසිකාගාරයෙ විදුලි පංකාවක හැද සිටි සුදු සාරියෙන් ගෙල වැලලාගෙන දිවි නසා ගෙන තිබුනේ විද්‍යා පිඨයෙ තිබු පිඩනය සමාජයට කියා පාමිනි.
මෙම සිද්දියෙන් පසු විද්‍යා පිඨයෙ සිසු සිසුවියන් පාලනාධිකාරීයට හා සංජීවනිට බැන වැදුන කඨිකාචාරිය වරයාට දොස් තබමින් මේ සදහා නිසි නිතිය ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා පීඨය තුළ විරෝධතාවයක් මතු කර තිබුනී.
සංජීවිනිගේ නිසල දේහය පිඨයෙ නේවාසිකාගාරයෙන් හලාවත මහ රෝහල වෙත රැගෙන ගොස් තිබුනි.එහිදි මෙම පශ්චාත් මරණ පරික්ෂණ සිදුවිමේන් පසු මව් පියන්ට භාර දීමට කටයුතු කර තිබුනේ ගුරුවරියක් ලෙස දරුවන්ගේ දෑස් පෑදිමට තමන් නිවසින් ගෙන විත් පිඨයට භාර දුන් දියණීයගේ මව් පියන්ගේ සේම සංජීවනිගේ සිහින අහසට පා කරමිනි.
කෙසේ නමුත් විද්‍යා පිඨ සිසුන් මෙම සිදුවිමේන් මහත් කැලඹීමට පත්ව ඇත්තේ පාලකාධිකාරියෙ හැසිරිම ගැන දැඩි කම්පනයට පත් වෙමිනි.

