සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සජබ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන්හතුව ඉදිරිදින (27) පැවත්වීමට නියමිත විශේෂ මාධ්‍ය හමුවේදී හෙලිකරන බව පාර්ලිමේන්තු මංත්‍රි චමින්ද විජේසිරි මහතා අද (25) පැවසීය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජනබලවේගය නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික්කයට තරග කර ජන්ද 29791 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තු ට හෙතෙම තේරීපත්විය.
සමගි ජනබලවේගයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධූරයෙන් තමන් මීට පෙර සිටම ඉල්ලා අස්වීමට තීරණය කරසිටි බවත් , අනෙකුත් දිස්ත්‍රික් වල සජබ ආසන සංවිධායකවරුන් ඉල්ලා අස්වීමේ හේතුව තමන්ට නොමැති බවත්, වෙනත් හේතුවක් මත මෙසේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බවත් ඉදිරි දින පැවත්වීමට නියමිත විශේෂ මාධ්‍ය හමුවේදී එම හේතුව හෙලිකරන බවත් පාර්ලිමේන්තු මංත්‍රි චමින්ද විජේසිරි මහතා වැඩිදුරටත් සදහන් කළේය.
ඇල්ල ප්‍රසාද් රුක්මාල්