මහනුවර මහ නගර සභාවේ නව නගරාධිපති වශයෙන් චන්ද්‍රසිරි විජේනායක මහතා නම් කොට තිබේ.
ඒ මහතා මීට පෙර මහනුවර මහනගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ අයෙකි.
කෙසේ නමුත් මහනුවර මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධූරය පත්කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් උද්ගතව ඇත්තේ එම ධුරය මුස්ලිම් නියෝජනයකට ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වීම හේතුවෙනි.
මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රී ආසන ධූර සංඛ්‍යාව 46ක් වනන අතර ඉන් ආසන 24ක ජය ජාතික ජන බලවේගය විසින්ද ආසන විසි 22ක බලය විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් විසින් ද ලබා ගෙන තිබේ.
මහනුවර මහනගර සභාවේ බලය ජාතික ජන බලවේගයට ලබා ගැනීම සඳහා මුස්ලිම් ප්‍රජාවගේ විශාල සහයක් ලැබුන බැවින් ඔවුන්ට නියෝජ්‍ය නගරාධිපති ධූරයලබා දෙන ලෙස බලපෑම් එල්ල වෙමින් තිබේ.