saravita-anim2

2026 අප්‍රේල් මස 22 වන බදාදා

2026 අප්‍රේල් මස 22 වන බදාදා

Latest News - timelapse 8974 hours ago

LATEST

සතියක් ඇතුළත මත්ද්‍රව්‍ය වලට අදාළ නඩු අවසන් කිරිමට නීතිපති උපදෙස්

calendar_today 2020 සැප් 03 - 16:49 remove_red_eye - 435  

මෙම සතිය අවසන් වනවිට නීතිපති දෙපාර්තමෙන්තුවේ මත්ද්‍රව්‍ය නඩු අංශයේ මත්ද්‍රව්‍ය සිද්ධීන් වලට අදාළ කිසිඳු නඩු ගොනුවක් ඉතිරි නොවීමට කටයුතු කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා එම අංශයේ නිලධාරීන්ට අද (03) උපදෙස් ලබා දී ඇත.

කොවිඩ් 19 අභියෝගයට සාර්ථකව මුහුණ දුන් රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවත් එම අභියෝගය ජය ගැනීමට රජය ගත් පියවර ඉතා අගය කරන බවත් ශ්‍රී ලංකාවේ නෝවීජියානු තානාපතිනි ට්‍රීනි යොරන්ලි එස්කඩා මහත්මිය පැවසුවාය.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල - සහ උඩුවර යන දුම්රිය ස්ථාන අතර ස්ථානයකදී අද (3) දා ප.ව. 3.00 ට පමණ තරුණියක් දුම්රිය පැන සියදිවි නසාගෙන තිබේ .

Read More

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා මෙය පළකර තිබේ.

Read More

කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

Read More

ඊසි කෑෂ් ක්‍රමය යටතේ දඹුල්ල ,බකමූණ ,නාවුල, සීගිරිය ,ගලේවෙල ආදී ප්‍රදේශවලට හෙරෝයින් බෙදාහරින ජාවාරමේ නිරත වූ පුද්ගලයින් එකොළොස් දෙනෙකු සැකපිට අද (3) දින දහවල් දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අඟුරුවාතොට බටගොඩ සහ උඩුවර ප්‍රදේශවල සිදුකළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ පහකට අධික වටිනා මත්පෙති , හොරෙයින් මත්කුඩු සහ ගංජා සමග පුද්ගලයන් දෙදෙනෙක් (3) අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලීසිය කියයි

Read More

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබූ පිළිකා රෝගීන් දෙදෙනෙකු එන්නත් ලබා දුන් පසුව එම රෝගීන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් අප අමාත්‍යාංශය හරහා විධිමත් පරික්ෂණයක් සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසන ලදී.

Read More

බලංගොඩ ඇල්ලේපොල තෙල් බවුසරයක් පෙරළීමෙන් දෙදෙනකු තුවාල ලබා ළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රදේශවාසීන් බබවුසරයේ තෙල් ගැනීම් සිදු ගැනීම්ට දිගු පෝලිම් අද දහවල් මෙම un අනතුර සිදුවී ඇති අතර වැඩිදුර විමර්ශන බලංගොඩ පොලිසිය සිදු කරයි

Read More

කිරිදිවැල ඉහළගම ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු ඔවුන් පොලිස් වි‌ශේෂ කාර්යය බලකායේ බව පවසමින් හැදුනුම් පතක්ද පෙන්වා නිවසේ තිබු මෝටර් රථයක් රැගෙන ගොස් ඇති බව කිරිදිවැල පොලිසිය කියයි.

Read More

ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත්කර තිබේ.

Read More

අබු ඩාබි හි අවන්හලක සිදුවූ පිපිරීමකින් එක් ලාංකිකයෙකු මියගොස් තවත් ලාංකිකයෙක් බරපතල තුවාල ලබා ඇතැයි අබු ඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

Read More

කොකා කෝලා සමාගම හා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක්ව පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 16800ක් හා VTM 17000ක් අග්‍රාමාත්‍යතුමා වෙත පරිත්‍යාග කිරීම ඊයේ (2) දින අරලියගහ මන්දිරයේදී සිදු විය.

Read More

ඒ අනුව විදේශයන්හි සිට පැමිණ ශ්‍රී ලංකාවේදී කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 1197ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

අද (03) උදෑසන 11 වනවිට පුද්ගලයින් 6 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

සිවුදෙනකු ගමන්ගත් මෝටර් රථයක් (3) අලුයම මහරගම නාවින්න ප්‍රදේශයේදී තාප්පයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව මහරගම පොලිසිය කියයි

Read More

ඉස්සන් ඇති කිරිම පිණිස පොකුණක් සකස් කර ගැනීමට දේශපාලන හයියක් ලබා ගෙන කෙරෙන තවත් කඩොලාන ශාඛ විනාශයක් සම්බන්ධ තොරතුරු හලාවත අඹකදවිල වැලි හේන ගම්මානයේ ධීවර ජනතාව හෙළි කරති.

Read More

සාක්ෂි වසන් කිරිමේ චෝදනාවට අදාළව CCD අත්අඩංගුවට ගත් CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හා උපපොලිස් පරික්ෂකවරයා එළඹෙන 17 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

Read More

බස්නාහිර ,සබරගමුව .දකුණ,මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3102 දක්වා ඉහල ගොස් ඇත.

Read More

චක්‍රලේඛ වලට මුවා වී සංවර්ධන කටයුතු වලට බාධා කිරීම් තවදුරටත් සිදු නොවිය යුතු බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

සංගමන්කන්දට නාවික සැතපුම් 38ක දුරකින් ධාවනය වූ තෙල් ප්‍රවාහන නෞකාවක එන්ජින් කාමරයක ගින්නක් ඇතිව තිබේ.

Read More

හලාවත ඉරණවිල වෙරලේ තිබු නාදුනන ධිවර යාත්‍රා දෙකක් අද (3) දින අලුයම සොයා ගත් බව හලාවත පොලිසිය කියයි.

Read More

පුත්තලම කලපුවට අයත් සිමාවන් තුල නාවික හමුදාව හා පුත්තලම ධිවර නිලධාරින් එක්ව සිදුකල වැටලිමකදි ලක්ෂ 50කට අධික නීති විරෝධි කූඩු දැල් අත්අඩංගුවට ගත් බව කියයි.

Read More

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු විසින්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමා වෙත ලිපියක් මගින් කරන ලද දැනුම් දීමකට අනුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයක් මගින්, 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන්, එම පාසලේ මුරකරු ( අවු.39 ) අත්අඩංගුවට ගෙන, අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

Read More

සෑම බදාදා දිනයක්ම මහජන දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති හෙයින් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රජයේ නිලධාරීන් අමාත්‍යාංශවල රැදී සිටීම අනිවාර්ය බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

Read More

දැනට රජය සතුව එහෙත් භාවිතයට නොගන්නා වාහන 5588ක් ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

ඊයේ (02) ඉතාලියේ PCR පරික්ෂණ 102,959 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 1,326 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ඒ අනුව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මෙසේ පත්කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

නාවික හමුදාව සහ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව තිස්සමහාරාමය, පන්නේගමුව සහ දෙබරවැව ප්‍රදේශයන්හි ඊයේ (02දා) සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් (ක්‍රිස්ටල් මෙතම්පිටමයින්) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.