ඉරණවිල වෙරලේ තිබු ධිවර යාත්රා දෙකක් පිළිබඳ විමර්ශන
හලාවත ඉරණවිල වෙරලේ තිබු නාදුනන ධිවර යාත්රා දෙකක් අද (3) දින අලුයම සොයා ගත් බව හලාවත පොලිසිය කියයි.
මෙසේ සොයා ගත් යාත්රා දෙක හදුනා ගැනිමට නොහැකි ලෙස ලියාපදිංචි අංක මකා ඇති බවත් මෙය බොහෝ විට කල්පිටිය හා ආසන්න ප්රදේශයකට සම්බන්ධයක් තිබේ දැයි පොලිසිය පරික්ෂණ අරඹා තිබේ.
අද දින අලුයම වෙරළට පැමිණි ධිවරයකු මෙම යාත්රා දෙක දැක ඇති බවත් ඉන්පසුව පොලිසිය දැනුවත් කිරිමට කටයුතු කර තිබුනී.
හලාවත පොලිස් සුනඛ ඒකකයේ ලැසි සුනඛයා යොදා ගනිමින් සැකකරුවන් හදුනා ගැනිමට පරික්ෂණ අරඹා ඇති බව පොලිසිය කියයි.
අදාල යාත්රා යොදා ගනිමින් මුහුදු මාර්ගයෙන් කිසියම් නිතිවිරෝධී දෑ රැගෙන එන්නට ඇති බවත් එවා එම ස්ථානයට පැමිනි වාහනයකට පටවා රැගෙන යන්නට ඇති බවට ප්රදේශවාසින් පවසයි .
ඉරණවිල ප්රදේශවාසින් පවසන්නේ අද දින අලුයම් කාලයේ හදිසියේ විදුලි බිද වැටිමක්ද සිදුවු බවයි.
මෙම යාත්රා කුමන කටයුත්තට යොදා ගත්තා දැයි සොයා බැලිමට හලාවත පොලිසිය පුළුල් විමර්ශන අරඹා තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

