ඉස්සන් ඇති කිරීමට තවත් කඩොලාන විනාශයක්
ඉස්සන් ඇති කිරිම පිණිස පොකුණක් සකස් කර ගැනීමට දේශපාලන හයියක් ලබා ගෙන කෙරෙන තවත් කඩොලාන ශාඛ විනාශයක් සම්බන්ධ තොරතුරු හලාවත අඹකදවිල වැලි හේන ගම්මානයේ ධීවර ජනතාව හෙළි කරති.
අඹකදවිල වැලිහේන කලපු රක්ෂිතයේ බෝට්ටු තොටුපලට ආසන්නයේ සාර්ථක කඩොලාන වගාවක් පවතින අතර ඊට ආසන්නයේ සමහර පෞද්ගිලක ඉඩම් වල සමහර ව්‍යාපාරිකයින් කාලෙක සිට ඉස්සන් පොකුණු පවත්වා ගෙන යමින් ඉස්සන් වගාව සිදු කරති. ඔවුන් තම ඉස්සන් පොකුණු සඳහා නිසි බලධාරින් වෙතින් අවශ්‍යය අවසර පත්‍ර ලබා ගෙන ඇති බවත් කියති.
පසුගිය කාලයේ දි ඉස්සන් පොකුණු ව්‍යාපාරය පාඩු ලබන තත්ත්වයක පැවැතියත් වනමි නමැති ඉස්සන් ප්‍රභේදයක් හදුන්වා දිමෙන් පසු මේ වන විට ඉසද්සන් වගාවෙන් විශාල ආදායමක් ලබා ගත හැකි වුවත් අළුතින් පොකුණු සකස් කර පවත්වා ගෙන යාමට බාධාවක් වි ඇත්තේ ඒ සඳහා අවශ්‍යය ඉඩම් ලබා ගැනිමට නොහැකිව තිබිම නිසාය .
එහෙත් පසුගිය මහා මැතිවරණයේ උණුසුම පහව යාමත් සමගම නව ආණ්ඩුවක් පත්කිරිමට සක්‍රිය දායකත්වය ලබා දි ඇති කණ්ඩායමක් මේ වන අඹකදවිල වැලිහේන ධීවර ගම්මානයේ කලපු රක්ෂිතයේ කඩොලාන වගාව කපා දමමින් නිති විරෝධිව ඉස්සන් පොකුණු සකස් කිරිමේ සුදානමක් ඇති බව ගම්වාසින් පෙන්වා දෙති.
දිවා කාලයේ මෙම කඩොලාන ශාඛ විනාශය සිදු නොවුණත් සමහර රාත්‍රි කාලයේ සහ රජයේ නිවාඩු දිනවල මෙම විනාශය බාධාවකින් තොරව කර ගෙන යන බවත් කියයි. ඒ ආසන්නයේ පිහිටි තම ඉස්සන් පොකුණු සදහා අවශ්‍යය අමතර පොකුණු සකස් කර ගැනීමට මෙම වන විනාශය සිදු කරණ බවත් කියති. ඊට එරෙහි වන අයට යම් යම් තර්ජනයන් පවා මේ වන විට එල්ලවෙමින් පවතින බවත් ගම්වාසීහු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් තමන් මේ වන විට වන සංරක්ෂණ නිලධාරින්ට ද ලිඛිඅතව දැනුම් දුන් බවත් ඔවුහු කියති.
ඒ අනුව මේ සම්බන්ධයෙන් හලාවත අඩවි වන නිලධාරි ආර්.ඒ.සී.ඩි. රණසිංහ මහතාගෙන් විමසූ අතර ඔහු පැවැසුවේ,
“ඔය කියන වැලිහේනේ කලපු රක්ෂිතයේ සිදු කෙරෙන බව කියන කඩොලාන ශාඛ විනාශ කරන බවට මේ දක්වා මා දැනුවත් කර නැහැ. ඔබ තමයි එය මට දැන්වුවේ පළමුවරට. කිසිම අයෙකුට කිසිම ආකාරයට කලපු රක්ෂිතයක ඇති කඩොලාන කපා ඉවත් කිරිමට හෝ වෙනත් කිසිම කාර්යයක් කිරිමට කිසිදු අවසරයක් ලබා දෙන්නේ නැහැ.
අපි වහාම වැලිහේනේ සිදු කරණ බව කියන කඩොලාන විනාශය ගැන සොයා බලන්නම්.එසේ වැරදි කර ඇති අයට අපි නිත්‍යානුකුලව පියවර ගන්නවා.” යනුවෙනි.
හලාවත සුපුන් හංසන



popular news
-
Dayan Thursday, 03 September 2020 01:20 PM
True, donkeys are there in Puttalam.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

