saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 8696 hours ago

LATEST

කහතුඩුව හයිඩ්‍රාමනී කර්මාන්ත ශාලාව හෙට දක්වා වසයි

calendar_today 2020 ඔක් 22 - 12:45 remove_red_eye - 823  

කහතුඩුව හයිඩ්‍රාමනී ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීම නිසා එම කර්මාන්ත ශාලාව එළඹෙන හෙට(23දා) දක්වා වසා දැමීමට, පියවර ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

ඝාතනය වූ සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ්ගේ මිත්‍රයින් ඇත්තේ ආණ්ඩු පක්ෂ පැත්තේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.

Read More

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළින් කොරෝනා ආසාධිතයන් හඳුනාගැනීමත් සමඟ කුඩාවැල්ල ධීවර වරායේද අහඹු පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අද(22) සිදුකළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පැවසීය.

Read More

සහරාන් හෂීම්ගේ බිරිඳ පළමු වරට අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණෙයි.

Read More

සෞභාග්‍යයේ දැක්ම යටතේ මෙරට ප්‍රධාන සහසම්බන්ධිත නගර සංචාරකයින් සඳහා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් ඊයේ 21 දින අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

Read More

කොරෝනා ආසාදිතයෙකු එක්වූ බලපිටිය ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකට පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාළ මහතා එක්ව ඇති හෙයින් ඔහුව පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කරන බවට ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී ඇති එකම පවුලේ පස් දෙනා අතර මාස හයක සහ අවුරුදු තුනක දැරියන් දෙදෙනකු ද සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි ඉතිරි තිදෙනා ආසාදිතයා ගේ බිරිඳ ,පියා සහ නැන්දනිය වේ.

Read More

බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් 4 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

Read More

අමාත්‍යවරයා සඳහන් කළේ එහිදී කිසිම පහරදීමක් සිදු නොවුණ බවත් ඔහු කිසිවෙකුගේ ’හුංගෙක්’ ලෙස කටයුතු කර ඇති බවයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිඥාව අනුව කාරක සභා අවස්ථාවේදි ද්විත්ව පුරවැසි වගන්තියට ආණ්ඩුවේ බෙදීමක් ඇති නොවන ලෙස පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.

Read More

නව ව්‍යවස්ථාවක් තුළින් ද්විත්ව පුරවැසි වගන්තිය ඉවත් කරන බවට ජනපති ලබාදුන් පොරොන්දුව අනුව විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

Read More

ලබන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ද්විත්ව පුරවැසි වගන්තය ඉවත් කරන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වූ හෙයින් අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේවා නානායක්කාර හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, මහාචාර්ය තිස්ස විතරණ ඇතුළු පිරිස විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

Read More

වවුනියාව නෙදුන්කේනි ප්‍රදේශයේ පෞද්ගලික කොන්ත්‍රාත් ආයතනයක සේවකයින් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔවුන් තිදෙනා වවුනියාව මහරෝහලට ඇතුලත් කල බවට වවුනියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

Read More

නව ව්‍යවස්ථාවෙන් ද්විත්ව පුරවැසි වගන්තිය ඉවතට / විස්ස තුළ වගන්තිය ඒ ආකාරයෙන්ම

Read More

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ස්ථාවරය දැනුම් දීම ආණ්ඩු පක්‍ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.

Read More

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් මහතාව පාර්ලිමේන්තු රැස්වීම් සඳහා අද හා හෙට සහභාගි කරවීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ.

Read More

මේ රට අප සැමදෙනාටම අයිති මාතෘ භුමීයක් යැයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්න. එසේ සිදු වන්නේ නම් මා හට තවදුරටත් මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අවශ්‍ය වන්නේ නැත. ආණ්ඩුවට සහාය පළ කර 23 වනදාම දේශපාලනයෙන් සමු ගෙන කොහේ හෝ දුර රටකට යමි.

Read More

“ගම්පහ දිස්ත්‍රික්කයේ අනු පොකුරු රාශියක් නිර්මාණය වුණ ආසාදිත ප්‍රදේශ තිබෙනවා. එම ප්‍රදේශයක, පුද්ගලයන් එම ස්ථාන වලම රැඳී සිටිය යුතුයි.”

Read More

ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 7,754ක් සිදුකර තිබේ.

Read More

පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල වූයේ ඉදිරිපස සිට නම්, මධූෂ්ට පමණක් පසුපසින් වෙඩි ප්‍රහාර එල්ල වූයේ කෙසේද යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්න කර සිටියේය.

Read More

ගතවු පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 83 දෙනෙකු පොලසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලොව කොවිඩ්-19 ආසාදිතයන් මිලියනයේ සීමාව පසුකළ 6 වැනි රට බවට ස්පාඤ්ඤය පත්ව තිබේ. කෙසේ වෙතත්, ස්පාඤ්ඤයට පසුපසින් ප්‍රංශය සහ කොලොම්බියාව ආසාදන මිලියනයේ සීමාව ආසනයේ පසුවෙයි.

Read More

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 4.5% සහ 5.5%ක් ලෙස දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යෑමට මුදල් මණ්ඩලය තීරණය කරයි.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් -19 ආසාදිත පොකුරෙන් මේ දක්වා පුද්ගලයින්186 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මට්ටක්කුලිය ,මෝදර ,බ්ලුමැන්ඩල් ,ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බල ප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

රෝග පාලනය සඳහා වූ යුරෝපීය මධ්‍යස්ථානයට අනුව, චෙක් ජනරජය වෙතින් යුරෝපයේ දරුණුතම ආසාදන අනුපාතය මේ වනවිට දැකිය හැකි අතර, එය පසුගිය දින 14 තුළ ජනගහනය 100,000කට ආසාදන 900කට වඩා වාර්තා කර තිබේ.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නව ක්‍රියාමාර්ග යටතේ අත්‍යවශ්‍ය සේවාවක් සපයන්නේ නැත්නම් නිවසේ සිට වැඩ කිරීමට ජනතාවගෙන් ඉල්ලා සිටියි. පාසල්, ළමා ආරක්ෂණ සේවා සහ අත්‍යවශ්‍ය සිල්ලර වෙළෙඳ සැල් සීමාවන් යටතේ විවෘතව පවතී.

Read More

ග්‍රීක රජය උතුරු ග්‍රීසියේ කස්ටෝරියා ප්‍රදේශය සඳහා දේශීය අගුලු දැමීමක් නිවේදනය කර තිබුණේ, උතුරු ග්‍රීසියේ කොසානි නගරයට පසුව අගුලු දැමූ දෙවැනි නගරය බවට කස්ටෝරියා පත්කරමිනි.

Read More

මේ වනවිට ජර්මානු සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් දැනුවත් කර ඇති බව ඔහුගේ කාර්යාලය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.