පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළින් කොරෝනා ආසාධිතයන් හඳුනාගැනීමත් සමඟ කුඩාවැල්ල ධීවර වරායේද අහඹු පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අද(22) සිදුකළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පැවසීය.
තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් කුඩාවැල්ල ධීවර වරායේ අහඹු ලෙස ධීවරයන් 37 දෙනකුගේ පීසීආර් පරීක්ෂණ මෙලෙස සිදුකෙරිණි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළින් කොරෝනා ආසාධිත පුද්ගලයන් හමුවූ අතර කුඩාවැල්ල ධීවර වරායෙන්ද එම මත්ස්‍ය වෙළෙදපොළට මසුන් රැගෙන යාම හේතුවෙන් කොරෝනා පැතිරීමේ අවධානමක් ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පැවසුවේය. ප්‍රදේශයේ සහ වරායේ ආරක්ෂාව වෙනුවෙන් නිගමනයක් ලබා ගැනීමේ අදහසින් මෙම පරීක්ෂණ සිදුකළ බවද කොවිඩ් ආරක්ෂණ ක්රමෝපායන් වැඩි වශයෙන් අනුගමනය කරන ලෙස ජගත් ගජධීර මහතා ධීවරයන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි
අනීෂා මානගේ