මධූෂ්ගේ හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේ දැයි හෙළි කරන්න - මදූෂ්ගේ මාමා
මධූෂ්ගේ හිසට පිටුපසින් එල්ල වූ වෙඩි පහර කොපමණ දුරක සිට එල්ල වී තිබේ දැයි හෙළි කරන්න යනුවෙන් මාකඳුරේ මධූෂ්ගේ මාමා කෙනෙකු වන සුනිල් සමරසිංහ මහතා අධිකර වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලා සිටියි.
පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල වූයේ ඉදිරිපස සිට නම්, මධූෂ්ට පමණක් පසුපසින් වෙඩි ප්‍රහාර එල්ල වූයේ කෙසේද යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්න කර සිටියේය.
පසුගියදා කොළඹ, මාළිගාවත්ත නිවාස සංකීර්ණය අසලදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය මාකඳුරේ මධූෂ්ගේ දේහය මහරගම, පමුණුව පාරේන් හැරී යන සුභසාධක මාවතේ පිහිටි ඔහුගේ වත්මන් බිරිඳගේ නිවසේදී තැන්පත් කර තිබිණි.
එහිදී සුනිල් සමරසිංහ නමැත්තා ඊයේ (21දා) දින මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව සඳහන් කර සිටියේය.
“අද මෙලෙස උඩුකුරුව සැතපී සිටින මධූෂ් කියන්නේ වසර නමයේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කැරලි සමයේදී පොලිස් වෙඩි පහරකින් මියගිය කාන්තාවකගේ පුතෙක්. පියා දෙවැනි කසාදයක් කර ගත් පසු මාත් මගේ සොහොයුරියගෙත් රැකවරණය මත සාමාන්‍ය පෙළ විභාගය දක්වා උගත් තරුණයෙක්.
ඔහු ව්‍යාපාරයක් කර ගෙන නිහඬ දිවියක් ගත කරද්දී, දිනක එකල මාතර ප්‍රාදේශීය දේශපාලකයෙකු වූ ඩැනි හිත්තටිය මහතාගේ මස්සිනා කෙනෙකු සිය යතුරුපැදියේ ඉදිරිපස ටයරය මධූෂ්ගේ පය මතින් රැගෙන ගියා. එවිට මධුෂ් ඔහුගෙන් ඇසුවෙ “ඔහේගෙන් මට වරදක් වුණා. ඒකට සොරි කියන්නවත් ඔහේට මනුස්සකමක් නැතෙයිද” කියලා විතරයි.
ඩැනී හිත්තැටිය ඒකට උත්තර දුන්නේ, ඒ වන තෙක් සාන්තුවරයෙකු වගේ හිටිය මධූෂ් සොයාගෙන ඇවිත් පහර දීමෙන්. ඩුබායි රටෙහි සිට රහස් පොලීසියේ භාරයට පත් වූ මධූෂ් පුතා වසර එකහමාරක් ඔවුන් යටතේ හිටියා.
ඔහු තමන් සමග දේශපාලන සම්බන්ධතා පැවැත්වූ සියලු දෙනා ගැන හෙළි කළේ “මත්ද්‍රව්‍යවලින් සහ පාතාලයෙන් තොර රටක් බිහිවනු දැකීමට මධූෂ්ටද ඔනෑකමක් තිබූ නිසයි. එත් ඒ හෙළි කිරීමම මධූෂ්ගේ මරණය අභිරහස් ලෙස මෙසේ ඉක්මන් කළා දැයි මට සාධාරණ සැකයක් තිබෙනවා.
තිස් අවුරුදු ත්‍රස්තවාදී යුද්ධයක් කළ කොටි ත්රස්තවාදීන් පුනුරුත්ථාපනය කළා නම්, නොමග ගිය මධූෂ් පුනුරුත්ථාපනය කරන්න රජයට යුතුකමක් තිබුණා. මගේ මධූෂ් පුතා නොමග ගියේ සිරගෙදරදී සහ දේශපාලකයන් ඇසුරු කිරීමෙන්. ඔහු හෙළි කළ දේශපාලන සමබන්ධතා රටේ සියලුම මාධ්‍යය වෙත හෙළි කරන්න කියා මා පොලීසියට අභියෝග කරනවා."
සිය මව මියගිය පසු කුඩා කල සිටම මධූෂ් හදාවඩා ගත් ඔහුගේ මවගේ සොයුරිය අමරාවතී සමරසිංහ මහත්මියද මෙහිදී සිය වේදනාව මාධ්‍ය වෙත පළ කර සිටියාය.
එසේම මහරගම පොලීසියේ නිලධාරීන් මධූෂ්ගේ දේහය එම නිවසට රැගෙන ඒමෙන් පසු විශේෂ පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි.
මාකඳුරේ මධුෂ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (21දා) සවස මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදුකරනු ලැබිණි.
popular news
-
Nandana Thursday, 22 October 2020 10:49 AM
Kudu beemata abbahiunu daruwange dmapiyan ge duka wedanawa oya mama kiyana ekage dukata wadei,kudu salli walin kaapu beepu untath Hena gahanawa.
Reply : 0 1
janahitha Thursday, 22 October 2020 11:26 AM
boralasgamuve miyagaiaya ahinsaka dariviyatath vedi vadi thibune pasupasin namuth madus puthage anugamikayan idiryen sitiye ema vidihatama thama mekath une durapramanaya managnna bari una ahinsaka duvaniya vedi vadila ne hitiye onna okayi thathve umbalath daruvan minibiriyan hadana ayane duka dannava athi mame
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

