saravita-anim2

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

Latest News - timelapse 8636 hours ago

LATEST

46 වන කෝවිඩ් මරණය වාර්තා වෙයි

calendar_today 2020 නොවැ 11 - 22:04 remove_red_eye - 1342  

මෙරට 46 වන කෝවිඩ් මරණය වාර්තා වෙයි. එසේ මියගොස් ඇත්තේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත.

තවත් කොවිඩ් ආසාදිතයින් 316ක් වාර්තා වී ඇත.

Read More

මියගිය පුද්ගලයෙකුගේ සිරුර භූමදානය කිරීම ජීවත්ව සිටින අයගේ ජීවිතයට තර්ජනයක් නම් ආගමික නිර්දේශ පසෙක තබා එම සිරුරු ආදාහනය කළ යුතු බවත් එය බෞද්ධ,ඉස්ලාම් හෝ හින්දු යන ආගමික පදනමින් ප්‍රශ්නයක් කර නොගත යුතු බවත් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී,අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.

Read More

සෞඛ්‍ය අංශ මගින් ගෙන ඇති තීරණය අනුව දුම්රිය ධාවනය පිළිබඳ එම දෙපාර්තමේන්තුවේ, සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ප්‍රදේශයේ කොන්සියුලර් කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මහනුවර පිහි‍ටි ආණ්ඩුකාර කාර්යාලයේදී (11) පැවැත්විණි.

Read More

තවත් කෝවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ආවරණය වන පරිදි අඩු, මධ්‍ය සහ ඉහළ මධ්‍යම ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති රැසක වැඩ එකවර අරඹන ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දෙයි.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින්ට වෙනත් පළාත් සඳහා සංචරණය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

Read More

අම්පාර, පොතුවිල් පිහිටි ඵෙතිහාසික මුහුදු මහා විහාරයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 11 දින එක්විය.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 309 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

Read More

කොළඹ නගරයේ ජනතාවට වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.

Read More

බෝ නොවන රෝගවලින් පෙලෙන්නන් කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

Read More

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව ලබන 13 වන සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වීමටත් එදින විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

Read More

කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 646 දෙනෙක් අද (11) දින සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

දකුණු පළාතෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 173 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොවිඩ්-19 තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

Read More

තවත් කෝවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොළඹ කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 82කට කොරෝනා ආසාදනය වී තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 752 දෙනෙකු අද 11 දින ට වාර්තා වී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

Read More

අක්මිමන පොලිස් බල ප්‍රදේශය තුල පදිංචි පොලිස් නිලධාරින් 04 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 98 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි.

Read More

මෙරට 42 වන කොවිඩ් මරණය වාර්තා වෙයි.

Read More

ගාල්ල මහනගර සභාවේ සියලුම සේවක සේවිකාවන්ගේ පීසීආර් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජෛව සාම්පල ලබාගැනීම අද (11) ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් එම පරිශ්‍රයේදී සිදුකරන ලදී.

Read More

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 31 දෙනකු අද 11 වන විට වාර්තා වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජයසුන්දර මහත්මිය පැවසුවාය

Read More

දකුණු කොරියාව විසින් පරිත්‍යාග කරන ලද රැපීඩ් ඇනටිජන් කට්ටල 30,000 ක් 11/10 දින සවස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .

Read More

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි තවත් රිමාන්ඩ් සැකකරුවන් 23 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව පී.සි.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව එම බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු පැවැසීය .

Read More

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් ගනිමින් තිබූ ශ්‍රී ලංකා යුද හමුදාවට අනුබද්ධිත පෞද්ගලික බස් රථයක්, වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ මැද ඇති ආරක්ෂිත වැටේ ගැටී ඊයේ (10දා) රාත්‍රී සිදුවූ අනතුරකින් එහි රියදුරු බරපතල තුවාල ලබා ඇති අතර බස් රථයට දැඩි හානි සිදුව තිබේ.

Read More

දීපවාලී උත්සව සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරයේ නගර වැසීමට මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා පැවැසීය.

Read More

පසුගිය ඔක්තෝබර් 01දා සිට මාස 6කට ‍නොඅඩු කාලයක් (2021 මාර්තු 31දා දක්වා) එම ණය සහන කාලය දීර්ඝ කරන ලෙස මහ බැංකුව උපදෙස් ලබාදී ඇති අතර, මෙම මස 30දාට පෙර ඒ සඳහා අයදුම් කළ යුතු බවද පෙන්වා දෙයි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ නේවාසිකව සිටි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට හා රෝගීන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ සියල්ල සෘණාත්මක වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඊයේ (11දා) දිනය වනවිට ආසාදිතයින් 4557 දෙනෙකු හදුනාගෙන ඇති අතර පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති සංඛ්‍යාව 57,222 දෙනෙකු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

ගම්පහ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වීම මත ඔහු ප්‍රතිකාර පිණිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.