saravita-anim2

2026 මැයි මස 04 වන සඳුදා

2026 මැයි මස 04 වන සඳුදා

Latest News - timelapse 8607 hours ago

LATEST

එවරස්ට් කඳු මුදුනේ හරිම උස චීනය - නේපාලය එක්ව කියයි

calendar_today 2020 දෙසැ 09 - 07:30 remove_red_eye - 1109  

චීන ජනාධිපති ෂී ජින්පිං සහ නේපාල ජනාධිපති බිදියා දේවි භන්දාරි අඟහරුවාදා ලිපි හුවමාරු කරගනිමින්, කන්දෙහි උස ප්‍රකාශයට පත්කළ අතර, එය පෙර ගණනය කිරීම්වලට වඩා මීටර් 0.86ක් (මීටර් 8848.86ක්) උසය.

මැදපෙරදිග රටවල් 03 ක රැකියා සදහා ගොස් සිටියදී , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 655 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

ඇස්ට්‍රාසෙනෙකා ඉන්කෝපරේෂන්, ෆයිසර්-බයෝඑන්ටෙක්, ජොන්සන් ඇන්ඩ් ජෝන්සන් සහ මොඩෙර්නා වෙතින් මෙම එන්නත් මිලදී ගැනීම සිදුකරන බව දකුණු කොරියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read More

තුන්වැනි අදියර අත්හදා බැලීම් අවසන් වූ වහාම ඉදිරි සති කිහිපය තුළ චීනයේ කොරෝනාවැක් එන්නත එරට වැසියන්ට ලබාදීමට මොරොක්කෝව සැලසුම් කර ඇති අතර, සෙසු එන්නත් නිෂ්පාදකයන් සමගද සාකච්ඡා අරඹා තිබේ.

Read More

ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් යනු කොවිඩ්-19 එන්නත් සංවර්ධනය කිරීම, නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම පහසු කිරීම සහ වේගවත් කිරීම සඳහා එක්සත් ජනපද රජය විසින් ආරම්භ කරන ලද රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයකි.

Read More

එක්සත් ජනපදයේ අවසන් ආසාදන මිලියනය වාර්තා වීමට ගතවී ඇත්තේ දින 5ක් පමණක් වන අතර, එය වසංගතය ආරම්භ වූදා සිට වාර්තා වූ වේගවත්ම ආසාදන අගයයි.

Read More

එලැඹෙන සතියේ 91 වැනි වියට පා තබන මාග්‍රට් ’මැගී’ කීනන්, මේ අනුව බලයලත්, පූර්ණ පරීක්ෂාවක් සිදුකළ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නතක් ලබාගත් ලොව ප්‍රථම පුද්ගලයා බවට පත්විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,553,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

ශ්‍රී ලංකා රජයට අයත් ප්‍රථම සහ විශාලතම සුළං විදුලි බලාගාරය අද (08) මන්නාරමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

Read More

අද දිනයේදී කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් 797 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 230 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයින් බවත් සෙසු 567 දෙනා පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

Read More

මෙරටින් වාර්තා වූ ළාබාලතම කොරෝනා මරණය අද (8) දා රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වූ බව එහි අධ්‍යක්ෂ ජී.විජේසූරිය මහතා පැවසීය.

Read More

පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පොලිස් මහජන සම්බන්ධතා හා පොලිස් මාධ්‍ය කොට්ඨාසයන්හි වැඩබලන අධ්‍යක්ෂ (පාලන) ලෙස පත් කර තිබේ.‍

Read More

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (08) තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් හමුවන කෝවිඞ් ආසාදිතයන්ගෙන් වැඩි දෙනෙක් ඇහැළියගොඩ සහ කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය අද පැවසුවාය.

Read More

අත්තනගල්ල , තිහාරිය ප්‍රදේශවාසීන් අද දින විශේෂ විරෝධතාවයකින් තොරව පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සදහා සෞඛ්‍ය බලධාරීන්ට සාමකාමීව සහාය ලබා දුන් බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .

Read More

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මිය ගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය හඳුන් විජයවර්ධන මහතා විසින් ඩි එන් ඒ පරීක්ෂණ සඳහා එම රැඳවියන්ගේ රුධිර හා කෙස් සාම්පල මෙන්ම ඊට අමතරව සියලුම මෘත ශරීරවල ඡායාරූප හා ඇඟිලි සලකුණු ද ලබා ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසිය .

Read More

මෙරට ජාතික පාසල් සංඛ්‍යාව දහසක් දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

තාවකාලිකව වසා දමා ඇති හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිල මහ විද්‍යාලයේ සිසු සිසුවියන් කිහිප දෙනෙකු සහ අචාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගේ පි.සි.ආර් වාර්තා ලබා ගැනිම මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අද දින එම විදුහලේදි සිදු කෙරිණ.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 454 දෙනෙක් සුවය ලබා අද (08) රෝහල්වලින් පිටත්වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පිළිගැන්වෙයි.

Read More

කඩවත සිට මීරිගම දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ කටයුතු ඉතා මන්දගාමීව සිදුවීමත් එහි ඉලක්ක නිසි ලෙස සපුරාලීමට අපොහොසත් වීමත් පිළිබඳව සිය අප්‍රසාදය පළ කළ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඒ පිළිබඳව වහාම වාර්තාවක් ලබා දෙන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝග කළේය.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් අද 08 අලුතින් ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වීමත් සමඟ මේ දක්වා අකුරණින් වාර්තා වී ඇති මුළු ආසාදිකයින්ගේ සංඛ්‍යාව 108 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

Read More

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලුම පාසල් මෙම සතියේ සිකුරාදා වනතෙක් වසා දැමිමට තින්දුකළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

Read More

මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව (08 පෙරවරු 6.00 වන විට) 684 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විදේශ රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට මුදල් ගෙවා නිරෝධායනය වීම සඳහා මහනුවර නගරය ආශ්‍රිතව පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් සඳහා රජයේ අවසරය හිමිව තිබෙන අතර මේ වන විට එම සංචාරක හෝටල් වල නිරෝධායන සේවා ආරම්භ කොට තිබේ.

Read More

ඩොලර් මිලියන 300ක පළමු අදියරේ ආයෝජනයක් යටතේ හම්බන්තොට වරාය කලාපය තුළ චීනයේ ටයර් නිෂ්පාදන ආයතනයක් වන Shandong Haohua Tire co. Ltd සමාගම විසින් කියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිය සඳහා බදු සහන ලබාදීමට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

12 හැවිරිදි සාමනේර හිමිනමක් විදුලිසැර වැදීම නිසා අපවත්වී ඇති බව බුලත්සිංහල පොලීසිය පවසයි.

Read More

කෑගල්ල පාර, කුරුණෑගල - කොළඹ පාර ඇතුළු සියලූම අතුරු මාර්ගවල හෙට (09) දිනයේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

Read More

මේ වන විට මෘත ශරීර 7ක් හඳුනාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හතරක පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කර තිබෙනවා. එක මෘත ශරීරයක්වත් ආදාහනය කිරීමක් හෝ වැළලීමක් සිදුකර නෑ.

Read More

හිටපු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන්, බැරක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යන අයද පවසා ඇත්තේ කොවිඩ්-19 එන්නත ප්‍රසිද්ධියේ විද ගැනීමට ඔවුන් කැමැත්තෙන් පසුවන බවය. එමගින් එන්නත් ලබාගැනීම කෙරෙහි ජනතාව උනන්දු කරවනු ඇති බව කියැවෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.