චීනයේ ෂැංඩොන් ආයෝජනයට බදු සහන සඳහා කැබිනට් අනුමැතිය
ඩොලර් මිලියන 300ක පළමු අදියරේ ආයෝජනයක් යටතේ හම්බන්තොට වරාය කලාපය තුළ චීනයේ ටයර් නිෂ්පාදන ආයතනයක් වන Shandong Haohua Tire co. Ltd සමාගම විසින් කියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිය සඳහා බදු සහන ලබාදීමට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අපනයන වෙළඳපොළ සඳහා අර්ධ වානේ රේඩියල් ටයර් සහා සම්පූර්ණ වානේ රේඩියල් ටයර් මේ හරහා නිෂ්පාදනය කිරිමට නියමිතය. මාස 36ක කාලයක් තුළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන අතර එම නිශ්පාදනයෙන් අවම වශයෙන් සියය 80ක් අපනයනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමැතියද ලැබී තිබේ.
popular news
-
Kumar Tuesday, 08 December 2020 10:24 PM
As usual all the workers will come from China?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

