saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7788 hours ago

LATEST

අමතර දුම්රිය ගමන් වාර 5ක්

calendar_today 2021 මැයි 13 - 11:30 remove_red_eye - 366  

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දුම්රිය ධාවනය සිමා කෙරුණද අද සිට අමතර දුම්රිය 05ක් ධාවනය සඳහා යෙදවිමට ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර ගෙන තිබේ.

මධ්‍යම පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රා දේශීය ලේකම් කාර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 5/17 දා සිට 6/14 දා තෙක් අත්හිටුවා තිබේ.

Read More

රට තුළ දැඩි සංචරණ සීමා පැනවුව ද ගුවන්තොටුපළ වසා දැමීමේ සුදානමක් තවමත් නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගුවන්තොටුපළ වසා දැමුවහොත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීමට ඇති ඉඩකඩ අහිමිවිය හැකි බැවින් මෙම තීරණය නොගන්නා බව පවසන ඇමතිවරයා අවධාරණය කරන්නේ සෞඛ්‍ය නිර්දේශ අනුව ගුවන්තොටුපළ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවයි.

Read More

අද රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා කාලය තුළ සියලුම කඩ සාප්පු වසා තැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සබරගමුව පළාත තුළ ලියාපදිංචි වි ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරිම අද (13) දින සිට මැයි (31) දින දක්වා (එදිනද ඇතුළුව) අත්හිටුවිමට තිරණය කර ඇත.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 18ක් ඊයේ (12දා) වාර්තා වී තිබේ. මෙම මරණත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 868ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (13) පැය 08ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

අහංගමදී නිවස තුළදි මියගිය සිව්දරු මවකගේ මරණයට හ්තුව කොවිඩ් නිව්මෝනියාව බව ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය බී.ජී.එන්. කරුණාතිලක මහතා පවසයි.

Read More

චීනයෙන් ශ්‍රි ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6න් ඊයේ දිනය වන විට පුද්ගලයන් 150606කට එම එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබේ.

Read More

බ්‍රිතාන්‍ය පර්යේෂකයන් සොයා ගත්තේ පළමු වැනි මාත්‍රාවෙන් පසුව වෙනත් එන්නත් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයන්ට වැඩි අතුරු ආබාධ ඇති බවයි. එහිදී පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් ලබාගත් අයගෙන් 34%කට වැඩි උණ තත්ත්වයක් ඇතුළු අතුරු ආබාධ දැකගන්නට ලැබුණු අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නතින් මාත්‍රා දෙකම ලබාගත් අයට එවැනි උණ තත්ත්වයක් පැවතියේ 10%ක පිරිසකට පමණි.

Read More

‍ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට පැමිණ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ නිවසක රැදී සිටි පුද්ගලයන් 4ක් හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

Read More

ගතවු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ සැකකරුවන් 448ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

බස්නාහිර පළාත් උතරු අපරාධ අංශයේ අත්අඩංගුවේ පසුවූ සැකකරු අද අලුයම් කාලයේදී මීරිගම රේන්දපොල ප්‍ර දේශයට යම්කිසි මෙහෙයුමක් සඳහා රැගෙන ගිය අවස්ථාවේ ඇතිවූ සිද්ධියකදී සැකකරු මියගොස් තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 160,058,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

තවත් ප්‍ර දේශ කිහිපයක් හුදෙකලා කිරීමට හා හුදෙකලා කර තිබූ ප්‍ර දේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලු වාහන වැලිපැන්න අන්තර් හුවමාරුවෙන් පිටතට ධාවනය කරවීමට පොලිසිය කටයුතු කර තිබේ.

Read More

අද (12) තවත් ආසාදිතයින් 957ක් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරගාවලියේ දෙවැනි අදියර ජූලි 30 සිට 2021 අගෝස්තු 22 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක ඇතුලත මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා.

Read More

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ අද දින මධ්‍යස්ථාන දෙකක එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර , එහිදී එන්නත් ලබා ගැනීමට පැමිණ සිටි පිරිසට ප්‍රමාණවත් පරිදි එන්නත් ලැබී නොමැති නිසා , එම කොට්ඨාසයේ එන්නත් ලබා දීම සදහා පැමිණ සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට , එම ජනතාව බැන වදිමින් තර්ජනය කළ බව මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

Read More

ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බැවින් ඉදිරි දින කිහිපයේ දී දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් රෝගීන් සීග්‍රයෙන් වර්ධනය වීමත් සමගින් මුල්ලේරියාව මූලික රෝහලේ ඉදිකළ තාවකාලික කොවිඩ් ප්‍රතිකාර වාට්ටුව අද විවෘත කරනු ලැබීය. මෙම වාට්ටුව ඇඳන් 100කින් සමන්විතය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 1429ක් වාර්තා වී තිබේ. මෙම සියලුම ආසාදන අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී තිබේ.

Read More

අද (12) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි පුද්ගලයින් 1,016ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය නිහාල් ජයතිලක පත් කර තිබෙනවා.

Read More

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කෝවිඩ් 19 රෝගය ආසාදනය වී තිබේ.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන පරීක්ෂකවරු අද (12) දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරතවීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දන කටයුතු අඩපණ වී තිබිණි.

Read More

ඊයේ දිනයේ ද වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒම පිරිස 606 ක්.

Read More

ඔක්තෝබර් 15 ගැසට් නිවේදනය හැර කොවිඩ් රෝගය මැඩ පැවැත්වීම සඳහා නිකුත් කළ සියලුම ගැසට් නිවේදන සියල්ල අවලංගු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වලරයා නිකුත් කළ නව රෙගුලාසි 48 මින් ඉදිරියට ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.