මොනරාගලින් කොවිඩ් රෝගින් හමුවිමේ අඩුවක්
මොනරාගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 රෝගීන් හමුවීම ඊයේ (26) වන විට අඩුවෙමින් පවතින බැව් මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනාය මහතා පැවසීය.
ඉකුත් දෙසතිය තුළ දිනකට රෝගීන් පනහකට වැඩි ප්‍රමාණයක් හමුවූවත් එම තත්වය කෙමෙන් අඩුවී 26 වෙනිදා වන විට හමුවෙන රෝගීන්ගේ සංඛ්‍යාව 23 දක්වා අඩුවී තිබේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් රෝගීන් හමුවී ඇති සංඛ්‍යාව මෙසේය.
මොනරාගල 10,මැදගම 04,බුත්තල 03,මඩුල්ල 03,බඩල්කුඹුර 02,බිබිල 01මේ වන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති සමස්ත කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 2,318 කි.
දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයින් 1,677 දෙනෙකු නිරෝධායනය වෙමින් පසුවේ.
නිරෝධායනය වන පවුල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශය පරිදි රුපියල් දසදහසක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් ලබාදීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදුකරන බව මොනරාගල අතිරේක දිසාපති චන්දන ලොකුහේවගේ මහතා පැවසීය.
මොනරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
