saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7179 hours ago

LATEST

15 වැනි වරටත් ලංකාවේ ජනප්‍රියම පුවත්පත ලංකාදීපයි

calendar_today 2021 මාර් 23 - 23:44 remove_red_eye - 506  

වසරේ ජනප්‍රියතම ජාතික පුවත්පත ලෙස ලංකාදීප පුවත්පත ‘15‘ වැනි වරට ස්ලීම් නිල්සන් මහජන සම්මානය අද (23) දිනාගත්තේය.

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 119ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 23ක් ලෙස ආසාදිතයන් 142ක් වාර්තා වී තිබේ.

Read More

“මේ රටේ පොදු ජනතාවට අවංකව වැඩි කිරිමට ඉදිරිපත් වීමෙන් අප බොහෝ දේ අහිමි කරගෙන ඇත්තෙමු. මෑතකදී විවිධ සමාජ ගැටලු කිහිපයක් පිළිබඳව හඩ නැගීම නිසා මාගේ හොරගොල්ල නිවස පවා අභිරහස් ලෙස හොරු බිඳනු ලැබීය මාගේ පියා සැමියා පමණක් නොව මාගේ ඇසක් අහිමි කරගත් පරිදි මාගේ එකමු පුතාද අහිිමි කර ගැනීමේ අවශ්‍යතාවක් මට නොමැත”

Read More

මෙරටින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වි තිබේ.

Read More

ශ්‍රී ලංකා ජනතාවගේ කැමැත්ත ද නොසලකා හරිමින්, මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ සංවර්ධනයේ යහපත් තත්ත්වය අඩපණ කරති.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනාට පිටු ලක්‍ෂ 11 කින් යුත් ලේඛණ තොගයක් නීතීපතිවරයා විසින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (23දා) බාර දෙන ලදී.

Read More

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට (24) පෙරවරු 08.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 142ක් හඳුනාගෙන ඇත. ඒ අනුව,කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 90,656ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ත්‍රිකුණාමලය, නිලාවේලි පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමීමට වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

සපුගස්කන්ද පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් 40 කට ආසන්න හොරෙයින් මත්කුඩු සමග අද (23දා) වැලිසර ළය රෝහලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාස කියයි.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ලැබී තිබේ. එයට විරුද්ධව ඡන්ද 11ක් ලැබී ඇති අතර රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

Read More

අද (23) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි පුද්ගලයින් 248 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Read More

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර , කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික තරුණයකු අද දින අලුයම කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දියගම තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට දියගම රාජ්‍ය බැංකුවක ඒ ටි එම් යන්ත්‍රයක් ඉදිරිපිට දී පහරදුන් බව කියන පුද්ගලයන් තිදෙනෙක් සි සි ටි වි දර්ශන ඔස්සේ හඳුනාගෙන අද 23 අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි .

Read More

කොළඹ හා මහනුවර නගර බල සීමා හැරුණු කොට අප රටේ සෙසු ප්‍රදේශ සියල්ලම වායු දූෂණයෙන් අවම මට්ටමක පවතී. එහෙත් කොළඹ හා මහනුවර නගර ආශ්‍රිතව පවතින වායු දූෂණ මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කර ඇති නිර්දේශිත මට්ටම පවා ඉක්මවා ගොස් ඇති බවට හෙළි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

පාස්කු කොමිෂන් සභා වාර්තා අධ්‍යනය සඳහා පත්කළ කමිටු වාර්තාව ඉදිරි සති දෙක ඇතුළත භාර දීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

අපනයන සීමා කර ඇති , මෝර වරල් තොගයක් බලපත්‍ර නොමැතිව හොංකොං වෙත නීතිවිරෝධී ලෙස අපනයනය සදහා කොළඹ වරායේ රේගු අපනයන පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය වෙත ගෙනැවිත් තිබියදී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව , සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ දින රාත්‍රී අත් අඩංගුවට ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසීය .

Read More

විපක්ෂය සංවිධානාත්මකව වන විනාශයක් ගැන කියමින් රජයට චෝදනා කොට රටේ ජනමතය වෙනස් කිරීමට උත්සාහ කරන බවත් එමගින් ආණ්ඩුවට එරෙහිව ජනමතයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ උපක්‍රමය වී ඇති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Read More

යාපනය නල්ලූර් කෝවිල අසළ පවත්වාගෙන ගිය සත්‍යග්‍රහ මණ්ඩපයක් යාපනය මහනගර සභාව විසින් ඉවත් කිරීමේ නියෝගයක් ප්‍රකාශයට පත්කිරීමත් සමග සත්‍යග්‍රහයේ නිරත වූවන් හා මහනගරසභා නියෝජිතයින් අතර ඇති වූ උණුසුම් තත්වයක් පොලීසියේ මැදහත් වීමෙන් පාලනය කරන ලදි.

Read More

කොවිඩ් දෙවන රැල්ලේ අද (23) උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17,757 දෙනෙකු හමුව ඇති බවත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ආසාදිතයින් 521 දෙනෙකු වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

වැසි සමය පටන් අරන් කඩින්කඩ ඇදහැළෙන මහ වැස්සත් සමග නැවතත් තැන් තැන්වල වතුර එකතු වෙයි. වැහිපිහිලි, ඉවතලන යෝගට් කෝප්ප, හිස් ටින්, පොල්කටු, ඉටිකොළ, පරණ ටයර් වැනි බඳුන්වල එකතු වෙන වතුරේ ඩෙංගු මදුරුවන් බිත්තර දමයි. ආයෙමත් මදුරු ගහණය වැඩි වී ඩෙංගු රෝගය හිස ඔසවයි.

Read More

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කිලෝ කොට්ටාව සහ අතුරුගිරිය අතර දී වෑන් රථයක් ඊයේ ( 22දා) රාත්‍රී ගිනි ගෙන විනාශ වූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි.

Read More

කොළඹ හදිසි ඇමතුම් අංශයේ නිලධාරීන් පාර්ලිමේන්තු මාර්ගයේ වාහන පරීක්ෂා කරමින් සිටින විට බත්තරමුල්ල සිට බොරැල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් එම නිලධාරීන් යටකර ගමන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

බද්දේගම තිඹිල්ල රක්ෂිතය එළි පෙහෙළි කිරීම හා දැව කපා දැමීම සම්බන්ධයෙන් බද්දේගම ප්‍රා දේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ඉතාලියේදි තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් කොවිඩ් 19 උත්සන්න වී ඊයේ (22දා) මියගොස් තිබේ.

Read More

මගී ගුවන් යානා 21 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,260 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දීමට කටුනායක ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ පියවර ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

බදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල ඇතුළු ප්‍රදේශවල මාර්ග ඉතා පටු සහ ප්‍රපාත සහිතව පැවතීමෙන් මාර්ග අනතුරු සිදුවීම බහුලව දක්නට ලැබේ. පසුගියදා මිනිස් ජීවිත 14ක් බිලිගමින් තවත් පිරිසකට තුවාල සිදුකරමින් පස්සර සිදුවූ බස් අනතුර මෑත කාලයේදී සිදුවුණු භයානක අනතුරක් ලෙස සැලකිය හැකිය. එවැනි අනතුරුවලදී උපකාර කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන කණ්ඩායමක් අපට හමුවිය.

Read More

තම රුසියානු සගයා ඝාතකයෙකු බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සම්මුඛ සාකච්ඡාවකට එක්ව පැවසීමෙන් පසුව පසුගිය බ්‍රහස්පතින්දා රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් බයිඩන්ට සජීව මාර්ගගත සාකච්ඡාවකට ආරාධනා කළේ අභියෝගයක් ලෙසිනි.

Read More

ගිනිකොනදිග ඕස්ට්‍රේලියාවේ ඇති වූ දැඩි ගංවතුර හේතුවෙන් ඇතැම් සත්ත්ව ප්‍රජාවන් ඉහළ භූමි කරා ඇදී යාමත් සමග, මිනිසුන් ඉවත්වී සිටින නිවාස හා ඉඩම් වෙත විශාල වශයෙන් මකුළුවන් සහ සර්පයන් පැමිණෙමින් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Read More

එමෙන්ම ලොව ඉහළම ජනගහනයක් සිටින රට ලෙස එන්නත්කරණය වේගවත් කිරීම හරහා 2022 මුල් භාගය වනවිට චීනයට කොවිඩ්-19 වෛරස වසංගතයට එරෙහිව ප්‍රජා ප්‍රතිශක්තිය ලබාගත හැකි බව චීන සෞඛ්‍ය විශේෂඥයන් විශ්වාසය පළ කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.