ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත තත්ත්වය
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 465 දෙනෙකු හමුව ඇති අතර 76 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම කැලණිය කොට්ඨාසයෙන් - 68 ක්, ජාඇල - 44 ක්, අත්තනගල්ල - 42 ක්, මිනුවන්ගොඩ සහ මීරිගම කොට්ඨාසයන්ගෙන් - 39 දෙනෙකු බැගින්, දොම්පෙ - 30 ක්, දිවුලපිටිය සහ මහර කොට්ඨාසයන්ගෙන් - 24 ක්, ගම්පහ - 21 ක්, සීදූව සහ වත්තල - 16 බැගින්, රාගම - 11 ක් , මීගමුව - 7 ක් සහ කටාන - 8 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 41 දෙනෙකු ගතවූ පැය 24 තුල හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායක - 23 ක්, බියගම - 14 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් සිව් දෙනෙකු වශයෙන් බව සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
එම කාලය තුල ආසාදිතයින් 363 දෙනෙකු ප්‍රතිකාර පිනිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 15,012 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
ගම්පහ තිලකරත්න දිසානායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
