මාධ්‍යයේ යන්නේ අපි නොකරන වැඩ
සමජ මාධ්‍ය ජාලා වත්මන් ආණ්ඩුව කරන සංවර්ධනය සම්බන්ධයෙන් වාරතා නොකරන බවත් විකෘති ප්රවෘත්ති පළවන බවත් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවැසීය.
මාධ්‍ය තුළ රජය කරන වැඩ වෙනුවට පළවන්නේ රජය නොකරන වැඩ යැයිද ඔහු පැවැසීය.
"සමාජ ජාලා වලින් අපි කරන වැඩ කියන්නේ නෑ. පසුගිය අවුරුදු පහටම හදපු ගෙවල් 450 වෙනුවට මේ වනවිට ගෙවල් 20,000 හදන්න පටන් අරගෙන තියෙනවා කියලා සමාජ ජාලා වලින් කියන්නේ නෑ.
ලංකාව පුරා තියෙන නගර සංවර්ධනය වෙනවා කියලා සමාජ ජාලා වලින් කියන්නේ නෑ.වෙරල අපවිත්‍ර වෙලා තියෙද්දී සුමාන තුනකින් සම්පුර්ණයෙන් ශුද්ධ කලා කියලා සමාජ ජාලා වලින් කියන්නේ නෑ.
සමාජ ජාලා වලින් කියන්නේ මොකක් හරි නරක දෙයක් විතරයි.ඒකත් හැම තිස්සේම විකෘති කරපු ප්‍රවෘත්තියක් යන්නේ.මොනවා හරි දෙයක් කියනකොට එකේ මුලාශ්‍රය ඇතිව කියන්න ඕනා වෙන රටවල නම් පුංචි ළමයි පවා මේක දන්නවා.
අපේ රටේ එහෙම නෑ.මම ඉල්ලා සිටිනවා අපේ රටේ බුද්ධිමත් ජනතාවගෙන් හැම දෙයක් ගැනම හොයලා බලන්න කවුරු හරි දේශපාලන හේතුවක් මත නැත්නම් වෙෙර සිතුවිල්ලෙන් මොනවාහරි ප්‍රවෘත්තියක් දාපු පමණින් ඒක විශ්වාස කරන්න එපා.
මේ රටේ මොනතරම් විශාල සංවර්ධනයක් වෙනවද කියලා කිසිම මාධ්‍යයකින් කියන්නේ නෑ. නමුත් අවාසනාවකට වගේ මාධ්‍යයෙන් කියන්නේ අපි කරන වැඩ නෙමෙයි අපි නොකරන වැඩ."
අලව්ව සතිපොළ සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
අලව්ව ශ්‍යාමා

popular news
-
Nandana Tuesday, 22 June 2021 02:56 PM
Ithin oya maddyata viruddawa nadu dannako?ai baya?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

