saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7182 hours ago

LATEST

පූටින් කොවිඩ්-19 එන්නත අද ලබාගන්නා බව කියයි

calendar_today 2021 මාර් 23 - 08:14 remove_red_eye - 414  

මේ අතර චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොවිඩ්-19 මර්දන එන්නතෙහි පළමු මාත්‍රාව බ්‍රසීලයේ හිටපු ජනාධිපති දිල්මා රූසෙෆ් ඊයේ (22දා) ලබාගෙන තිබේ.

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිත අතර අද සිට ලබන 26 වනදා දක්වා දින 04 ක් සභා රැස්වීම පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

Read More

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

Read More

ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 මර්දන එන්නත මගින් රෝග ලක්ෂණවලට එරෙහිව 79%ක කාර්යක්ෂමතාවයක් සහ දරුණු රෝග හා රෝහල් ගතවීම්වලට එරෙහිව 100%ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බව එක්සත් ජනපදය පදනම් කරගත් මෙම නව සායනික පරීක්ෂණය පෙන්වා දී තිබේ.

Read More

එන්නත තුන්වැනි අදියර පරීක්ෂණයට භාජනය කිරීමෙන් පසුව හංගේරියානු ජාතික ඖෂධ හා පෝෂණ ආයතනය ගත් තීරණයකට අනුව කැන්සිනෝ එන්නත මෙසේ අනුමත කෙරී ඇත. මේ වනවිටත් චීනය, පාකිස්තානය සහ මෙක්සිකෝව යන රටවලදී මෙම එන්නත් මාත්‍රා ලබාදීම ආරම්භ කර තිබේ.

Read More

බෝල්ඩර් පොලිස් දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරී කෙරී යමගුචි පැවසුවේ එක් සැකකරුවෙකු අත්අඩංගුවේ පසුවන නමුත් ඔහු එකම වෙඩික්කරුවා දැයි තවමත් විමර්ශනය කරමින් සිටින බවයි. බලධාරීන් පවසන්නේ සැකකරුටද වෙඩි වැදී ඇති නිසා ඔහු තුවාල සඳහා ප්‍රතිකාර ලබන බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 123,622,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත‍්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීමට චෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව අපේ‍්‍රල් 30 වැනිදා කැදවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා අද (22) නියම කළේය.

Read More

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 99 දෙනෙකු වාර්තා වි තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 551ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ගම්පහ උද්භිද උද්‍යානය , පේරාදෙණිය උද්‍යානයට සමාන වන අයුරින් දෙවසරක් තුල දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වන සේ සංවර්ධනය කිරීමට සංචාරක අමාත්‍යාංශය සැලසුම් කොට ඇත.

Read More

මාධ්‍යවේදියෙකු පැහැරගෙන ගොස් වධහිංසා දුන්නැයි සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හා ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පැය 4කට අධික ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

Read More

මෙවැනි මෝෂන් පත‍්‍ර බාර නොගැනීමට පුර්වාදර්ශ ඇතැයි සඳහන් කරමින් කළ මෝසම ප‍්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට ඇත.

Read More

අද (22දා) අලුයම අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක උත්තරීතර අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන කටයුතු ජනාධිපති, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා අග්‍රාමාත්‍ය කාර්යාලයේද උපදෙස් පරිදි පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මාර්තු 25 වන දින බ්‍රහස්පතින්දා ප.ව.4.00 ට කොළඔ නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිත බව කොළඹ මහ දිසාපති ප්‍රදීප් ප්‍රියංකර යසරත්න මහතා පැවසීය.

Read More

ගාල්ල නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට මියගොස් සිටිය දී කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙනආ පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බව අද (22) ලැබුණු පීසීආර් පරීක්ෂණයේ ප්‍රථිපල මගින් තහවුරු වී තිබේ.

Read More

අද (22) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 175ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මෙරට සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්‍රකර සංරක්ෂණයට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිසර අමාත්‍යාංශයට උපදෙස් දෙයි.

Read More

තවත් ආසාදිතයින් 299ක් දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනු​ව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 87,000 ඉක්මවා ගොස් ති​​​බේ.

Read More

කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මැදගම සිට පුබ්බාර මාර්ගය හරහා මොනරාගලට එමින් සිටියදී ජීප්රථය පුබ්බාර පන්සල අසල මාර්ගය හරහා ගලායන මන්දපංගුව ඔයේ ඇති සපත්තු පාලමක් හරහා එගොඩට යාමේදී ජීප්රථය ජල පහරට හසුවී ඔයට වැටී ඇත.

Read More

කලා විෂය ධාරව යටතේ අධ්‍යාපනයට නැඹූරුවීමේ ප්‍රවණතාව සහ කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විමසා බැලීමේ විශේෂ විගණන වාර්තාව හෙට (23) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) සලකා බැලේ.

Read More

තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,000ක් බවට ප්‍රකාශයට පත්කරමින් රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කිරීමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

Read More

මාර්තු 23 වන දින රේගු ආඥා පනතේ 10 වන වගන්තිය යටතේ ආනයන තීරුබදු සම්බන්ධව වන යෝජනාවක්, ආනයන හා අපනයන පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවනු ලැබූ රෙගුලාසි 2ක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝගයක්ද විවාදයට ගනු ලබන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

පස්සර බඩල්කුඹුර මාර්ගයේ තොළබෝවත්ත ප්‍රදේශයේදී අද (22දා) සවස සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රොහල් ගත කල බව පොලීසිය කියයි.

Read More

ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබා ගැනීම සඳහා දින වෙන් කර ගැනිමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

මීට පෙර පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවනු ලැබූ අතර, නැවත කෝප් කමිටුව හමුවට පැමිණිමට මාසයක කාලයක් ලබා දෙන බව දන්වන ලදී.

Read More

කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ උඩුතුරෙයි ප්‍රදේශයෙන් රුපියල් කොටි 05 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 239 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අද (22) අලුයම අත්අඩංගුවට ගත් බවට පලෙයි පොලීසිය පැවසීය.

Read More

සපුගස්කන්ද විදුලි උප-පොළෙහි හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (23) උදෑසන 9 සිට ගම්පහ ප්‍රදේශයේ පැය 6ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

රියර් අද්මිරාල් රුවන් පෙරේරා 2021 මාර්තු 21 දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කර තිබේ. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එම පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් රුවන් පෙරේරා වෙත නිල වශයෙන් භාරදෙන ලදී. සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම පත්කිරීම සිදුකර තිබේ

Read More

2024 වසරේ ජනාධිපතිවරණයට තරග කිරිම සඳහා තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරිම සඳහා පක්ෂය මේ වන විට රටේ ජනතාව දැනුවත් කර පෙලගස්සවමින් සිටින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජයසිරි මහතා පැවැසීය.

Read More

ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ මෙහෙයුමක දී ඊයේ (21) දිනයේ ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු වැලිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.